හංවඩු ගැහිල්ල හෙවත් පච්ච කලාව 3 - වෙනතක ගමන් අරඹන ටැටූ ජනප‍්‍රිය මාවතක
වත්මනේ දී ජනප‍්‍රිය වෙන ටැටූ වෙනතක ගමන්අරඹන්නේ හුදෙක් ආසාවන් මතම නොව වටපිටාව මත ඇති කරන බලපෑම හේතුවෙන් දැයි කුහුලක් මතුවන අවස්ථා ඇත. මෙලෙස ප‍්‍රබලව පැතිර යන ටැටූ කලාව වත්මනේ නව ආරකින් ගමන් අරඹා ඇත්තේ ජනප‍්‍රිය සංස්කෘතිය මත ගමන් කරන නිසාවෙනි. මෙහි දී මුල් කාලීනව ඇසට හුරු පුරුදු රටාවන් ටැටූ බවට පත් කරගනු ලැබූ අතර වත්මනේ දී බොහෝ සංදිස්ථාන පසු කර ආ ගමන් මග තුල වෙනමම සමාජ සිමාවන් මත වෙන් වූ අංග ටැටූ ලෙස යොදා ගෙන ඇතිබව පෙනේ. මන්ද ආගම ඒ අතර ප‍්‍රබල තැනක් හිමි කරගන්නේ එබැවිනි.
ටැටූ කලාව පිළිබඳ 2011 දී ක්ලිනිකල් රිසර්ච් ආයතනය මගින් කරන ලද සමීක්ෂණයේ දී තහවුරු වූයේ මෙලෙසින් ටැටූ වෙත යොමු වන්නන්ගෙන් 60% ක් එය තමන්ගේ පුද්ගලික කාරණාවන් හා තම දිවියේ සිදු වූ අප‍්‍රසන්න සිදුවීම් අරඹයා පෙළඹ ඇතිබවය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව පුරුෂ පක්ෂය තුල ප‍්‍රබලව ජනප‍්‍රිය වූ ටැටූ 1960 දී කාන්තාවන්ගේ නැඹුරුවද ආරම්භ වූහ. 1970 දී මෙය ලොව පුරා ව්‍යෘප්තව යන්නක් බවට පත් වූයේ නිසඟයෙන්මය.
නූතන සමාජය පුරාවටම මනා කොට පැතිර ඇති ටැටූ කලාව සමාජය පුරා වෙනත් මගක යොමු වනු ඇත. මන්ද නූතන මාධ්‍ය පැවති සමය පුරාවට මෙම කලාව ජනප‍්‍රිය වූයේ ආගම , සංස්කෘතික අංග වල ලාක්ෂණික සංරචක මතයි.එසේම මනා කොට භාෂාමය සංකේත යොදා ගත් බව පෙනේ.
ටැටූ ජනප‍්‍රිය වීමට හේතු
බටහිර රටවල පුරුෂ පක්ෂය හා ස්ත‍්‍රියට සමාන සමාජ පසුබිමක් සැකසී තිබීම
පුද්ගල බද්ධ නිදහස
කලාවක් ලෙස ලද ප‍්‍රසිද්ධ බව
ආකර්ශණිය කලාත්මක බව
සමාජ ආකර්ෂණය සහිත පුද්ගලයින් අනුගමනය
ගෝලීයකරණය
නාගරීකරණය
මේ ආදී නොයෙක් කරුණු හේතු කොට ගෙන රැල්ලක්ව පැවතීමට මෙම කලාවට හැකි වූහ. වත්මන එය වෙනස්ව ඇත.මෙය ජනප‍්‍රීය වන සමාජමය අංග උපාංග කිහිපයක් ඇත.
ආගම හා ආගමික සංකේත හා දේව සංකල්ප
සත්ත්ව රූප
භාෂාත්මක සංකේත
හැඩතල සමග සැකසුණු රටාවන්
සංස්කෘතික අංග
නර්තන කලාවන්
කල්පිත රටා
සංගීතය
ආගම හා ආගමික සංකේත දේව සංකල්ප
ආගම තුල මනා වූ කලාවන් රාශියක් දක්නට ඇති ආවේණික රටාවන් මෙන්ම සෞන්දර්යාත්මක අංග වෙති. නමුත් නූතනයේ එය යොදා ගන්නා ආකාරය මත සමාජ කතිකාව අතිශය ශෝකාන්තයක්ව ඇත. නමුත් එය වඩ වඩාත් ජනප‍්‍රියව ඇති වූ රැල්ලක් ලෙස ව්‍යාප්ත වන්නේ බටහිර රටවලය. එහිදී වඩාත් යොමුව ඇත්තේ බුදුදහම සහ හින්දු දහම වෙතයි. තවද කතෝලික දහම ද බොහෝ බටහිර රටවල ජනප‍්‍රියව ඇත.
මෙහි දී ආගමානුකූල සලකුණු මත ජනප‍්‍රිය වන ටැටූ කලාව වඩාත් ප‍්‍රබල ලෙස ජනතාවඅතරට යන්නේ නව ප‍්‍රවණතාවක් ගොඩ නංවාලමිනි. මෙහි ප‍්‍රබල වශයෙන් හින්දු ආගමෙහි සංකේත ශබ්දය වන ́ඕ0 කාරයයි. ආගමක ශාස්තෘවරුන් මෙන්ම ආගමට දක්වන ලැදියාවට ඒවා ටැටූ ලෙස යොදා ගැනීමට ජනප‍්‍රිය සංස්කෘතිය මෙහිදී යොමුව ඇත.මෙයින් නවතම ජනප‍්‍රිය අංගයක් බවට ආගම පත්ව ඇති බව පෙන්වා දිය හැකිය.
සතත්ව රූප හා කල්පිත සත්ත්ව රූප
සත්ත්ව රූප හා කල්පිත සත්ත්ව රූප මත වඩා ප‍්‍රබල ජනප‍්‍රියත්වයක් ගොඩ නංවා ගැනීමට හැකියාවක් උදාවන වත්මනක් ගොඩ නැගී ඇත. මන්ද ස්ත‍්‍රී පුරුෂ දෙපකෂයම එම ජනප‍්‍රියත්වය කරා ඇදී ගොස් ඇති නිසාය. මකරා යන මනඃකල්පිත සත්ත්වයා නවතම රැල්ලක් බවට පත්ව ජනප‍්‍රිය වූ බව පෙන්වා දිය හැකි
සාධක බොහෝය.
මුල් කාලීනව වඩාත් ප‍්‍රසිද්ධව පෙළඹුන කලාත්මක අංගයක් බව මකරා සංකේතවත් කල හැකිය. තායිලන්තය වැනි රට වලදී ඇතා හට හිමි වන්නේ ජපානය තුල මකරාට හිමි වන තරමටම ප්‍රබල ස්ථානයකි. මෙයින් පසු අනෙකුත් සත්ත්වයින් ද ජනප‍්‍රියතම අංගයක් ලෙස ව්‍යාප්ත වූහ.
භාෂාත්මක සංකේත , හැඩතල සමග සැකසුණු රටාවන් ,
සංස්කෘතික අංග , නර්තන කලාවන් , කල්පිත රටා , සංගීතය ආදී නෙක විධ අංගයන් මත ප‍්‍රකට කල ජනප‍්‍රිය සංස්කෘතිය වෙනතක යාමට උත්සහයක්ඇති කරන ලද්දේ නොසිතූ අයුරකිනි.
ජනප‍්‍රිය සංස්කෘතිය
ජනප‍්‍රිය සංස්කෘතිය යනු ජනයාට ප‍්‍රිය වූ සහ ජනයා සමග වැඩෙන යන අරුත් දෙන ලෝකයා විසින්බෙදා ගත් ක‍්‍රියාදාමයක් සහ විශ්වාස සමුහයක් මත වාණිජමය නිෂ්පාදනයක් හා බැදෙමින්ජනමාධ්‍ය මගින් සමාජ ගත කරන භාණ්ඩ , සේවා හා ඒ හා බැඳුණු චර්යාවන් එක් වීමෙන් සෑදුනු සමාජ සංස්කෘතික ස්වරූපයකි. එක් අතකින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් ද තවත් අතකින්ජනමාධ්‍ය ද තවත් පැත්තකින් පාරිභෝගික ජනතාව ද එක්වීමෙන් සෑදුනු ක‍්‍රියාවලියකි. එසේම බහුජන සංස්කෘතිය උපරිම තලය ජනප‍්‍රිය සංස්කෘතිය යි. සන්නිවේදන තාක්ෂණය හා සබැඳි සංස්කෘතියක්වන මෙහි නිර්මාණයට වඩා නිෂ්පාදනයක් උදෙසා වැඩි ඉඩ කඩක් හිමිව ඇත. ජනප‍්‍රිය සංස්කෘතිය අතිරික්තයක් සහිත නිසාවෙන් පහසුවෙන් පරිභෝජනය කළ හැකි ය. මාධ්‍ය වෙළද පොළේ ක‍්‍රියාකාරිත්වය ක‍්‍රියාත්මක වන්නේ ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන් අතර ගණුදෙනුව සක‍්‍රීය කරීම සදහාය.
14 හා සියවස් වලදී පුරාණ ග‍්‍රීසියේ පුනරුද සමයේ දී මෙම සංකල්පය පැවතී ඇති අතර 19 වන සියවසේ සිට යුරෝපීය රටවල් වලද මෙය ප‍්‍රචලිත වූහ. එමෙන්ම මෙම සංකල්පය ඔස්සේ විවිධාකාර නිර්වචන හා මතවාද ගොඩ නැගී ඇත. එහිදී මහාචාර්ය විමල් දිසානායකයන් දක්වනුයේ ජනප‍්‍රිය සංස්කෘතිය යනු මතවාදී ආයෝජන භූමියකි.
අරුත් ජනනය කරන මේ සරු බිමෙහි වඩා ක‍්‍රියාකාරී ස්වභාවයක් උසුලන්නේත් වඩා වැදගත් වන්නේත් පුද්ගලාය.
යන්නයි. ජනප‍්‍රිය සංස්කෘතිය යන යෙදුම 19 වන සියවසේ හෝ ඊට පෙරාතුව බිහිව ඇත. සාම්ප‍්‍රදායිකව ජනප‍්‍රිය සංස්කෘතිය දුර්වල අධ්‍යාපනය හා පහළ පංති වලටද බැඳී තිබුණි. ජනප‍්‍රිය සංස්කෘතිය හෝ පොප් සංස්කෘතිය යනු 20 වන ශත වර්ෂයේ මැද භාගයේ සිට මැද භාගයේ සහ 20 වන සියවසේ නැඟී එන ගෝලීය ප‍්‍රධාන ප‍්‍රවාහයට අයත් සංස්කෘතියේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ ප‍්‍රධාන ආකල්ප, අදහස්, රූප, දෘෂ්ටිකෝණය සහ අනෙකුත් සංසිද්දීන් . මෙම අදහස් එකතුව සමාජයේ එදිනෙදා ජීවිතයට බලපෑම් කරයි.
සාමාන්‍යයෙන් ජනප‍්‍රිය පොප් සංස්කෘතික කාණ්ඩ: විනෝදාස්වාදය (චිත‍්‍රපට, සංගීතය, රූපවාහිනී සහ වීඩියෝ ක‍්‍රීඩා*, ක‍්‍රීඩා, ප‍්‍රවෘත්ති (ප‍්‍රවෘත්ති වල / ස්ථානවල දී*, දේශපාලනය, විලාසිතා / ඇඳුම්, තාක්ෂණය සහ ආදිය. ජනප‍්‍රිය සංස්කෘතිය යම් යම් මාතෘකා සඳහා පුද්ගලයන් ආකල්ප වලට බලපෑම් කිරීමේ ක‍්‍රමයක් ඇත.ජනප‍්‍රිය සංස්කෘතියට විවිධ අංග ඇතුළත් වේ. කුමන හෝ නව අංගයක්ඇතුළත් කර ගැනීමට ඕනෑම අවස්ථාවක ඉඩකඩ ඇත. ව්‍යාපාරයන්ගේ අභිමතය පරිදි මාධ්‍ය වෙළද පොළට නව අංග ඇතුළත් කිරීම් කාර්යය ඉටු කරනුයේ බහුජන මාධ්‍ය කරුවන් විසින් ය.
බහුජන සංස්කෘතියේ සෑම අංගයක්ම නිර්මාණය වී ඇත්තේ , පාරිභෝගික ජනයා හසු කර ගැනිමේ පරමාර්ථයෙන් ය. බහුජන සංස්කෘතියේ විවිධ අංග තේරුම් ගැනීම පවා පාරිභෝගික ජනයාට අපහසු ය. මෙහි විවිධ අංග ව්‍යාපාරිකයන් හා බහු ජන මාධ්‍ය විසින් නිර්මාණය කරන අතර පාරිභෝගික ජනයා ඒවා භාර ගනී. ජනප‍්‍රිය සංස්කෘතියේ ක‍්‍රියාකාරීත්වය පාර්ශව කරුවෝ ය. ජනප‍්‍රිය සංස්කෘතිය අන්‍යෝන්‍ය ක‍්‍රියාකාරිත්වයකින් යුක්ත අතර නව භාණ්ඩ හා සේවා ව්‍යාපාරිකයින්විසින් නිපදවන අතර ඒවා ජනප‍්‍රිය සංස්කෘතියේ කොටස් කරුවන් හමාර ය. ජනප‍්‍රිය සංස්කෘතිය පවත්වාගෙන යන්නේ පාරිභෝගික ජනතාවය. මෙහි දී වාසි ලබන්නේ ව්‍යාපාරිකයන් හා බහුජන මාධ්‍ය විසිනි. ජනප‍්‍රිය සංස්කෘතිය කාලීනව විවිධ හැඩ රුව ගැන්වීම බහු ජන මාධ්‍ය විසින් කරනු ලැබේ.
ජනප‍්‍රිය සංස්කෘතිය සමස්ත සමාජයේ ම චර්යාවන්ගේ කෙරෙහි බලපානු ලබන අතර යම් සමාජයක ජනයාගේ ආර්ථික පැවතුම් කෙරහි දැඩිව බලපායි. මෙමගින් ජනයාගේ ප‍්‍රමුඛ අපේක්ෂකයන් යටපත්කර ඔවුන් නිස්සාර හා හිස් අපේක්ෂාවන් කරා යොමු කරයි. ජනප‍්‍රිය සංස්කෘතියේ පවත්නා ආකර්ෂණීය බව හා සුන්දර බව නිසා පාරිභෝගික ජනතාවට තමන් ජනප‍්‍රිය සංස්කෘතිය තුළ ගොදුරක් වී සිටින් බව නොතේරෙයි . ජනප‍්‍රිය යන වචනවල සමහර අවස්ථාවලදී එකිනෙකට හුවමාරු විය හැකි අතර ඒවායෙන් අර්ථය අඩුවෙන ඇසෙන අතර, ”පොප්” යන වචනය පටු වේ. ජනප‍්‍රියත්වය යනු ජනයාට ප‍්‍රිය වූ යන්නයි. ජෝන් ස්ටෝඩි අනුව, ජනප‍්‍රිය සංස්කෘතියේ නිර්වචන හයක් පවතී.
සංස්කෘතියේ ප‍්‍රමාණාත්මක අර්ථකථනය බොහෝ ”ඉහළ සංස්කෘතිය” (උදා., ජේන් ඔස්ටේන්හි රූපවාහිනී නාට්‍යකරණය* ”ජනප‍්‍රිය” ද යන ප‍්‍රශ්නයයි. ”පොප් සංස්කෘතිය” යනු සංස්කෘතිය යනු කුමක්ද යන්නෙන් තීරණය කළ විට ”ඉතිරි” සංස්කෘතිය ලෙස අර්ථ දැක්වේ. කෙසේ වෙතත්, බොහෝ වැඩ කටයුතු සීමාවන්ට,
උදා., විලියම් ෂේක්ස්පියර් හා චාල්ස් ඩිකන්ස් තෙවන අර්ථ දැක්වීම ”මහා
සංස්කෘතිය” හා අදහස් සමග පොප් සංස්කෘතිය සමාන කරයි.
ජනමාධ්‍ය විසින් ස්කන්ධයෙන්පරිභෝජනය සඳහා මහා ජන සංගණනයක් ලෙස සලකනු ලැබේ. බටහිර යුරෝපයී ඉදිරි දර්ශනයකින් මෙය ඇමරිකානු සංස්කෘතියට සැසඳිය හැකිය. විකල්පයක් ලෙස, ”පොප් සංස්කෘතිය” ජනතාවගේ ”අව්‍යාජ” සංස්කෘතිය ලෙස අර්ථ දැක්විය හැකිය. නමුත් මෙය ප්‍රශ්නයක් විය හැකි ය.
ජනප‍්‍රිය සංස්කෘතියට දේශපාලන පැතිකඩයක් පවතින බව ස්ටෝරි තර්ක කලේය. නව-ග්රාම්ස්සිවාදී හෙජමොනික සිද්දාන්තයන්
”... සමාජය තුළ යටත් වූ කණ්ඩායම්වල ප්‍රතිරෝදය හා සමාජයේ ආධිපත්‍යවාදී කණ්ඩායම්වල අවශ්‍යතා වෙනුවෙන් ක‍්‍රියාත්මක වන බලවේගයන්ගේ ප‍්‍රතිරෝධය අතර ජන අරගලයක් ලෙස ජනප‍්‍රිය සංස්කෘතිය දකියි . ජනප‍්‍රිය සංස්කෘතියට පශ්චාත් නූතනවාදී ප‍්‍රවිෂ්ටයක් මත ඉහල හා ජනප‍්‍රිය සංස්කෘතිය අතර වෙනස හඳුනාගත නොහැකිය.”
කාර්මික විප්ලවයේ නාගරීකරණයෙන් ජනප‍්‍රිය සංස්කෘතිය මතු විය. ශේක්ස්පියර්ගේ අධ්‍යයනය (නිදසුනක් ලෙස වේමන්, බාබර් හෝ බ්රිස්ටල් විසින් * ඔහුගේ නාට්‍යයේ ජනප‍්‍රීය සංස්කෘතියේ සහභාගීත්වය සඳහා ඔහුගේ නාට්‍යයේ වැදගත්කම සොයාගත හැකි අතර, සමකාලීන වෘත්තිකයන්වන ඩාලියෝ ෆෝ සහ ජෝන් මැග්රිට්, එහි ග්රාම්ස්චියානු අර්ථයෙන් ජනප‍්‍රිය සංස්කෘතිය භාවිතා
කරන අතර, පැරණි ජන සම්ප‍්‍රදායන් (උදාහරණයක් ලෙස කොමඩිය ඩෙල්ආර්ට්*තහවුරු කල හැක. ජනප‍්‍රිය සංස්කෘතිය නිරන්තරයෙන්ම විකාශනය වී ඇති අතර එය සුවිශේෂී ස්ථානයක් සහ වේලාවකි . එය ධාරාවන් සහ විවිධ ආකාරවලින් සමාජයට හා එහි ආයතනවලට බලපාන අන්‍යෝන්‍ය වශයෙන්එකිනෙකට බැඳී ඇති අන්‍යතාවන් සහ සාරධර්ම සංකීර්ණ සමස්ථයකි.
උදාහරණයක් ලෙස, පොප්සං ස්කෘතියේ ඇතැම් ප‍්‍රවාහයන් උපුටා ගැනීමෙන් හෝ ප‍්‍රධාන වශයෙන් ගලා එන ජනප‍්‍රිය සංස්කෘතියේ සීමිත සුහදතාවයක් ඇති අවකාශයක් නියෝජනය කරයි . ජනප‍්‍රිය සංස්කෘතියේ බොහෝ අංග සාමාන්‍යයෙන් ජනතාව පුළුල් පරාසයක ආකර්ෂණය කර ඇත. උතුරු ඇමරිකාවේ, ආසියාවේ සහ විශේෂයෙන්ම ලතින් ඇමරිකාවේ බාහිර යුරෝපීය සංස්කෘතීන්ගේ බලපෑම අධ්‍යයනය කරන ජර්මානු පර්යේෂකයෙකු වන රොනල්ඞ් ඩයස් විසින් ජනප‍්‍රිය සංස්කෘතියේ අර්ථය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් සමකාලීන දායකත්වය ලබා දී ඇත.
ජනමාධ්‍ය ආචාර ධර්ම
මෙලොව පැවැත්ම සඳහා සන්නිවේදනය ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ ශිෂ්ඨාචාරයේ මූලාරම්භයේ සිටය. මෙකී සන්නිවේදන ගමන් මග තුළ ද වෙනස් වූ මාධ්‍ය හරහා සන්න්නිවේදනය තම පරම යුතුකම ඉටු කරන බව දක්නට ලැබෙයි. මෙසේ සන්නිවේදන ගමන් මග සමග අත් වැල් බැඳ සිටින ප‍්‍රබලතම මෙවළම වන්නේ ජනමාධ්‍ය බව නොරහසකි. එබැවින්ජනමාධ්‍ය වූ කලී සන්නිවේදනයේ ගමනාන්තයට මග කියන මාර්ගෝපදේශකයෙක් බව මෙහිදී
පැහැදිලි වෙයි.
ජනමාධ්‍ය සමාජයේ ගැටුමක් ඇති කිරීමට මෙන් මුලින්ම නිරාකරණය කරදීමටද ජනමාධ්‍ය හේතු වන බව කිව හැකිය. එසේම වෘත්තිය භාවයකින් තොරව සිදුවන්නා වූ මාධ්‍ය නිෂ්පාදන සමාජයේ පුද්ගලයාට මෙන්ම සමාජයට හා සංවිධාන වලම ප‍්‍රබල ගැටුම් නිර්මාණය කරනු ලබයි. මෙහිදී සමාජය තුල සමාජ සංහිඳියාව වෙනුයට හිඩස පුරවනුයේ සමාජ වෛරය හා පුද ිගල හා සමාජ සංවිධාන තුල පවත්නා ගරුත්වය මෙහි දී සමාජ ආර්ථීක බිඳ දැමීමක් ද සිදු කරයි.
මොනයම් හෝ රටක හෝ සමාජයක සමාජ වගකීම රහිතව ද පසෙක ලා මාධ්‍ය පවතින විට ජනතාව රැකගෙන තම අරමුනෙන් රාජ්‍ය වගකීම ද ඉදිරියට පැමිණෙන බැව් පෙනේ. ආචාර ධර්ම සහ නීතිය යනු ප‍්‍රධාන සමාජ සංකල්ප දෙකක් වුවද එ ් දෙක අතර ප‍්‍රබල වෙනස්කම් ද දක්නට ලැබෙයි.
නෛතික තත්ත්වයන් බිඳ දැමීමට ජනමාධ්‍යට හැකියාවත් නොමැත. එලෙස නෛතික තත්ත්වයන් ගැන නොසලකමින් වත්මන් ජනමාධ්‍ය ක‍්‍රියා කරන්නේ ද නැතහොත් ඔවුන් ජනමාධ්‍ය ආචාර ධර්ම නිසිලෙස ක‍්‍රියාවට නගන්නේ ද යන වග සොයා බැලීමට යොමු විය යුතුය. මන්ද බොහෝ ජනමාධ්‍ය ආයතන නිසි ලෙස මාධ්‍ය කාර්ය භාර්ය ඉටු කරනු නොලැබෙයි. මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී බටහිර ප‍්‍රධාන මූලධර්ම හතරක් පිලිබඳ සාකච්ඡුාවට භාජනය කළ හැකි ය. එනම්,
1. සත්‍යවාදී බව
2. නිදහස
3. හානිය අවම කිරීම
4. වගකිව යුතු බව
යනා දී වශයෙනි.
ජනමාධ්‍ය ජනතාවගේ විශ්වාසනීය මාධ්‍ය වීම සඳහා තොරතුරු වල නිරවද්‍යතාවය බලපාන අතර එය සමාජ කෘත්‍යාත්මක සාධකයක් ද වේ. වර්තමානයේ ජනතාව තොරතුරු ලෝකයක ජීවත් වන අතර එය නිවැරදි නොවන විට ජනමාධ්‍ය සහ ප‍්‍රජාව අතර පවතින අනුකලනාත්මක සබඳතාව ද බිඳ වැටේ.
ආචාර ධර්මීය ස්වරූප සහ එහි හැසිරීම් තුළ මාධ්‍ය නිදහස ගොඩ නැගෙනවා ද නැතහොත්මාධ්‍ය නිදහස සමාජ පද්ධතියට පරිබාහිර සාධකයක් ලෙස සිට සමාජයට බලපෑම් කරන්නේ ද යන්න පිලිබඳ තර්කනය අතිශය වැදගත් ය. නිදහසේ තොරතුරු දැනගැනීම සහ නිදහස් තොරතුරු දැනගැනීම තුළ ඇත්තේ ද ආකෘති දෙකකි.
නිදහසේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඇති අතර නිදහසේ තොරතුරු සහ මත බෙදාදීමේ අයිතිය ද පැවතීම තුළ මාධ්‍ය වෘත්තිකභාවය තුළ ගැටලූ මතු වේ. ඒ ඕනෑම වෘත්තියක් තුළ සමාජ ආචාරධර්ම සහ සාරධර්ම පවතින බැවිනි. මෙය එකිනෙකින් වියුක්ත නොවන, සමපාත ද නොවන ප‍්‍රධාන පැතිකඩ දෙකකි.
වර්තමානයේ දී මාධ්‍ය සඳහාවෙන් නියම වූ මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් සකසා තිබීම ප‍්‍රබලව මාධ්‍ය සඳහා බලපෑමක් ඇති කරන්නක් බව පෙන්වා දියහැකිය. නමුත් එයින් මාධ්‍ය වල පවත්නා හික්මීම සහ සංයමයක් ගොඩ නැගීමට ගත් උත්සහයක් ලෙසත් පෙන්වා දිය හැකිය. සෑම රටකටම ප‍්‍රාමාණික ආචාර ධර්ම පද්ධතියක් පැවතීම වත්මනේ දක්නට හැකි ප‍්‍රධාන ලක්ෂණයක් ව ඇත. ලංකාවට පමණක් නොව ලෝකයේ අනෙක් සෑම රටකටම ආවේනික වූ මෙම අංගය මනා වූ සදාචාරාත්මක මාධ්‍ය ක‍්‍රියාවලියක් ගොඩ නැංවීම සඳහා හේතු වේ.
ආචාර ධර්ම නිරන්තර බද්ධ වෙන්නේ නිවැරදි, සාධාරණ, අපක්ෂපාතී, යුතුකම් ඉටු කරන, වගකම් සහිත ක‍්‍රමවේද සමග ය. මෙය දිගු කාලීන සමාජ සම්ප‍්‍රදායානුගත ක‍්‍රියාවලියකි. හිපොක‍්‍රටික්ගේ දිවුරුම තුළ සඳහන් වන්නේ ද යම් ක‍්‍රියාවකින් සමාජයට හානි සිදු නොවිය යුතු බවකි. මෙලෙස ජනමාධ්‍යවේදියා තුලින් ද සමාජ හානිය අවම විය යුතු අතර ප‍්‍රවෘත්ති ආවරණය තුලින් ද බලපෑමට ලක් වන්නන් පිළිබඳව සිතිය යුතු වේ. මාධ්‍යවේදීන් සමාජ ගැටලූ පිළිබඳ සත්‍ය සෙවීමට, නිදහස් ලෙස ක‍්‍රියාත්මක වීමට සහ මහජන සේවය සඳහා ආචාර ධර්මීයව බැඳී පවතී.
සැකසුම ඉෂංකා ජනානි
පුවත්පත් දේශීය සලකුණ සතු අතීත මතකාවර්ජනය 02 - මාතර මොටාගෙදර වනිගරත්න මහතා
ඇත්තට නිදහස අහෝසි වුණාද ?
පුවත්පත් කලාවෙහි සුපතල දේශීය සලකූණ වන මාතර මොටාගෙදර වනිගරත්න නොහොත් ස්වර්ණපාල අබේසිරිනායක වන මෙතුමා 1964 ඇරඹු ඇත්ත පුවත්පතේ ප‍්‍රථම කාටූන් ශිල්පියා වූ අතර 1965 දී ස්ථිර ලෙසින්ම ඇත්ත පුවත්පතේ සේවයට බැඳුණි.
1965 දී මෙරට වාමාංශික පක්ෂය නියෝජනය කල ඇත්ත පුවත්පතේ දී ද පක්ෂය සේම වාමාංශික මත දැරූ පුද්ගලයකු වූහ. ඇත්ත පුවත්පත ආරම්භයට පෙර බොරැුල්ල චැතැම් හවුස් ආයතනයේ පෞද්ගලිකව ආරම්භ කල ටැබ්ලොයිඞ් ප‍්‍රමාණයෙන් පල කළ දිවයින පුවත්පතේ මුලින් සේවය කල අතර එහි කර්තෘ ලෙස ධනපාල මහතා ද කලින් සේවය කළ පුවත්පතෙන් ඉවත්ව මෙහි
කර්තෘ ධූරය හෙබවූහ.
පසුව දිවයිනට ආරාධනා ලැබු මොටාගෙදරයන් මෙහි මාස කිහිපයක් සේවය කරගෙන යන අතරවාරයේ දී කර්තෘවරයා මොටාගෙදරයන් අමතා අලූතින් පුවත්පතක් ආරම්භ කරන්නට ඇති බව පැවසූ නමුත් එහි නාමයක් සඳහන් කරනු ලැබුවේ නැත. කාලය යන තේමාවෙන් සිරස්තල කිහිපයක් නිර්මාණය කරන ලෙස මොහු වෙත පවරනු ලැබූ අතර මොටාගෙදරයන් එහි දී එම අර්ථය තීව්‍ර වන ආකාරයෙන් මනා ලෙසින්
සිරස්තල කිහිපයක් නිර්මාණය කලහ. එහිදී කාලය යන අරුත පසක් වන අන්දමට මෙහි දී සකස් කරනු ලැබූ එක් සිරස්තලයක් වූයේ දවස යන්නයි.
ද ව ස යන්නෙන් වර්ණ තුනකින් යුක්තව නිර්මාණය කළහ. එයත් සමඟම දිවයින පුවත්පත වැසුණු අතර දවස පටන් ගත්හ. ගුණසේන නැමැත්තකුගේ ප‍්‍රධානත්වයෙන්
ආරම්භ වූ දවස ආරම්භයේ සිටම මොටාගෙදරයන් එහි සේවය කළහ. අවුරුදු දෙකක කාලයක් පුවත්පතේ සේවය කල මොටාගෙදරයන් ඉන් ඉවත්ව ඇත්ත පුවත්පතට එක්වන්නේ මෙකල දීය.
1964 දී එස් . ජී . එස් .රණවීර ඇත්ත පුවත්පතෙහි මුල් කර්තෘ වූහ. 1965 සිට 1972 දක්වා කාලය තුල ඇත්ත පුවත්පතට දෛනිකව කාර්ටුන් ඇඳ වාමාංශික පක්ෂ කාටූන්ශිල්පියෙක් ලෙස මොහු සමාජගත වන්නේ මොහු තම කාටූනය හරහා සමාජ අසාධාරණය මෙන්ම පොදු ජනයාගේ දැවෙන ප‍්‍රශ්න හමුවේ දී රජය කටයුතු කරන ආකාරය සමාජ විවේචනයට ලක් කරනු ලැබූ නිසාය.
මෙම කාලවකවානුව තුල මොමොටොගෙදර වනිගරත්නයන් ඇඳි කාටූන් වෙනුවෙන්ර ජය මැදිහත් වෙමින් කටයුතු කරන්නට වූහ. මෙකී යුගයේ දී ඇත්ත පුවත්පත පුරාම සෑම පිටුවක් පාසාම ඇත්ත යන නම යොදා තිබූ අතර මොහු විසින් ඒ සඳහා ඇත්ත යන නම මුල් පිටුවට පමණක් යොදා පුවත්පත නිර්මාණ සැලැස්ම සකසා දෙමින්කාටූන් ඇඳීමේ ද නියැලූණු මොහු සමාජයේ පෙරළිකාර වූ කාටූන ඇන්දහ. ඒවායින්මොහු වෙත නොයෙකුත් බලපෑම් එල්ල වූ කාටූන ප‍්‍රමාණය ඉතා සීමිත වුවත් එකී අත්දැකීම සවිස්තරව ලබා දීමට ඔහු නොපැකිලි වීම මාගේ සතුටට කරුණක් විය.
ඇත්ත පුවත්පතට ගිනි තබන ලද්දේ 1987 ඔක්තෝබර් 01 වන දාය. ඒ පිලිබඳ ප‍්‍රවෘත්තිය ඇත්ත පුවත්පතෙහි පල වූයේ සිද්ධිය සිදු වී දින පහකට පසුවය. නිශ්චිතවම 1987 සැප්තැම්බර් 06 වැනි දාය.
පුවත්පත් දේශීය සලකුණ සතු අතීත මතකාවර්ජනය 01 - මාතර මොටාගෙදර වනිගරත්න මහතා
කාටූන් ශිල්පී මොටාගෙදර වනිගරත්න
මහතා.
කාටූන් ශිල්පී මොටාගෙදර වනිගරත්න මහතා උපන් ගම මාතර දිස්ත‍්‍රික්කයේ මොටාගෙදර ග‍්‍රාමයයි.1933 පෙබරවාරි මස 16 වන දින උපන් මෙතුමාගේ දෙමාපියන් වූයේ සිරියාවතී දේවනාරායන සහ අබේසිරිනාරායන වනිගරත්නයන් ය. මොටාගෙදර රජයේ පාසලෙන් හා මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මෙතුමා වැඩකල මුල්ම පුවත්පත වනුයේ ලංකාදීප පුවත්පතයි. මෙතුමාගේ බිරිඳ වූයේ සීතා රණසිංහ වන අතර මොහුට දරුවන් සිව්දෙනෙක් වූහ. ඔවුන් මූර්ති , සංඛ , නිමල් , සිවුමල් වූහ.
මොටාගෙදර වනිගරත්නයන් නමින් ස්වර්ණපාල අබේසිරිනාරායන වූ අතර සීතා මොටාගෙදර සමග බතික් ශිල්පය ඇරඹුහ. එයට පෙර මෙතුමා මුල් කාලීනව චිත‍්‍ර කලාව සමග නොයෙකුත් ආකාරයට බැඳී කලා කටයුතු වල නිරත වූහ. හේවුඩ් කලායතනයේ අධ්‍යාපනය හැදෑරූ මෙතුමා ” මගේ ලතාව ” ලෙසින් 1956 ඔක්තෝබර් 3 , 4 , 5 යන දින වල පැවැත් වූහ. එවකට අග‍්‍රමාත්‍ය වූ බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුහ. ඉන් පසුව මෙතුමා දිවයින පුවත්පතේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා වූ අතර පසුව ගුණසේන ආයතනයේ මුද්‍රණය කරන පොත් වල මුල් කවරය සඳහා මුල් කවරය සකසන ශිල්පියා ලෙස කටයුතු කරන ලදි.
පසුව ස්වාධීන පුවත්පත් සමාගමේ ප‍්‍රකාශිත දවස පුවත්පතේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්වුපියා වූ අතර මෙම වකවානුවෙහි මෙතුමා පදිංචිව සිටියේ නාවල ය. මෙම යුගයේ දී මොහුට තම බිරිඳ වූ සීතා හමු විය.1965 ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ ඇත්ත පත‍්‍රයේ කාටූන් ශිල්පියා ලෙස වැඩ කිරීමට ද එක් වූ මොහු මෛත‍්‍රීපාල සේනානායක මහතා ඇරඹු සතිය පුවත්පතේ ද වැඩ කළේය.
මෙතුමා 1934 රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ලංකාගමනය * සහ 1956 දී බණ්ඩාරනායකගේ ජනතා ජයග‍්‍රහණය * අතර වූ දෙදශකයක පමණ කාල පරිච්චේදයේ දී මෙරට ඇති වූ සංස්කෘතික පුනර්ජීවනයේ සාර ඵලයක් ලෙස හඳුන්වා දිය හැකි කලාකරුවෙකි.
මාධ්‍ය සංස්කෘතිය සහ සමාජ විද්‍යාත්මක ප්‍රවේශය.
මාධ්‍ය සංස්කෘතිය නුතනත්වය මත සංස්කෘතික ප්‍රවේශය ඔස්සේ විමසන කල්හි දී , මාධ්‍ය සංස්කෘතිය නම් මාධ්‍ය මගින් ගොඩනැගුණා වූ සංස්කෘතියයි.
සංස්කෘතිය වූ කලී , දැනුම ,ඇදහිලි ,විශ්වාස ,කලාව ,සදාචාරය ,නීතිය , සිරිත් විරිත් ,හා සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා සාක්ෂාත් කොටගෙන ඇති හුරු පුරුදු හා හැකියාවන් ඇතුලත් සංකිර්ණ සමස්තයයි. ඊ .බී .ටයිලර්
මෙකි සංස්කෘතිය මාධ්‍ය ඔස්සේ විකාශය වන මාධ්‍ය සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ආවේණික ලක්ෂණ මගින් විකාශය වේ. සංස්කෘතිය වූ කලී සංස්කෘතික ප්‍රවේශය ඔස්සේ දක්වන විට සංස්කෘතිය අධ්‍යයනය කිරීම තුලින් හදුනා ගත හැක්කකි. එය විසිරී පවතී.
සංස්කෘතිය ඉගැනීම හා සංස්කෘතිය විසිරි පැවතීම මත සංස්කෘතිය මාධ්‍ය සංස්කෘතිය ලෙස හැඩ ගැසෙන්නේ ජන මාධ්‍ය ප්‍රබල මුලාශ්‍රයක් බවට පත් කරගනිමිනි. එසේම අසීමිත පොදු වූ තොරතුරු හුවමාරුව සංකීර්ණ වීමත් සමග පරිසරයට මාධ්‍ය තුල පැවති සංස්කෘතිය වඩාත් ම නවීකරණය වෙමින් සමාජයේ සංස්කෘතික සිමාවන් අභිබවමින් ඉක්මවමින් පැතිරී යයි.
නූතනයේ මේ වන විට ජන මාධ්‍ය යනු, සන්නිවේදන උපකරණයක් නොව ජීවන ක්‍රමයක් බවට පත්ව තිබේ. මාධ්‍ය සංස්කෘතිය ගොඩනැගෙන්නේ මාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන සංදේශ ජනතාව විසින් සිය ජීවන චර්යාවන්ට එක කර ගැනීමෙනි. මෙය ජනමාධ්‍ය ඔස්සේ මාධ්‍යම බලපෑමක් මත ක්‍රියාත්මකව ක්‍රියා කරනු ලබයි.
වත්මනේදී නුතන මාධ්‍ය සංස්කෘතියේ ඇතැම් අංග සමාජයක පවත්නා පොදු ජන සංස්කෘතිය ආක්‍රමණය කර ඇත.
උදා : ආහාර රටා - මැක්ඩොනල් , කේ .එෆ් .සී . ,ෆැබ් ,
ඇඳුම් පැළදුම් - ඔඩෙල් ,ස්ප්‍රින් ඇන්ඩ් සමර්
නුතන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව නිසා ජන සමාජයේ මාධ්‍යම බලවත් වීම නිසා මාධ්‍ය සංස්කෘතිය පාලනය කිරීමට නොහැක. වර්තමානයේ මාධ්‍ය සංස්කෘතිය සීඝ්‍ර වර්ධනයක් දක්වයි. සංස්කෘතික අංග පවත්නා සමාජයෙන් වෙනතකට යොමු කරමින් මාධ්‍ය සංස්කෘතිය සමාජයේ චර්යාත්මක වෙනසක් ඇති කිරීම සමාජ විද්‍යාත්මකව පෙන්වා දිය හැකිය.
සමාජ විද්‍යාත්මක ප්‍රවේශය ඔස්සේ සමාජයේ මානව චර්යාවන් විශ්ලේෂණය කිරීම මෙහි ස්වරූපයයි. මානව සමාජයේ ආර්ථික ,දේශපාලනය , සංස්කෘතිය ,සමජ ක්ෂේත්‍රයන් ඒකාබද්ධව චර්යාත්මක පදනමකින් ජිවත් වූ ජීවන රත්වන් වෙනතකට යොමු කරනුයේ මාධ්‍ය සංස්කෘතියයි.
නුතන මාධ්‍ය සංස්කෘතිය මගින් විරෝධී සංස්කෘතියක් බිහි කරයි. මෙහිදී සමාජ විද්‍යාත්මක ප්‍රවේශයේ දී සලක බලන විට විවිධ වූ විෂය දැනුම හා ඒවායේ ක්ෂේත්‍ර මෙන්ම ආගමික , දේශපාලනික ,යනාදී අංශ ඔස්සේ මානව චර්යාවන්ගෙන් ගැටුම් , අපරාධ ,ප්‍රචණ්ඩ සමාජානුයෝජන,ලිංගිකත්වය ,දික් කසාද , ආදෝ නිශ්චිත වූ ව්‍යුහයකින් ගොඩ නැගුන සමාජය මෙම වාතාවරණය බිහි කරයි.
මාධ්‍ය සංස්කෘතිය මිනිසාගේ සාමාන්‍ය තත්ත්වය ඉලක්ක කොටගෙන විවිධතා ව්‍යාප්ත කරවයි. මෙකි සංස්කෘතිය හරහා විවිධ වූ ආකල්ප හා අදහස් බිහි කරයි. එනම් , එෆ් .බී . ආදී සමාජ ජාල මාධ්‍ය මගින් මාධ්‍ය සංස්කෘතිය බිහි කරමින් අවශ්‍යතා ඇති කරවීමක් සිදු කරි.
පුද්ගල අවශ්‍යතා මෙන්ම සමාජ අවශ්‍යතා දෙයාකාරයකි. මිනිසාගේ ශාරීරික හා මානසික ක්රියවකින්ම ඉලක්කගත මාධ්‍ය සංස්කෘතිය ව්‍යාප්ත කරවීමට වත්මන් සමාජය සමත්ව ඇත. එසේම ගෝලීයකරණය වූ සමාජය තුල මාධ්‍ය ඔස්සේ නව සංස්කෘතියක් ගොඩනගමින් එය ව්‍යාප්ත කිරීම සැලසුම් සහගත ක්‍රියාවලියක් බවට පැහැදිලි කරුණකි. මෙකී සංස්කෘතිය තුල දැකිය හැක්කේ ජනප්‍රිය සංස්කෘතිකමය ලක්ෂණයි. ප්‍රධානවම මෙය ව්‍යවහාරික ආධිපාත්‍යයක් ඔස්සේ ක්‍රියා කරයි. මෙහිදී දෛනික ජීවන රටා ආහාර රටා , හුරු පුරුදු ,සිරිත් විරිත් ගුණධර්ම මැනවින් විවිධ අංග යටතේ වෙනසකට යොමු වීමක් මෙහිදී සිදු වෙයි.
සංස්කෘතිය රැකියා හැකිද ? නොහැකිද ? නුතන මාධ්‍ය සංස්කෘතිය තුලින් පන නගින මුඛ්‍ය පැනයක් වන්නේ සංස්කෘතිය රැකීමට යාමේදී තවදුරටත් එය විනාශ වී යාමයි. සමාජ අවශ්‍යතාවන් ඔස්සේ මාධ්‍ය සංස්කෘතිය හෙවත් ජනප්‍රිය සංස්කෘතියට ඉලක්කගත ග්‍රාහක කොට්ඨාශය ලෙස විවිධ වයස්,තත්ත්වයන් මත විසරණය සිදු කරයි.
ධනපති පන්තිය , මධ්‍යම පන්තිය ,පීඩිත පන්තිය ආදී ලෙස ඇති වර්ගීකරණ සමාජයේදී මාධ්‍ය සංස්කෘතිය එකී තත්ත්වයන් හි දී මිනිසුන්ගේ පොදු අවශ්‍යතාවයන් ගොඩනන්වයි .සංස්කෘතික ප්‍රවේශය ඔස්සේ අතීත සංස්කෘතිය තුල පවත්නා වටිනාකම් , ආකල්ප , ගුණ ධර්ම ,පිරිහී යාමක් මාධ්‍ය සංස්කෘතිය තුලින් සිදු වෙයි.
ජනප්‍රිය සංස්කෘතිය යනු , ජනමාධ්‍ය මගින් සමාජ ගත කරනු ලබන භාණ්ඩ හා සේවා ඒ හා බැඳුණු චර්යාවන් එක වීමෙන් සැදුණු සමාජ සංස්කෘතික ස්වරූපයකි.'
ජනප්‍රිය සංස්කෘතිය වාණිජ විශ්වාස මත ගොඩ නැගී ඇති අතර ජනප්‍රිය සංස්කෘතියට බලපාන අංගයන් වන්නේ , භාණ්ඩ හා සේවා නිෂ්පාදනය , පාරිභෝගිකයන් හා ජනමාධ්‍යයි . මෙහිදී ප්‍රධාන ලක්ෂණ වන්නේ.,
* බහු ජන සංස්කෘතියේ උපරි තලයයි.
*වාණිජ නිෂ්පාදන හා බැඳී පවතී.
*ජනප්‍රිය සංස්කෘතිය නිර්මාණයකට වඩා නිෂ්පාදනයකි.
*ජනප්‍රිය සංස්කෘතිය අතිරික්තයක් සහිතයි.
*තාක්ෂණය සමග සබැඳියාවක් පවතී.
*ලාභ උපරිම කිරීමේ චේතනාව ක්‍රියාත්මක වෙයි.
*ගෝලීයකරණය මත ගොඩ නැගෙයි.
උදා : ඇඳුම්
හිපොප් සහ පොප් ශෛලීන්
අන්තර්ජාලය හරහා අධ්‍යාපනික මෙවලම් භාවිතය
සැකසුම: ඉෂංකා ජනානි
හෙයාර් ජෙල් හදන එඬරු ශාකය
ඉන්දියාව , බුරුමය , ජාවා ,නැගෙනහිර අප්‍රිකාව යනාදී රටවල මෙම ශාකය වැඩි වශයෙන් දක්නට ඇති අතර ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මෙන්ම වියලි කලාපයේ එඬරු ශාකය දක්නට ලැබේ . මෙකී ශාකයේ වටිනාකම නොදන්නා බොහෝ පිරිස් මෙම ශාකය එතරම් වටිනාකමක් නොමැති වල පැලෑටියක් ලෙස සලකා උදලු ගා කපා දමා ගිනි තබා විනාශ කරයි . ජාත්‍යාන්තර මිනිසුන් මෙම ශාකය රූපලාවන්‍ය සදහා භාවිතා කරන අතර එඬරු ඇටෙන් විශාල මුදලක් මේ වන විට උපයමින් සිටියි .
ජපානය , ජර්මනිය ,ප්‍රංශය ,චීනය , කොරියාව වැනි රටවල එඬරු ගසට ඇත්තේ පුදුමාකාර ආදරයකි . අවස්ථාවල දී ගසේ කඳ අතු රත් පහන් යුක්ත වෙයි.එඬරු ගස ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව එරන්ඩ් යන නමින් හඳුන්වන අතර මෙය ඔතද ගුණයෙන් යුක්ත බෙහෙත් ශාකයකි .
රත් එරඬු , මහ එන්දරු , ලෙසින් වර්ග වී ඇති මෙම ශාකය පැරණි මිනිසුන් හිස පීරීම සඳහා එඬරු තෙල් යොදා ගෙන ඇත. පෝෂණීය ගුණයෙන් අනූන එන්දරු තෙල් කොණ්ඩය සඳහා වැඩි වශයෙන් යොදා ගත් අතර එඬරු කොළ හා මල් දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ලදී.
මල බද්ධය , පිත් රෝග , ආම වාතය , සෙම් රෝග , කැස්ස , ශාරීරික ඉදිමීම් යනාදී රෝග සඳහා මෙම ශාකයේ කොටස් භාවිත කරයි . එසේම මෙම ශාකය විස ගෙනෙන ශාකයක් ලෙසින්ද ඈත අතීතයේ ප්‍රසිද්ධියට වූ අතර මේ නිසා මෙහි ඇට අධිව ආහාරයට ගන්න සතුන් මිය ගියහ. මෙම ගසේ ස්වභාවය මීටර් 15ක් උසට වැඩෙයි. සිනිදු පත්‍ර සහිත මෙම ශාකයේ එක පත්‍රයක් සෙන්ටිමීටර් 30 පමණ වෙයි. මෙම පත්‍රය කුරුලෙකුගේ පාදයේ ඇගිලි බෙදී ඇති ආකාරයට සකස්ව ඇති අතර කොටස් වලට බෙදී ඇත. පත්‍රයේ වැඩි වන අතර සමහර අවස්ථාවල දී ගසේ කඳ අතු රත් පහන් යුක්ත වෙයි.
එසේම පුරුෂ මල් ස්ත්‍රී මල් ලෙසින් මල් වර්ග දෙකක් වෙන් වෙන්ව පවතී . පුරුෂ මල් කහ පාටට හුරු කොළ පාටින් යුක්ත වන අතර ස්ත්‍රී මල් රතු පැහැයෙන් යුක්ත වේ. මෙම මල් පරාගනය වී ඵල හට ගන්න අතර වියලුනු බීජ දුඹුරු පැහැයෙන් යුක්ත කුරුමිනියෙක්ගේ ස්වරුපයක් ගනී .
වර්තමානයේ වැඩි වශයෙන් හෙයාර් ජෙල් සැකසීම සඳහා යොදාගනු ලබන්නේ එඬරු ශාකයයි .
දැනුමට යමක් (නර්තනය)
* දේශීය නර්තනයේ මුලික අංගහාරය මණ්ඩිය යි.
*උඩරට නර්තන සම්ප්රදායේ වට්ටම් හතරෙහි ලක්ෂණ අන්තර්ගත දීර්ඝ නර්තනාංගය අාවැන්දුම යි.
*උඩරට හා පහතරට වන්නම් අතරින් තාල රූප අතින් සමානතා අැත්තේ මුසලඩි හා කොවුලා වන්නම් දෙකෙහි ය.
*තාලය යනු ගණිතමය අාකෘතියක් මත විවුහගත කරනලද රිද්මයයි.
*නර්තන කලාව සම්බන්ධ එෙතිහාසික මුලාශ්ර ලෙස රූකම් දක්නට ලැබෙනුයේ සැටදාගෙය, යාපහුව මාලිගාව ,අැම්බැක්කේ දේවාලය හා ගලපාත විහාරයේය.
*ශාන්ති දේව ඝෝෂ විසින් නිර්මාණය කල ලංකාවේ පලමු නෘත්ය නාටකය වනුයේ සීතාභරණ යි.
*ලාංකීය රජයේ පාසැල් පද්ධතියේ නර්තනය විෂයක් ලෙස ඉගැන්වීම අැරඹුවේ 1943 දී ය.
* ඝන වාද්ය භාණ්ඩ අතුරින් බලි යාගයේදී නාද මාලාව හා ලය මානය පවත්වා ගැනීමට යොදා ගත්තේ අත්මිණිය යි.
*සිංහල වාද්ය භාණ්ඩ අතුරින් ස්වර නිෂ්පාදනය කල හැකි එකම සුෂිර භාණ්ඩය වන්නේ හොරණෑව යි.
*මහනුවර යුගයේ දී ලංකාවට පැමිණි දේශාඨන වාර්තා කරුවන් වුයේ රොබට් නොක්ස් හා ස්පිල් බර්ජන් ය.
*පාරම්පරික ලෙස බෙරයක් සකසනුයේ එහි දිග තුන් වියත් තුන් ගුලක දිගකිනි.
*නර්තන විෂය සම්බන්ධයෙන් අධ්යාපන දෙපාර්තමේන්තුවේ ප්රථම පරීක්ෂකයා ජේ.ඊ.සේදරමන් මහතා ය.
*සිංහල ගැමි නාටක ලෙස හදුන්වන්නේ සොකරි ,කෝලම් ,රූකඩ හා නාඩගම් ය.
*රංග වින්යාසයේ දී අවකාශ භාවිත කරනු ලබන පුද්ගල හා පොදු අවකාශ යන දෙකොටසකි.
*සබරගමු සමන් දේවාලයේ හුදෙක් පූජාර්ථය සඳහා ඉදිරිපත් කල නර්තනාංගය දිග් ගෙයි නැටුම යි.
*ලාංකික නර්තන කලාව පිලිබඳ තොරතුරු සොයාගත හැකි දෙමළ බසින් රචිත පැරණිම පොත වනුයේ සීලප්පදිකාරම් ය.
*උඩරට නර්තන සම්ප්රදායේ වට්ටම් හතරෙහි ලක්ෂණ අන්තර්ගත දීර්ඝ නර්තනාංගය අාවැන්දුම යි.
*උඩරට හා පහතරට වන්නම් අතරින් තාල රූප අතින් සමානතා අැත්තේ මුසලඩි හා කොවුලා වන්නම් දෙකෙහි ය.
*තාලය යනු ගණිතමය අාකෘතියක් මත විවුහගත කරනලද රිද්මයයි.
*නර්තන කලාව සම්බන්ධ එෙතිහාසික මුලාශ්ර ලෙස රූකම් දක්නට ලැබෙනුයේ සැටදාගෙය, යාපහුව මාලිගාව ,අැම්බැක්කේ දේවාලය හා ගලපාත විහාරයේය.
*ශාන්ති දේව ඝෝෂ විසින් නිර්මාණය කල ලංකාවේ පලමු නෘත්ය නාටකය වනුයේ සීතාභරණ යි.
*ලාංකීය රජයේ පාසැල් පද්ධතියේ නර්තනය විෂයක් ලෙස ඉගැන්වීම අැරඹුවේ 1943 දී ය.
* ඝන වාද්ය භාණ්ඩ අතුරින් බලි යාගයේදී නාද මාලාව හා ලය මානය පවත්වා ගැනීමට යොදා ගත්තේ අත්මිණිය යි.
*සිංහල වාද්ය භාණ්ඩ අතුරින් ස්වර නිෂ්පාදනය කල හැකි එකම සුෂිර භාණ්ඩය වන්නේ හොරණෑව යි.
*මහනුවර යුගයේ දී ලංකාවට පැමිණි දේශාඨන වාර්තා කරුවන් වුයේ රොබට් නොක්ස් හා ස්පිල් බර්ජන් ය.
*පාරම්පරික ලෙස බෙරයක් සකසනුයේ එහි දිග තුන් වියත් තුන් ගුලක දිගකිනි.
*නර්තන විෂය සම්බන්ධයෙන් අධ්යාපන දෙපාර්තමේන්තුවේ ප්රථම පරීක්ෂකයා ජේ.ඊ.සේදරමන් මහතා ය.
*සිංහල ගැමි නාටක ලෙස හදුන්වන්නේ සොකරි ,කෝලම් ,රූකඩ හා නාඩගම් ය.
*රංග වින්යාසයේ දී අවකාශ භාවිත කරනු ලබන පුද්ගල හා පොදු අවකාශ යන දෙකොටසකි.
*සබරගමු සමන් දේවාලයේ හුදෙක් පූජාර්ථය සඳහා ඉදිරිපත් කල නර්තනාංගය දිග් ගෙයි නැටුම යි.
*ලාංකික නර්තන කලාව පිලිබඳ තොරතුරු සොයාගත හැකි දෙමළ බසින් රචිත පැරණිම පොත වනුයේ සීලප්පදිකාරම් ය.
දේවදාසී සංකල්පය
දෙවියන්ට දාසකම් හෙවත් සේවය කරදෙවියන්ට දාසකම් හෙවත් සේවය කරන්නී දේවදාසී නම් වෙයි.භාරතයට මේ දේවදාසී ක්‍රමය අැබ්බැහි වුයේ එහි කඩා වැදුනු අාර්යයන්ගෙනි.අද මැද පෙරදිග හා අරාබි රටවල් හා මිසරය ග්‍රීසිය අාදී රටවල අැති පුරාණයේ පැවැති සමාජයන් ස්වකීයඅාගමික කටයුතු වලදී ගැහැණියට දී තිබූ ස්ථානය මෙමගින් පැහැදිලි වන අතර ලෝකයේ අැතැම් රටවල මෙම දේවදාසී සංකල්පය පැවැති බව පැහැදිලි වේ.
කාශ්මීරයේ ජන නැටුම් හා සමගාමි නෘත්‍ය නාටකයන්හි චරිත සඳහා තෝරාගත්තේ මේ දේවදාසීන් ය. රජතුමාගේත් නායක පූජකයාගේත් අවශ්‍යතාවය පරිදි සෑම තරුණියක්ම සිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ කන්‍යා පූජක ආශ්‍රම වලට අැතුලත් කර ගන්නා ලදි. කාශ්මීරයේ ජන නැටුම් සමගාමිව නෘත්‍ය නාටකයන් හි ගැහැණු චරිත සඳහා තෝරා ගන්නා හෆීසා නම් නිලියන්ද මේ දේවදාසී පරම්පරාවෙන් පැවත එන්නෝ වෙති.මොවුන්ගේ සමහරක් හෆීසා තාලම් කාශ්මීරයේ සංගීත විධි අනුගමනය කරයි. නෘත්‍ය ශෛලිය හැටියට කථක් නෘත්‍ය භාවිතා කරයි.
රූමත් තරුණියන් දේවදාසීන් ලෙස සකස් කිරිමේ කාර්යය පැවරුණේ පූජක බ්‍රාහ්මණයන් හටයි.සුදුසු නෘත්‍ය කලා ගුරුන් යටතෙහි මනාලෙස පුහුණු වීමෙන් පසු ඔවුන් දේවාල වලට කැප කරති. එසේ පුහුණු වන දේවදාසීන් තම මංගල රැඟුම දේවාලයෙහි ඉදිරිපත් කරයි. දෙවියන්ට මෙන්ම පුජකයින්ට ද ඔවුන් සේවා කල යුතුය. දේවාලයේ උත්සවයන්හි දී විශේෂයෙන් දේව සභාවන්හි නැටුම් දැක්වීමේ අයිතිය දේවදාසීන් සතුවිය. දේවාලයේ දුම්, සුවඳ , අාදී පුජාවන් හි මුල් තැන දේවදාසීන්බ අයිති විය.නූතන දක්ෂිණ භාරතයේ හින්දු දේවාල තුල නූතන භරත නාට්‍යම් දක්වා පැතිර අැත.
විවාහ වීම ,දරුවන් ලැබීම , අාදිය මොවුනට තහනම් ය. මේ තහනම් නීති කඩ කලහොත් දඬුවම් ලැබුනි.දේව , රාජ සේව අාදි වශයෙන් කෝවිල් වලට සම්බන්ධව කටයුතු කිරීම අනුව දේවදාසීන් වර්ග ගණනක් විය.දේවාලයේ උත්සවයන්හි දී විශේෂයෙන් දේව සභාවන් හි නැටුම් දැක්වීමේ අයිතිය දේවදාසීන් සතුවිය. දෙවැනි තැනට ගැනෙන රාජ දාසීහු ප්‍රභූ ආදීන් සඳහා දේවාලයන්ගෙන් පිටත විශේෂ මණ්ඩපයන්හි රැඟුම් දැක්වුහ.
ස්වදාසීන්ට හිමි වුයේ මහජනතාව සඳහා රැඟුම් දැක්වීමය.රාජදාසීහු පහන් දැල්වීම අාලේපන සකස් කිරීම හා ප්‍රසාද දීමනා කල අතර ස්වදාසීහු රථ යාත්‍රා වලදී චාමර හා පහන් දැල්වීම ද භාරව සිටියහ.මොවුන් කවුරුන් හෝ සමාජයට පිලිගෙන තිබුනේ ගණිකාවන් ලෙසය. මහලු වු කල්හි ඔවුන් දේවාලයන්ගෙන් නෙරපා හරිනු ලැබුහ.එවිට ඔවුනට හිමි වුයේ හිගමන හෝ ගණිකා වෘත්තියයි.
රූමත් තරුණියන් දේවදාසීන් ලෙස සකස් කිරිමේ කාර්යය පැවරුණේ පූජක බ්‍රාහ්මණයන් හටයි.සුදුසු නෘත්‍ය කලා ගුරුන් යටතෙහි මනාලෙස පුහුණු වීමෙන් පසු ඔවුන් දේවාල වලට කැප කරති. එසේ පුහුණු වන දේවදාසීන් තම මංගල රැඟුම දේවාලයෙහි ඉදිරිපත් කරයි. දෙවියන්ට මෙන්ම පුජකයින්ට ද ඔවුන් සේවා කල යුතුය. දේවාලයේ උත්සවයන්හි දී විශේෂයෙන් දේව සභාවන්හි නැටුම් දැක්වීමේ අයිතිය දේවදාසීන් සතුවිය. දේවාලයේ දුම්, සුවඳ , අාදී පුජාවන් හි මුල් තැන දේවදාසීන්බ අයිති විය.නූතන දක්ෂිණ භාරතයේ හින්දු දේවාල තුල නූතන භරත නාට්‍යම් දක්වා පැතිර අැත.
විවාහ වීම ,දරුවන් ලැබීම , අාදිය මොවුනට තහනම් ය. මේ තහනම් නීති කඩ කලහොත් දඬුවම් ලැබුනි.දේව , රාජ සේව අාදි වශයෙන් කෝවිල් වලට සම්බන්ධව කටයුතු කිරීම අනුව දේවදාසීන් වර්ග ගණනක් විය.දේවාලයේ උත්සවයන්හි දී විශේෂයෙන් දේව සභාවන් හි නැටුම් දැක්වීමේ අයිතිය දේවදාසීන් සතුවිය. දෙවැනි තැනට ගැනෙන රාජ දාසීහු ප්‍රභූ ආදීන් සඳහා දේවාලයන්ගෙන් පිටත විශේෂ මණ්ඩපයන්හි රැඟුම් දැක්වුහ.
ස්වදාසීන්ට හිමි වුයේ මහජනතාව සඳහා රැඟුම් දැක්වීමය.රාජදාසීහු පහන් දැල්වීම අාලේපන සකස් කිරීම හා ප්‍රසාද දීමනා කල අතර ස්වදාසීහු රථ යාත්‍රා වලදී චාමර හා පහන් දැල්වීම ද භාරව සිටියහ.මොවුන් කවුරුන් හෝ සමාජයට පිලිගෙන තිබුනේ ගණිකාවන් ලෙසය. මහලු වු කල්හි ඔවුන් දේවාලයන්ගෙන් නෙරපා හරිනු ලැබුහ.එවිට ඔවුනට හිමි වුයේ හිගමන හෝ ගණිකා වෘත්තියයි.
නිර්වාචික සන්නිවේදන කෝෂ්ඨාගාරය කථකලි නර්තනයේ වේශ නිරූපණ කලාව.
ඉන්දියානු හා සම්ප්රදායන් අතරට ගැනෙන එක් සම්භාව්ය නර්තන කලාවක් ලෙස කථකලි නර්තනය හඳුන්වා දිය හැකිය.මෙම සම්ප්රදාය දක්ෂිණ භාරතීය සමුද්රාසන්න පෙදෙසක් වන කේරළය නිජබිම කරගෙන ප්රභවය ලැබුවකි.මෙය පුරෂයන් පමණක් සහභාගි වන නර්තන කලාවක් වන අතර කාන්තා චරිත පවා පිරිමින් රඟ දැක්වීම මෙහි සම්ප්රදාය වෙති.
16 වන සියවසේ කේරළයේ විසු කොට්ටාරක්කාරයේ තාම්පුරම් පෙදෙසෙහි රජු වු කොට්ටාකාර රජු රාමායනය අලලා රාම නාට්ටම් නමින් වු අාගමික ගැමි නාටකයක් නිර්මාණය කර රඟ දැක්වුහ. මෙය ටිකෙන් ටික පෙදෙසෙන් පෙදෙස පැතිරි ගිය නාටක ක්රමයක් වුහ.
මෙය ඉතා අලංකාර අංගරචනා ක්රමයකට උරුමකම් කී අතරම එම අංගරචනය වෙනත් කිසිම නර්තන සම්ප්රදායක නොවන තරම් අතිශය අලංකාර වුහ.
එක් නලුවකු වෙනුවෙන් පැය කිහිපයක් අංග රචනයෙහි හරඹයක් කරන මෙම කලාවෙහි දී කථකලි අංග රචනා ක්රමය ප්රධාන අංග කිහිපයකින් සමන්විත වේ.
- මිනික්කු
- පච්ච
- කත්ති
- තාඩි
- කාරි
අාදී වශයෙන් මෙහි කොටස් පහකි.
මිනිස් ලක්ෂණ සහිත ජීවමාන වර්ණයෙන් යුක්ත මුහුණු සඳහා මිනික්කු අංග රචනා ශෛලිය යොදා ගනිති.
මුහුණේ කොල පාට වර්ණ තවරන අතර අැස් කලු කර තොල් රතු කර ක්රිෂ්ණා රාමා වැනි චරිත වලට යොදා ගන්නඅ පච්චා නම් වු ශෛලියයි.
කත්ති අංග රචනා ශෛලියේ දී රාවණ ,කුම්බකර්ණ ,දුර්යෝදන වැනි අංග රචනඩ කරනු ලබයි.
තාඩි සඳහා රතු කලු රැවුල් යොදා ගන්නා අතර කාරි බිහිසුනු ගොරහැඩි චරිත සඳහා යොදා ගනී.මෙම නර්තන කලාවෙහි රංග වස්ත්රාභරණ සඳහා සුවිශේෂ තැනක් හිමි වන්නේ එහි එක් එක් චරිතය සඳහා වන රංගාභරණ වෙනස් බැවිනි.මෙහිදී හිසට පලදන ක්රීටම් නම් හිස් පලදනාව ඉතා අලංකාර වුවකි.මෙහි දි අලංකාරම ඉන්දියානු රංග අංග රචනය හරහා ප්රකට කරවන නිර්වාචික සන්නිවේදනය අති ප්රබල වුවකි.
හිමාලයේ කඳුකර ජනතාව
පෘථිවි පෘෂ්ඨය මත පිහිටි උසම කඳු පන්තිය වන්නේ හිමාලය යි. උසින් 7200m වන හිමාලය 2400km පමණ දිගකින් යුක්ත ව විසල් ප්රදේශයක විහිදී අැත. මෙම කඳුවැටියේ විශාලත්වය ,උස හා මාර්ග පහසුකම් නොමැතිවීම වැනි කරුණු නිසා මේ පෙදෙසෙහි මානව කටයුතු බොහෝ දුරට සීමා වී අැත. හිමාලයේ භෞතික පරිසරයට අනුවර්තනය වෙමින් දීර්ඝ කාලයක් වාසය කල ගෝත්රික කණ්ඩායම් 279ක් පමණ සිටිති.
හිමාලයානු කඳු වැටියේ උස්ම කඳු මුදුන එවරස්ට් , තරණය කල ලෝක ප්රසිද්ධ පුද්ගලයා එඩ්මන් හිලරි ය.ඔහුට සහය වු ටෙනිසන් හිමාලයානු කඳු වැටියේ වාසය කල ෂෙර්පා ගෝත්රයට අයත් පුද්ගලයෙකි.
හිමාලය කඳුකරයේ වාසය කරන විවිධ ගෝත්රික ජන කණ්ඩායම් කිහිපයකි.
ඉන්දියාවේ හිමචාල් පෙදෙසෙහි කසා ගෝත්රිකයින් ( Khasa)
ලඩාක් පෙදෙසෙහි දරඩ්වරු (Darad)
හිමාලයානු පෙදෙසෙහි භූටියාවරු (Bhutia)
සිඛීම් පෙදෙසෙහි ලෙප්චාවරු (Lepcha)
සෝලෝකුම්බු පෙදෙසෙහි ෂෙර්පාවරු (Sherpa)
මෙලෙස වාසය කරන කඳුකර ජනතාවගේ ජීවන රටාව වෙනස් වුහ.කඳුකරයේ පවතාන භෞතික පරිසරයට හා දේශගුණික ලක්ෂණ වලට අනුකූල ව මෙම ජනයාගේ ජීවන රටාව ද හැඩ ගැසී අැත. ඔවුන්ගේ දෛනික කටයුතු පහසු වන අාකාරයට ශාරිරික ස්වභාවය ද සකස් ව අැත.
කඳු නැගීමට පහසු වන පරිදි දෙපා හා යටි පතුල් ශක්තිමත් ව පළල් ව පිහිටීම ත් , ඉහල කඳුකර වායු ගෝලීය පීඩනයට ඔරොත්තු දීමට හැකි අයුරින් පෙනහළු පිහිටීම නිසා අඩු අම්ලකර පරාසයක් යටතේ ජීවත් වීමට හැකි වීමත් ,බර උසුලාගෙන යාමට හැකි අයුරින් ශක්තිමත් ව බාහු යුගල වර්ධනය වී තිබීමත් ,නාස් කුහර විශාල වීම වැනි ලක්ෂණ වලින් ඔවුන් සමන්විත වුහ.
මෙම පෙදෙස් වල මුලික ජීවනෝපායන් ලෙස කෘෂිකර්මය හා සත්ත්ව පාලනය වැදගත් වුහ.නිම්න අසල ව වු පහත් බිම්වල හා කඳු බෑවුම් වල හෙල්මළු අාකාරයට වී වගා කරයි.
හිමාලය කඳු අසල පෙදෙස් වල සත්ත්ව පාලනය යටතේ ගවයන්, බැටළුවන්,හා එළුවන් අැති කරන අතර සංචාරක සත්ත්ව පාලනය ඉන් වැදගත් වෙති.එසේම කිරි ලබා ගැනීමට යැක් නැමති ගව විශේෂය අැති කරනු ලබයි.කඳුකර ෂෙර්පා ගෝත්රික කාන්තාවන් රෙදි විවීම හා වූල් අැඳුම් මැසීමෙන් ද අාදායමක් ලබයි.මෙම වූල් අැඳුම් කඳු නගින්නන් සීතල සඳහා සීත කාල වලදී යොදා ගනී. මෙයින් පෙනී යන්නේ මෙම පෙදෙස් වල ජනයාගේ ජීවන රටාව එ් එ් පෙදෙසෙහි භෞතික තත්ත්වය මත හැඩ ගැසී අැති බවය.
හිමාලයේ වෙසෙන ජනයා භාණ්ඩ උසුලා ගෙන යන්නන්, මග පෙන්වන්නන් ,භාණ්ඩ අලෙවි කරන්නන් වශයෙන් සංචාරක කර්මාන්තය සමගාමි රැකියා වල නිරත වෙති.
කඳුකර ජනයාගේ නිවාස ද භෞතික පරිසරය මෙන් ම ඔවුන්ගේ ජීවන රටාව අනුව වෙනස් වේ. ගල් , ලී ,කුඩු ,මැටි ලී දඬු වැනි පරිසරයේ පවතින ස්වභාවික දෑ උපයෝගි කරගෙන නිවාස ඉදිකර අැති අතර වහලය සඳහා වියලා ගත් තෘණ වර්ග යොදාගනී.
තාත්තා
ආදරයක සදාතන අබිරහසක් අපි කාටත් තියන නිසා අපි අපෙම කියල අපිට තේරෙන භාෂාවකින් ඒ අබිරහස කියවන්න උත්සහ කරන වාර ගණන අපි අපෙ තාත්තව මතක් කරන වාර ගණනට සමානය. දියණියක වනාහි පීතෘත්වය අභිමුව සදාතන දිණුම් කණුවකි. පියෙකු වනාහි දියණියක ගේ ලෝකයෙහි ඇස ගැටනෙ වාරයක් පාසා සිත නිවෙන බුදු පහනකි.
කාලයේ දුරු ගමන් මග තුල පියෙකුගේ හද සන්තානයේ සදාතන සමරුව වන්නේ තම දියණියයි . තමාගේ ජීවන ගමන් මගෙහි බිරියගෙන් පසු නැවතත් සදාතන පෙමකට මග කියන්නේ තම දියණියගෙන් බව මෙලොව සෑම පියෙකුගේ දෙවන පෙම් පුවතේ ඇරඹුම සනිටුහන් කරයි. දියණියක ලැබූ දා සිට මවගේ දෑස් ඇය වෙත නිරන්තරයෙන් රදවා තබා ගන්නට උත්සහ දරන නමුත් පියෙකු සෑමවිටම දියණිය තම මනසේ රදවා තබා ගනී.
දුවක දණ ඔබා ඇවිදින්නට පෙරමං තනද්දී ඒ පොඩි දෙපා අභියස දී ඒ පා පොඩි තමා දෙපා මත දරාගෙන පියවරෙන් පියවර මනින්නේ දුවකගේ අප්පච්චී නොවෙ ද කිරිකැටි සිනා දැක ඔහුගේ නීල දෑස් සිනා නංවන්නට උත්සහ කරන්නේ තම දියණිගේ සුරතලයටම නොවෙයි ද පියෙකුගේ හද සන්තානයේ දුවකගේ අනාගත සිහින මංපෙතට අඩිතාලම දමන්නේ දියණිය තම ඇකයට ආ දිනයේ බව නොරහසකි. දිනෙන් දින කුඩා දියණි වැඩෙත්ම පියාගේ සිත් අරණේ පියවරෙන් පියවර ගොඩ නැගෙන ඇගේ ලෝකය පියෙකු තම දෝතින් දරා රකින්නේ කෙතරම් ආසාවකින්ද
මවකගේ උණුසුම ලබමින් සැපට නිදන දියණියකගේ ආරක්ෂාව සපයන්නේ පියාගේ දෑසම නොවෙ ද ඔහුගේ විමසිලිමත් චිත්ත ශක්තියම නොවෙද ඇත්තෙන්ම පියෙකුගේ ආදරය මනින්නට මෙලොව පවතින මිම්ම තවමත් මම සොයා යමින් හිදින්නේ ඔබට මෙන්ම මටද උරුම වූ එකී පීතෘ ස්නේහයේ වපසරිය තවමත් මසිතට නොතේරෙන බැවින් ය. ඒ හදවත කොතරම් සුවිසල් වූවක් ද මට මෙන්ම තවත් දරුවන් තිදෙනෙකුට එකී හදවත එකසේ පෙම් කරන්නේ කෙසේ ද එතරම් ආදරණීය සෙනෙහසක් ඒ හදවත තුල දරන්නේ කෙසේද ඔහුට එය දරාගෙන සිටින්නට හැකිද මට එයම දැනී දැනේනේ මන්ද ....
ඒ තාත්තා මෙන්ම මා ද මා සිතින් ඔහුගේ පීතෘ ස්නේහයට ලොබ බදින නිසාම විය හැකි නොවේ ද
ඉදින් මා ද ඔහුගේම අනුවක් ලෙස දකින සෑම වරක දී මා නැවත නැවතත් ඔහුගේ පෙමින් ජීවිතය ලබන බව මම දනිමි.
කාලයේ දුරු ගමන් මග තුල පියෙකුගේ හද සන්තානයේ සදාතන සමරුව වන්නේ තම දියණියයි . තමාගේ ජීවන ගමන් මගෙහි බිරියගෙන් පසු නැවතත් සදාතන පෙමකට මග කියන්නේ තම දියණියගෙන් බව මෙලොව සෑම පියෙකුගේ දෙවන පෙම් පුවතේ ඇරඹුම සනිටුහන් කරයි. දියණියක ලැබූ දා සිට මවගේ දෑස් ඇය වෙත නිරන්තරයෙන් රදවා තබා ගන්නට උත්සහ දරන නමුත් පියෙකු සෑමවිටම දියණිය තම මනසේ රදවා තබා ගනී.
දුවක දණ ඔබා ඇවිදින්නට පෙරමං තනද්දී ඒ පොඩි දෙපා අභියස දී ඒ පා පොඩි තමා දෙපා මත දරාගෙන පියවරෙන් පියවර මනින්නේ දුවකගේ අප්පච්චී නොවෙ ද කිරිකැටි සිනා දැක ඔහුගේ නීල දෑස් සිනා නංවන්නට උත්සහ කරන්නේ තම දියණිගේ සුරතලයටම නොවෙයි ද පියෙකුගේ හද සන්තානයේ දුවකගේ අනාගත සිහින මංපෙතට අඩිතාලම දමන්නේ දියණිය තම ඇකයට ආ දිනයේ බව නොරහසකි. දිනෙන් දින කුඩා දියණි වැඩෙත්ම පියාගේ සිත් අරණේ පියවරෙන් පියවර ගොඩ නැගෙන ඇගේ ලෝකය පියෙකු තම දෝතින් දරා රකින්නේ කෙතරම් ආසාවකින්ද
මවකගේ උණුසුම ලබමින් සැපට නිදන දියණියකගේ ආරක්ෂාව සපයන්නේ පියාගේ දෑසම නොවෙ ද ඔහුගේ විමසිලිමත් චිත්ත ශක්තියම නොවෙද ඇත්තෙන්ම පියෙකුගේ ආදරය මනින්නට මෙලොව පවතින මිම්ම තවමත් මම සොයා යමින් හිදින්නේ ඔබට මෙන්ම මටද උරුම වූ එකී පීතෘ ස්නේහයේ වපසරිය තවමත් මසිතට නොතේරෙන බැවින් ය. ඒ හදවත කොතරම් සුවිසල් වූවක් ද මට මෙන්ම තවත් දරුවන් තිදෙනෙකුට එකී හදවත එකසේ පෙම් කරන්නේ කෙසේ ද එතරම් ආදරණීය සෙනෙහසක් ඒ හදවත තුල දරන්නේ කෙසේද ඔහුට එය දරාගෙන සිටින්නට හැකිද මට එයම දැනී දැනේනේ මන්ද ....
ඒ තාත්තා මෙන්ම මා ද මා සිතින් ඔහුගේ පීතෘ ස්නේහයට ලොබ බදින නිසාම විය හැකි නොවේ ද
ඉදින් මා ද ඔහුගේම අනුවක් ලෙස දකින සෑම වරක දී මා නැවත නැවතත් ඔහුගේ පෙමින් ජීවිතය ලබන බව මම දනිමි.
හංවඩු ගැහිල්ල හෙවත් පච්ච කලාව 2
වර්තමානයේ ජනාකර්ශනයට පත් ටැටු කලාව
කාලයෙන් කාලයට එන විශේෂිත අංග වල අඩුපාඩුවක් නැත්තා සේම කාලයෙන් කාලයට එන විලාසිතා වලද අඩුපාඩුවක් වත්මනේ දී දක්නට නැත.හුදෙක් විලඩසිතා වලට වැඩි අවධානයක් දක්වන්නේ තරුණ පරපුර බව අපි දනිමු. එහෙත් තරුණයන් මෙන්ම මැදිවියේ අය වැඩිහිටියන් තරුණියන් මෙන්ම කුඩා දරුවන් පවා විලාසිතා වලට ආකර්ශනය වන බව වත්මනේ දී දක්නට ලැබෙන්නකි. මෙහි වරදක් නැත. විලාසිතාවන් නිකරුණේ විවේචනය කරන්නේ හෝ ඒවාට බැන වදින්නේ කුහකයන් හෝ හණමිටිකාරයන් බව සමාජයේ පිළිගැනීමක් තිබෙයි. නමුත් දකින්නාට බීභත්ස්‍යක් ඇති කරන එසේත් නැතිනම් බාල පරපුර නොමග යවන අසංවර දේ ගැන කතිකාවක් ගොඩ නංවන්නට බලා සිටින්නවුන්ට පච්ච කලාවත් රසවත් වස්තුබීජයකි.
වත්මනේ දී ටැටූ කලාව නව මාදිලියේ විලාසිතාවක් මෙන්ම සමාජ රැල්ලක්ව ව්‍යාප්ත වන්නට ඉඩ හසර සැලසී ඇති අතරම වෙනමම ආරයක යන මෙම කලාව සමාජයේ බොහෝ අංග ස්පර්ශ කරමින් උඩුගම් බලා යන බව පෙනේ. එහි දී වත්මන තුල මුහුණු පොත හා ඉන්ස්ටර්ග්රෑම් වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල මෙම විස්මිත කෘති දැකීම මත ටැටූ භාවිතා කිරීමට වැඩි වැඩියෙන් ජනයා පෙළඹී ඇත. විලාසිතා ක්ෂේත්රය පවා මේ වන විට ටැටූ භාවිතා නොකරන අතර බොහෝ ආකෘති ඇත. කෙසේ වෙතත් පච්චයක් ලබා ගැනීම සරල තීරණයක් නොවෙයි. එය මූලික වශයෙන් ඔබේ සමට ස්ථිර දෙයක් ලෙස එම්බඩ් කිරීම එබැවින් පච්චයක් ලබා ගැනීම තීරණාත්මකව තීරණය කල යුතුය.
ටැටූ කර ඇති පුද්ගලයන් වඩාත් කැමැත්තක් දක්වන්නේ ඒවා නිතරම අන් අයගේ ආකර්ශනයට ලක් වනවාටත් වඩා ඒවා දර්ශනය වන්නට ඉඩ හැරීමටය. වෙනත් ආකාරයකට කිවහොත් පච්චා හැමෝටම පේන ආකාරයට අඩ නිරුවත් හෝ ඇග පේන ඇදුම් ආයිත්තම් වලින් සැරසී සිටීමට ඔවුන් කැමැත්තක් දක්වයි. මෙනිසා බොහෝවිට උඩුකය නිරාවරණය වන හෝ අත් නැති ස්කිනි වැනි විලාසිතාවන් වෙත යොමුවනු දක්නට ඇත. පච්චාකාරියක් නම් කලවා , ලැම , , ,උරහිස ,මලවිකරලිය ආදිය පෙනෙන්නට දුහුල් ඇදුම් අදින්නීය. ඈත අතීතයේ දී පච්චා කොටන්නට යොමු වූයේ වැල්ලේ මිනිසුන් හා ගමේ නගරයේ චණ්ඩින් මැරයන් හයිරන්කාරයන් ගණන්කාරයන් බව අපි දනිමු. හුංගම නයා කොටුවේ අලියා බීලිං බේලි වීදියේ බඹරා ගාල්ලේ පිඹුරා වැනි අය සමාජයේ දැන හැදින ගත්තේ උප්පැන්නයේ තිබූ නමට වඩා සිරුරේ තිබූ පච්චයේ වූ සත්ත්වයාගෙන්ය.
ටැටූ සංස්කෘතිය ලංකාවට ඉතාමත් අලංකාරයි. එය අපේ රටේ හරියටම මෑතකදී නොවුවත් පච්ච කෙටීම දැන් ඉතිරිව ඇති තැනට නැඹුරුව සිටී. ටැටූස් යනු ශරීිරයේ සංයුතියට අනුව තීන්ත හා වර්ණක ඇතුලත් කිරීමයි. පුරාණ ශිෂ්ටාචාරයන් විසින් අවුරුදු දහස් ගණනක් පුරා මෙය සිදු කරනු ලැබුහ.
අතීතයේ ලාංකික ජනයාට ටැටූ පිලිබද මිශ්ර හැගීම් ඇති වූහ ඔවුන් බොහෝ විට අපරාධකරුවන් සහ මංකොල්ලකරුවන් සමග සංඝටිත වූ අතර එය ඔවුන් කරදරයේ සංඥාවක් බව රූපයන් නිර්මාණයට පෙළඹුනි. නමුත් පසුගිය දශකය තුල මිනිසුන් ටැටූස් ගසා ගැනීමේ අදහසට වැඩි වශයෙන් යොමු ව ඇත. වත්මනේ දී ටැටුස් ඔබේම ආකෘතියක් බවට පත් ව හමාරය. ඔබගේ සිරුර කැන්වසයක් ව හමාරය. මෑත කාලීන පච්චා නිර්මාණකරුවන් තමාගේම පෞරුෂයන් බිහි කර ගන්නට උත්සහ දරමින් සිටියි. එසේම ලාංකික ටැටූ කලා ශීල්පීන් දේශීය සංචාරක කර්මාන්තය තුල විනිමය ඉපයීමෙහි ඉහල තීරුව සකස් කල අතර මේ සදහා සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගැනීමට සමත්ව ඇත.විඳින්නට අැති කලාවක් වන ටැටු විඳවීමකින් අැරඹීම ද කටුක කලාවක රසය සෙවීමක් ම ය.
හංවඩු ගැහිල්ල හෙවත් පච්ච කලාව 1
පච්ච කෙටීමත් හංවඩු ගැහිල්ලත් දෙක ම අපේ සංස්කෘතියේ බොහෝ දුර ඈත අතීතයේ පටන් පැවත ගෙන එන දෙයකි. රාජ්‍ය බලය සහ බුදු සසුන දැඩි සන්ධානයකට ගොස් සිටි තවත් එක්තරා අවිචාර සමයක මහාවිහාරයේ අදහස් වලට විපක්ෂ මතිමතාන්තර හෙවත් වෛතුල්‍යවාදී අදහස් දැරූ භික්ෂූන් පිරිසකගේ සිවුරු අරවා පිටේ හංවඩු ගසා පිටුවහල් කල සිදුවීමක් පිළිබද සදහන් වෙයි. මේ හංවඩු ගැහිල්ල සිදු කලේ මෙම පිරිසට නැවතත් ආපසු එන්නට බැරි වන්නටත් ජීවිතාන්තය දක්වා වූ දඩුවමක් ලෙසටත් ය.
දෙවන ලෝක යුද සමයේ යුදෙවිවන්ට එරෙහිව නාසි මර්දන හා සංහාරය තුල විවිධ වර්ග වල හංවඩු ගැසීම් භාවිතා වූහ. එකල අවුශ්විට්ස් වැනි කදවුරු වල රැදවියන් මිනිසත් බව අවම පෙන්වීමක් සදහා යොදා ගනු ලැබුයේ හංවඩු ගැසුවේ අංකයක් ය. අපේ පැරැන්නෝ ගව මහීසාදීන්ගේ අයිතිය තහවුරු කරන්නට වූයේ ඒ ඒ සත්ත්වයාගේ පිටේ හංවඩු ගැසීමෙන් ය.
හංවඩු ගැසීම බලවත් පාර්ශවයක් සිය බලයට යටත් පිරිස් හදුනා ගන්න මෙන්ම බැහැර කරන්නට හා අවමන් කරන්නට එසේත් නැතිනම් පාලනය කරන්නට යොදාගත් ආකාරයක් බවත් අනිත් අතට පච්ච කෙටිල්ල කැමැත්තෙන් සිය සිරුරට එකතු කරගන්නා අලංකාරයක් විභූෂනයක් බවත් ඒ පද දෙකේ භාවිතයෙන් දැන් තහවුරුව ඇත. සමකාලීන සිංහල බසට එකතු වී ඇති අලුත් පදයක් වන ටැටූ එක මීට වඩා නාගරික සමකාලීන පොප් වැඩ ගණනාවක් ඇගවුම් කරනු ලබන්නකි. මේ ටැටූ සංස්කෘතිය ඇතුලේ පච්චයේ පන්ති පදනම බලපුලුවන්කාරකම පවා වෙනස්ව ඒක මහා ධාරාවකට ආගමනය ව ඇත.
තායිලන්තයේ හා ඇතැම් අග්නි දිග ආසියාතික රටවල් වලත් බොදු භික්ෂූන් වහන්සේලාගේ සිරුරු පුරා බොදු පච්ච තිබෙනු දක්නට ඇති අතර තායිලන්තයේ ඇතැම් බොදු නිකායක භික්ෂූන් ඉතා බැරෑරුම් ආගමික වතාවක් ලෙස සක්යන්ත් නැමති පච්ච කෙටීමේ චාරිත්රය කරනු ලබයි. භික්ෂුවක් ලවා මේ වර්ගයේ පච්චා කොටා ගැනීම මහත්ඵල ලබා දෙන්නක් බව ඇතැම් බොදු සමාජ වල විශ්වාසයක්ව ඇත.
බුදුන්ලේ සංස්කෘතිය සහ විවිධ සංස්කෘතීන්ට සහ ඓතිහාසික අවධීන්ට අනුව බුද්ධ රූපයට දක්වන ප්රතිචාරය සහ ඒවායේ අරුත් වෙනස් වන බව අමුතුවෙන් තර්ක කොට පෙන්වා දිය යුත්තක් නොවෙයි. පැරණි බුදු සමයට අයත් සේ සැලකෙන ලියවිලි පරීක්ෂා කරන අයෙකුට බුද්ධ රූප වන්දනාව බුදුන් අනුදැන වදාල දෙයක් නොවන බවද තර්ක කරන්නට හැකිය. බොදු අවකාශයක අනසක සලකුනු කරන්න බුදුරුව යොදා ගනී. පසුකාලීනව බුදුරුවද ටැටූ කලාව තුලට පැමිණියහ.
18 වන ශතවර්ෂයේ ටාටෝ හෝ ටැටෝ යන වචනය යන අර්ථය වන්නේ ලියන්න යන්නයි ඔක්ස්පර්ඩ් ඉංග්රිසි ශබ්දකෝෂයේ ටෝටෝ යන අන්වර්ථ නාමයෙන් 18 වන සියවසේ ටෝටෝවා පයිනසු ටැටෝ පොලිනීසියානු ටාටු මාර්ක්සන් ටැටූහි දක්වයි. ටෝටෝ යන වචනය යුරෝපයට සහ නවසීලන්තයට ගෙන එන්නේ 1976 දී ටහිටී ය. මුහුදේ සැරිසැරීම තුල ඔහු ටැටෝ නැමති මෙහෙයුමක් ගැන සදහන් කරයි.
රෑ අහසේ සඳ නැගිලා...ශෘංගාරාත්මක රසාස්වාදය
රෑ අහසේ සඳ නැගිලා ඔබ පහසේ මා හද බැඳිලා
සඳ සිසිලයි තරු එළියයි
දෙතොල හැඩයි
උණුසුමට නටයි
කෝල පිනිපොදේ
පෑයු සඳවතේ නීල නෙතු යුගත් යාවේ
මාගේ ආදරේ
වාගේ සාගරේ ඊට මායිමක් නෑනේ
රෑ අහසේ සඳ
නැගිලා...
මී බිඳු
විසිරේ නිල්මිණි නෙතු සඟලේ දැල්වේ
සීතල කොපුලේ
තාලෙට පිනි ඇතිරේ මල් සේ
වින්ද ආදරේ
සේනා රන්දු ජීවිතේ මායා නුරා ගිනි තොල් දිලිසේ
සහන් සිසිලේ
ඔබේ උකුලේ සිනා ඉතිරේ
රෑ අහසේ සඳ
නැගිලා...
සෝ ගී විරලයි
පෙම් ගී වැල් මිමිණේ මහදේ
රන් පැහැ
ලමැදයි එහි අම සුව ඉතිරේ සුවදේ
එන්න යන්න අද
මා හා දිව්‍ය දෙව්දුවක් වීලා රිදී වලා අතරේ
පහන් එළියේ
ඔබේ තුරුලේ නුරා විසිරේ
පද රචනය : සම්පත් ප‍්‍රනාන්දුපුල්ලේ මයා
ගායනය : සංගීත් විජේසූරිය මයා
ආදරය ජීවිතය කියා දෙන්නා වූත් ජීවිතය ආදරය සොයා යන්නා වූත් මෙලොව පවතින අපූර්ව බැඳීමක් වන මෙම මානව සබැඳියාවන්
ද්විත්වයම කොතරම් සමීප ද යත් ගසට පොත්ත සේම අවියෝජනීය බැඳිමකින් සබැඳී පවතින්නකි. ආාදරය කෙතරම් ජීවිතය
කියාදෙන්නක් ද යන්න හෘදයාංගමව දැනෙනුයේ තම
හදවතේ සමීපතම අනෙක් හදවතේ හෘද ස්පන්දනය තමාගේ හදවතේ ගැස්මට සමාන වන සුයාමයක බවත්
නුඹත් මමත් තිරසාරයෙන් ම දන්නා කරුණකි. පිවිතුරු සුපෙම්වතුන්ගේ පේ‍්‍රම වෘතාන්තය කෙතරම්
සෞන්දර්යාත්මක ද යත් එකී හද සන්තානයන් ගැඹුරින්ම ස්පර්ශ වන යාමය , මනෝරම්‍ය බැඳීමක් දක්වන කින්නර පේ‍්‍රමයක වතක් වැනිය.පේ‍්‍රමය නම් රාගයෙන්
තොර අචින්ත්‍යයක් බව දැක්වුවද පේ‍්‍රමය නම් විටෙක
යෞවන ආදරය මෙන්ම රාගය මතින් රති රස මවන්නක් මැයි මාගේ හැඟීමයි.
යෞවන ප්‍රේමවන්තයින් යුවලකගේ ආදර අන්දරයක
සුපෙම්වත් සුයාමයක් තුල ආදරය කෙතරම් ලයාන්විත ස්වර රටාවන් සමූහයක් දැයි සිතනෙ වාර
අනන්තය. ආලය නම්
මනස්කාන්ත අලංකාරයෙන් යුත් රාත‍්‍රී ආකාසය නම් ජීවන ගංගාවට රාත‍්‍රියේ පෑයු පුන්සඳවතිය
සිසිලස නම් ඇයගේ රාගී පේ‍්‍රමාන්විත ස්පර්ශයයි.සඳ එළියක් නොවැටි නොදිලිසි තරු නම් වු
පිරිමි සිත වෙලා ගත් රාගී පේ‍්‍රම හැඟුමන්
, සඳ රැසින්
තාරකාවන් ආලෝක වන්නා සේම නුරා සිතිවිලි
මතින් ඇගේ පහසින් කුල්මත් කරන්නට වන ඔහුගේ ආශාවන් සඳ එළියෙන් ආලෝකමත් වන්නට උත්සුක
තාරකා මෙනි. තම ලබැඳියගේ
ස්පර්ශය තම නුරාවන් අවුලූ වන්නට කෙතරම් සමත් දැයි මෙහිදී තීව‍්‍ර වන්නේ සඳ සිසිල
නම් ඇගේ පහස මත ඔහුගේ ශෘංගාරාත්මක පිබිදීම
නැතහොත් ලිංගික ආශාවන් තරු , සඳ එළියෙන්
දිලිසෙන්නට වෑයම් කරන්නක් මෙන්ය. ඇගේ පහස රූපශ‍්‍රීය වත කමලට නොපරාජිත ඇයගේ අදර යුග්මයන්
හි ගැස්මන් මත යෞවන ආදරවන්තයින්ගේ වින්දන ශක්තීන් සමග පොර බදන නුරාව උණුසුම්
කරවන්නා වු ඔහුගේ ආශාවන් සපත කරවන්නක් ලෙසින් පෙන්වා දිය හැක.
රෑ අහසේ සඳ
නැගිලා ඔබ පහසේ මා හද බැඳිලා
සඳ සිසිලයි තරු එළියයි
දෙතොල හැඩයි
උණුසුමට නටයි
සඳ සිසිල වු
ඇගේ පහස හා තරු එළිය නම් පුරුෂ ආශාවන් ඔද වැඩුණු අවස්ථාවක ලබැඳියගේ දෙතොල’තර දගකාරකම් කරනුයේ
රාත‍්‍රියේ පිණි වැටෙන සීඝ‍්‍රතාවට වඩා වේගයෙන් හා ප‍්‍රමාණයන් පරදවා ය. පිණි නම් වු පිරිමි
දෙතොල් ස්පර්ශ මහ පොළව මත පිණි වැටී ඇතිරෙන වේගය පරදවා ඇගේ දෙතොලත ස්පර්ශ රැසක්
රඳවා තම අන්ධකාර දිවිය එළි කල සඳවතියගේ නීල නෙතු හා තම නෙත් වලින් ම ඔහු රහසේම ඇය
හා යහන්ගතව ඇත.මෙමගින්
සන්තර්පණය වනුයේ යෞවන පේ‍්‍රමයක හා නුරාවක ඇති ශෘංගාරාත්මක ආකර්ෂණයයි. එසේම ඇසට අසුවන
මායිමක් තුල නෙත් වලින් යහන්ගත වන තරමටම නුරා රසයෙන් තුරුල් වු හුදෙකලාවක වැට කොටු
බැඳිය නොහැකි නුරා ගිනි පේ‍්‍රමවන්ත පිරිමි සිතේ වන ලිංගික පිබිදීමක් ඉස්මතු කරයි.
මී බිඳු විසිරේ නිල්මිණි
නෙතු සඟලේ දැල්වේ
සීතල කොපුලේ තාලෙට පිනි
ඇතිරේ මල් සේ
නුරා හැඟුමන් ඉහිරුණු නිල්මිණි නෙත්
කාන්තියෙන් දැල්වෙන තරමටම නුරා ගින්නට සැලෙන කොපුල් සීතලෙන් , මල් අතුරන්නාක් මෙන්
කොපුල් චුම්භනයන් , හාදු අතුරද්දී
සේනාවක් සේම රඳවන ලද ජීවිතය අම රස මෙන්ම නුරාව ඉහිරවයි.
මෙයින් ව්‍යංගාර්ථවත් වන්නේ යෞවන වයසේ
පසුවන ආදරියගේ මෘදු මොළකැටි ස්පර්ශයන් හමුවේ පේ‍්‍රමවන්තයා තුල ඇති වන ලිංගික
උත්තේජනයයි.
සේනාවකින් ජීවිතයේ රැන්දු ආදරය මහත්
හැඟුමින් සිතැඟියාවන් වූ වැට කඩුලු බිඳී පීදෙන්නේ ආදරයේ නුරාවන් වූ මල් කැකුළු සේය. නුරා රස කලතන ප‍්‍රියාවගේ
පුලුළුකුලේ හිඳ විඳි පේ‍්‍රමනීය වූ පහසින් ලැබු සිනාවන් ය. එනම් තමාගේ නුරා
හැඟුමන් සමග ඇගේ පහස සහන් එළිය මැද මේකුළු ආදරයෙන් ආකාසය නම් උකුල් තලයේ පටලැවී
යන්නා සේ කැටිව උපන් සරාගී යොවුන් ආදරයේ
උච්චතම පේ‍්‍රමාන්විත විඳීම නම් ශෘංගාරයයි. මෙකී ශෘංගාරය වූ කලී ලිංගිකත්වයට යෞවන පේ‍්‍රමයේ
දී ඇති ආනන්දනීය ආකර්ෂණයයි. බොහෝ විට
ලිංගිකත්වයෙන් තොරව රාගී අනුරාගී හැඟුමන් නූපදිති. මන්ද ශෘංගාර රසය මව් කොට රතිය වූ භාවය උපදින
බැවිනි. සෝ ගීයක් වූ පාලු ජීවිය පෙම් ගීයක්
ලියවුනාක් මෙන් දක්වනුයේ තනිකඩව විඳි නුරා ආශාවන් එක්ව විඳීමට ලැබූ අවස්ථාව
නිරූපණය කරන්නක් මෙන්ය.රමනීය
හැඟුමන් පීදී ලබැඳියගේ පහස කෙරෙහි දක්වන ආශක්ත භාවය මෙහිදී උද්දීපනය වන්නේ ඇගේ
පහසේ දී තම රාගී සරාගී නුරා වූ ආශාවන් ටිකෙන් ටික සාක්ෂාත් වෙද්දීය.
ස්ත‍්‍රියකගේ ශරීරාංග
අතර පුරුෂයින්ගේ ආකර්ෂණයට ලක් වන්නේ ළැම හසුන් ය. එසේම කාන්තාවකගේ ආකර්ෂණීය පෙනුම සපත කරවන
මෙකී අංගය ලිංගිකත්වය කෙරෙහි දැඩිව බලපෑමක් ඇති කරවන්නකි. රන් පැහැයෙන් යුක්ත වූ
ළැම හසුන් වල රසස්පර්ශය සිත ග ශෘංගාරය උපදවයි. මෙලොව ඇති මියුරු වූ රස අතර උච්චතම රසය වූ
අමෘත හෙවත් අම රසය ද පරදවන ළැම පහසින් ලබන රස , රස නිෂ්පත්තියකින් යුක්තව නුරා රසයේ දිව්‍ය
සැප සොයා යන්නට මං තැනූවකි. පේ‍්‍රමවන්තයින්ගේ
ප්‍රේමයේ සරාගී ලිංගිකත්වය ඇතිකරවන මෙකී අවස්ථාව එතැනින් නොනැවතී නුරාවෙහි දිව්‍ය
සැප සොයා යන්නට ප්‍රේමවන්තියට ඇරයුම් කරයි. දිව්‍ය සැප ලෙස මෙහිදී අදහස් කරනුයේ
ලිංගිකත්වය නැතහොත් නුරාවයි.
එන්න යන්න අද මා හා දිව්‍ය
දෙව්දුවක් වීලා රිදී වලා අතරේ
පහන් එළියේ ඔබේ තුරුලේ නුරා විසිරේ
අන්ධකාරය තුල
පහන් එළි මැවූ ලබැඳියගේ හංස පිළාවන්ගෙන් සැරසුනු ළමැද යහන් ගැබහෙි මගේ නොහික්මුණු
කෝඩුකාර දඟකාරකම් මැදින් හැඟුමන් කැලඹුණු ආශක්තභාවය පේ‍්‍රමයේ කිරුළු පලන් ජීවිත
ගමන්මගහෙි නවමු පරිඡේදයක් ගොඩ නැංවීමට මුල් ගලක් වූ බව මෙහිදී ප‍්‍රකාශ කරයි.
ආදරයේ සංස්කෘතික බැඳීම
විවාහය වූ කල්හි මෙකී නුරා රසාත්මක වෘතාන්තය දිව ගොස් ඇත්තේ විවාහ ප‍්‍රාප්ත වුවත්
තවමත් පේ‍්‍රමවන්ත සිතිවිලි දරන ස්වාමියාගේත් භාර්යාවකගේත් කුළුදුල් එක්වීමක් වන
අවස්ථාවක් බව මාගේ හැඟීමයි. පේ‍්‍රමයක
ගමන් මග විවාහයෙන් උසස් වුවද බොහෝ කලක් යනතෙක් එකී පේ‍්‍රමයේ මුල් ස්වභාවය කාලයේ
වපසරියක් කොටු කර ගනී. ඒ හා බැඳි
ශෘංගාරය හෙවත් ලිංගිකත්වය මෙහිදී නිරූපණය වන අන්දම ඉතාමත් ආකර්ෂණීය වන බව නොරහසක්
ම වන බවත් මෙයින් තීව‍්‍ර කරගත හැකිය.
මෙම ගීතය
පුරාවටම පද වැල් අමුණා ඇත්තේ මුලින්ම ලැබී ඇති ගී තනුව අරඹයා වන හෙයින් මෙහි තනු
නිර්මාණ අයිතිය හිමි රවීන් රාම්ජී වන ඉන්දීය තනු නිර්මාණ රචකයා ශෘංගාර රසයෙහිම
ස්වර පිහිටුවා ඇති බවක් දක්නට ලැබෙයි. මෙහි වන ශෘංගාරාත්මක වූ තනුව ලාංකීය සංගීතයට ගී තනු
රචනාවක් ලෙසින් කලඑළි බස්වන්නට යොමු වන්නේ සම්පත් ප‍්‍රනාන්දුපුල්ලේ වන ලාංකීය ගීත
කලාවට පුරා දශකයකටත් වඩා ගී පද ඇමුණූ දක්ෂ ගී තනු නිර්මාපකයා ය. මොහු විසින් රචනය කළ
මෙකී ගීතය පුරාවටම මෙහි දී ප‍්‍රකට කරවන්නේ පේ‍්‍රමවන්තයින් යුවලකගේ පේ‍්‍රමයක
මිහිරියාවයි. සරල සුගම බස්
වහරක් උපයුක්ත කොට ගනිමින් මනා කොට රස ජනනය වන පරිද්දෙන් රචනයට පණ පොවන්නට සමත්ව
ඇත්තේ රචකයාගේ හැඟීම යුහුසුළු ලෙස කියා පෑමේ අරමුණෙන් වුවද රසවින්දනයේ දී ඒ හා එහා
මායිමක් ස්පර්ෂ කරන්නට එකී භාෂාව තුල පැවැති ව්‍යංගාර්ථය ඉතාමත් ගැඹුරු බව පසක්
විය.
එකී ගීතය ස්වර මුස කරමින් ශෘංගාරාත්මක රසය එක්
කරනුයේ සංගීත් විජේසූරිය නම් ප‍්‍රවීණ ගායක ශිල්පියා විසින් ය.
සංගීතය තුලින්
මෙන්ම ගී තනු ඇසුරෙන්ද ඔප් නැංවනෙ එකී ගීතයේ ශෘංගාරය මනා කොට ඉස්මතු කරවන්නට
ගායනයේ ඇති මියුරු හඬින් ලබන පන්නරය මෙහි දී ප‍්‍රබල ශෘංගාරයක් උපද්දවන්නක් බව කිව
යුතුය. ගීතයෙන් වඩාත්
අර්ථ ගැන්වෙන යෞවන පේ‍්‍රමයක් වුවද මෙහි ඇතුළත් වන වෘතාන්තය ඊට එහා මායිමක සිට
ශෘංගාරාත්මක බව හා ලිංගිකත්වයේ තවත් එක් හරස්කඩක් බව මෙහි දී ගම්‍යමාන වෙයි. ගායකයාගේ හඬ පෞරුෂයේ
පවත්නා නම්‍යශීලී බව ගීතයේ ලයාන්විත ශෘංගාර ජනනයට මහත් සේ පන්නරයක් ලබා දෙයි. මෙකී ගීතයේ පවත්නා
ලිංගිකත්ව ඉස්මතු වන අවස්ථාවන් හි ඒ හා සාධරණ ලෙස හඬෙහි ලයාන්විත හැගීම්බර භාවය ගීතය
පුරා ඉස්මතු කරවන නුරා රසයේ වෙනමම පැතිකඩක් සම්භෝගයේ යොදවන්නාක් සේ දැනෙයි. එබැවින් මෙකී ගීතය මනා
කොට ලිංගිකත්වය ඉස්මතු කරවන්නා වු නිර්මාණයක් බව මෙහිදී ගම්‍යමාන වේ.
ඉෂංකා ජනානී
Subscribe to:
Posts (Atom)