පුවත්පත් දේශීය සලකුණ සතු අතීත මතකාවර්ජනය 02 - මාතර මොටාගෙදර වනිගරත්න මහතා

ඇත්තට නිදහස අහෝසි වුණාද ?

 පුවත්පත් කලාවෙහි සුපතල දේශීය සලකූණ වන මාතර මොටාගෙදර වනිගරත්න නොහොත් ස්වර්ණපාල අබේසිරිනායක වන මෙතුමා 1964 ඇරඹු ඇත්ත පුවත්පතේ ප‍්‍රථම කාටූන් ශිල්පියා  වූ අතර 1965 දී ස්ථිර ලෙසින්ම ඇත්ත පුවත්පතේ සේවයට බැඳුණි. 

1965 දී මෙරට වාමාංශික පක්ෂය නියෝජනය කල ඇත්ත පුවත්පතේ දී ද පක්ෂය සේම වාමාංශික මත දැරූ පුද්ගලයකු වූහ. ඇත්ත පුවත්පත ආරම්භයට පෙර බොරැුල්ල චැතැම් හවුස් ආයතනයේ පෞද්ගලිකව ආරම්භ කල ටැබ්ලොයිඞ් ප‍්‍රමාණයෙන්  පල කළ දිවයින පුවත්පතේ මුලින් සේවය කල අතර එහි කර්තෘ ලෙස ධනපාල මහතා ද කලින්  සේවය කළ පුවත්පතෙන් ඉවත්ව මෙහි
කර්තෘ ධූරය හෙබවූහ.

 පසුව දිවයිනට ආරාධනා ලැබු මොටාගෙදරයන් මෙහි මාස කිහිපයක් සේවය කරගෙන යන අතරවාරයේ දී කර්තෘවරයා මොටාගෙදරයන් අමතා අලූතින් පුවත්පතක් ආරම්භ කරන්නට  ඇති බව පැවසූ නමුත්  එහි නාමයක් සඳහන් කරනු ලැබුවේ නැත. කාලය යන තේමාවෙන් සිරස්තල කිහිපයක් නිර්මාණය කරන ලෙස මොහු වෙත පවරනු ලැබූ අතර මොටාගෙදරයන් එහි දී එම අර්ථය තීව්‍ර  වන ආකාරයෙන් මනා ලෙසින්
සිරස්තල කිහිපයක් නිර්මාණය කලහ. එහිදී කාලය යන අරුත පසක් වන අන්දමට මෙහි දී සකස් කරනු ලැබූ එක් සිරස්තලයක්  වූයේ දවස යන්නයි.

 ද ව ස යන්නෙන් වර්ණ තුනකින්  යුක්තව නිර්මාණය  කළහ. එයත් සමඟම දිවයින පුවත්පත වැසුණු අතර දවස පටන් ගත්හ. ගුණසේන නැමැත්තකුගේ ප‍්‍රධානත්වයෙන්
ආරම්භ වූ දවස ආරම්භයේ සිටම මොටාගෙදරයන් එහි සේවය කළහ. අවුරුදු දෙකක කාලයක්  පුවත්පතේ සේවය කල මොටාගෙදරයන් ඉන් ඉවත්ව ඇත්ත පුවත්පතට එක්වන්නේ මෙකල දීය.

 1964 දී එස් . ජී . එස් .රණවීර ඇත්ත පුවත්පතෙහි මුල් කර්තෘ  වූහ.  1965 සිට 1972 දක්වා කාලය තුල ඇත්ත පුවත්පතට දෛනිකව කාර්ටුන්  ඇඳ වාමාංශික පක්ෂ කාටූන්ශිල්පියෙක් ලෙස  මොහු සමාජගත වන්නේ මොහු තම කාටූනය හරහා සමාජ අසාධාරණය මෙන්ම  පොදු ජනයාගේ දැවෙන ප‍්‍රශ්න හමුවේ දී රජය කටයුතු කරන ආකාරය සමාජ විවේචනයට ලක් කරනු ලැබූ නිසාය.

 මෙම කාලවකවානුව තුල මොමොටොගෙදර වනිගරත්නයන් ඇඳි කාටූන් වෙනුවෙන්ර ජය මැදිහත් වෙමින් කටයුතු කරන්නට  වූහ. මෙකී  යුගයේ දී ඇත්ත පුවත්පත පුරාම සෑම පිටුවක් පාසාම ඇත්ත යන නම යොදා තිබූ අතර මොහු විසින් ඒ  සඳහා ඇත්ත යන නම මුල් පිටුවට  පමණක් යොදා පුවත්පත නිර්මාණ සැලැස්ම සකසා දෙමින්කාටූන්  ඇඳීමේ ද නියැලූණු මොහු සමාජයේ පෙරළිකාර වූ කාටූන ඇන්දහ. ඒවායින්මොහු වෙත නොයෙකුත් බලපෑම් එල්ල වූ කාටූන ප‍්‍රමාණය ඉතා සීමිත වුවත් එකී අත්දැකීම සවිස්තරව ලබා දීමට ඔහු නොපැකිලි වීම මාගේ සතුටට කරුණක් විය.

ඇත්ත පුවත්පතට ගිනි  තබන ලද්දේ 1987 ඔක්තෝබර් 01 වන දාය. ඒ පිලිබඳ  ප‍්‍රවෘත්තිය ඇත්ත පුවත්පතෙහි පල වූයේ සිද්ධිය  සිදු වී දින පහකට පසුවය. නිශ්චිතවම 1987 සැප්තැම්බර් 06 වැනි දාය.

No comments: