හංවඩු ගැහිල්ල හෙවත් පච්ච කලාව 3 - වෙනතක ගමන් අරඹන ටැටූ ජනප‍්‍රිය මාවතක


වත්මනේ දී ජනප‍්‍රිය වෙන ටැටූ වෙනතක ගමන්අරඹන්නේ හුදෙක් ආසාවන් මතම නොව වටපිටාව මත ඇති කරන බලපෑම හේතුවෙන් දැයි කුහුලක් මතුවන  අවස්ථා ඇත. මෙලෙස ප‍්‍රබලව පැතිර යන ටැටූ කලාව වත්මනේ නව ආරකින් ගමන්  අරඹා ඇත්තේ ජනප‍්‍රිය සංස්කෘතිය මත ගමන් කරන නිසාවෙනි. මෙහි දී මුල් කාලීනව  ඇසට හුරු පුරුදු රටාවන් ටැටූ  බවට  පත් කරගනු ලැබූ අතර වත්මනේ දී බොහෝ සංදිස්ථාන පසු කර ආ ගමන් මග තුල වෙනමම සමාජ සිමාවන් මත වෙන් වූ අංග ටැටූ ලෙස යොදා ගෙන ඇතිබව පෙනේ. මන්ද ආගම ඒ  අතර ප‍්‍රබල තැනක් හිමි කරගන්නේ එබැවිනි.

 ටැටූ කලාව පිළිබඳ  2011 දී ක්ලිනිකල් රිසර්ච්  ආයතනය මගින් කරන ලද සමීක්ෂණයේ දී තහවුරු වූයේ මෙලෙසින්  ටැටූ වෙත යොමු වන්නන්ගෙන් 60% ක් එය තමන්ගේ පුද්ගලික කාරණාවන්  හා තම දිවියේ සිදු වූ අප‍්‍රසන්න  සිදුවීම් අරඹයා පෙළඹ ඇතිබවය. දෙවන ලෝක යුද්ධයෙන්  පසුව පුරුෂ පක්ෂය තුල ප‍්‍රබලව ජනප‍්‍රිය වූ ටැටූ 1960 දී කාන්තාවන්ගේ  නැඹුරුවද ආරම්භ වූහ. 1970 දී මෙය ලොව පුරා ව්‍යෘප්තව යන්නක් බවට පත් වූයේ නිසඟයෙන්මය.


නූතන සමාජය පුරාවටම මනා කොට පැතිර ඇති ටැටූ කලාව සමාජය පුරා වෙනත් මගක යොමු වනු ඇත. මන්ද නූතන මාධ්‍ය පැවති සමය පුරාවට මෙම කලාව ජනප‍්‍රිය වූයේ ආගම , සංස්කෘතික අංග වල ලාක්ෂණික සංරචක මතයි.එසේම මනා කොට භාෂාමය සංකේත යොදා ගත් බව පෙනේ.

ටැටූ ජනප‍්‍රිය වීමට හේතු

 බටහිර රටවල පුරුෂ පක්ෂය හා ස්ත‍්‍රියට සමාන සමාජ පසුබිමක් සැකසී තිබීම
 පුද්ගල බද්ධ  නිදහස
 කලාවක් ලෙස  ලද ප‍්‍රසිද්ධ බව
 ආකර්ශණිය  කලාත්මක බව
 සමාජ ආකර්ෂණය  සහිත පුද්ගලයින්  අනුගමනය
 ගෝලීයකරණය
 නාගරීකරණය

මේ ආදී නොයෙක් කරුණු හේතු කොට ගෙන රැල්ලක්ව පැවතීමට  මෙම කලාවට හැකි වූහ. වත්මන එය වෙනස්ව ඇත.මෙය ජනප‍්‍රීය වන සමාජමය අංග උපාංග කිහිපයක් ඇත.

 ආගම හා ආගමික සංකේත හා දේව සංකල්ප
 සත්ත්ව රූප
 භාෂාත්මක සංකේත
 හැඩතල සමග සැකසුණු රටාවන්
 සංස්කෘතික අංග
 නර්තන  කලාවන්
 කල්පිත  රටා
 සංගීතය

ආගම හා ආගමික සංකේත දේව සංකල්ප





ආගම තුල මනා වූ කලාවන්  රාශියක් දක්නට ඇති ආවේණික රටාවන් මෙන්ම  සෞන්දර්යාත්මක අංග වෙති. නමුත්  නූතනයේ එය යොදා ගන්නා ආකාරය මත සමාජ කතිකාව අතිශය ශෝකාන්තයක්ව ඇත. නමුත් එය වඩ වඩාත් ජනප‍්‍රියව ඇති වූ රැල්ලක් ලෙස ව්‍යාප්ත වන්නේ බටහිර රටවලය. එහිදී වඩාත් යොමුව ඇත්තේ බුදුදහම සහ හින්දු දහම වෙතයි. තවද කතෝලික දහම ද බොහෝ බටහිර රටවල ජනප‍්‍රියව ඇත.

මෙහි දී ආගමානුකූල සලකුණු මත ජනප‍්‍රිය වන ටැටූ කලාව වඩාත් ප‍්‍රබල ලෙස ජනතාවඅතරට යන්නේ නව ප‍්‍රවණතාවක්  ගොඩ නංවාලමිනි. මෙහි ප‍්‍රබල වශයෙන් හින්දු ආගමෙහි සංකේත ශබ්දය වන  ́ඕ0  කාරයයි. ආගමක ශාස්තෘවරුන් මෙන්ම  ආගමට දක්වන ලැදියාවට ඒවා ටැටූ ලෙස යොදා ගැනීමට ජනප‍්‍රිය සංස්කෘතිය මෙහිදී  යොමුව ඇත.මෙයින් නවතම ජනප‍්‍රිය අංගයක් බවට ආගම පත්ව ඇති බව පෙන්වා  දිය හැකිය.

සතත්ව  රූප හා කල්පිත  සත්ත්ව රූප



සත්ත්ව රූප හා කල්පිත  සත්ත්ව රූප මත වඩා ප‍්‍රබල ජනප‍්‍රියත්වයක් ගොඩ නංවා ගැනීමට හැකියාවක්  උදාවන වත්මනක් ගොඩ නැගී ඇත. මන්ද ස්ත‍්‍රී පුරුෂ දෙපකෂයම එම ජනප‍්‍රියත්වය කරා ඇදී ගොස් ඇති නිසාය. මකරා යන මනඃකල්පිත සත්ත්වයා නවතම රැල්ලක් බවට පත්ව ජනප‍්‍රිය වූ බව පෙන්වා  දිය හැකි
සාධක බොහෝය. 

මුල් කාලීනව  වඩාත් ප‍්‍රසිද්ධව පෙළඹුන කලාත්මක අංගයක් බව මකරා සංකේතවත් කල  හැකිය. තායිලන්තය වැනි රට වලදී ඇතා හට හිමි වන්නේ ජපානය තුල මකරාට හිමි වන තරමටම ප්‍රබල  ස්ථානයකි. මෙයින්  පසු අනෙකුත් සත්ත්වයින්  ද  ජනප‍්‍රියතම අංගයක් ලෙස ව්‍යාප්ත වූහ.

භාෂාත්මක සංකේත , හැඩතල සමග සැකසුණු රටාවන් ,



සංස්කෘතික අංග , නර්තන කලාවන්  , කල්පිත  රටා , සංගීතය ආදී නෙක විධ අංගයන් මත ප‍්‍රකට කල ජනප‍්‍රිය සංස්කෘතිය වෙනතක යාමට උත්සහයක්ඇති කරන ලද්දේ නොසිතූ අයුරකිනි.


No comments: