මෙලොව පැවැත්ම සඳහා සන්නිවේදනය ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ ශිෂ්ඨාචාරයේ මූලාරම්භයේ සිටය. මෙකී සන්නිවේදන ගමන් මග තුළ ද වෙනස් වූ මාධ්‍ය හරහා සන්න්නිවේදනය තම පරම යුතුකම ඉටු කරන බව දක්නට ලැබෙයි. මෙසේ සන්නිවේදන ගමන් මග සමග අත් වැල් බැඳ සිටින ප‍්‍රබලතම මෙවළම වන්නේ ජනමාධ්‍ය බව නොරහසකි. එබැවින්ජනමාධ්‍ය වූ කලී සන්නිවේදනයේ ගමනාන්තයට මග කියන මාර්ගෝපදේශකයෙක් බව මෙහිදී
පැහැදිලි වෙයි.
ජනමාධ්‍ය සමාජයේ ගැටුමක් ඇති කිරීමට මෙන් මුලින්ම නිරාකරණය කරදීමටද ජනමාධ්‍ය හේතු වන බව කිව හැකිය. එසේම වෘත්තිය භාවයකින් තොරව සිදුවන්නා වූ මාධ්‍ය නිෂ්පාදන සමාජයේ පුද්ගලයාට මෙන්ම සමාජයට හා සංවිධාන වලම ප‍්‍රබල ගැටුම් නිර්මාණය කරනු ලබයි. මෙහිදී සමාජය තුල සමාජ සංහිඳියාව වෙනුයට හිඩස පුරවනුයේ සමාජ වෛරය හා පුද ිගල හා සමාජ සංවිධාන තුල පවත්නා ගරුත්වය මෙහි දී සමාජ ආර්ථීක බිඳ දැමීමක් ද සිදු කරයි.
මොනයම් හෝ රටක හෝ සමාජයක සමාජ වගකීම රහිතව ද පසෙක ලා මාධ්‍ය පවතින විට ජනතාව රැකගෙන තම අරමුනෙන් රාජ්‍ය වගකීම ද ඉදිරියට පැමිණෙන බැව් පෙනේ. ආචාර ධර්ම සහ නීතිය යනු ප‍්‍රධාන සමාජ සංකල්ප දෙකක් වුවද එ ් දෙක අතර ප‍්‍රබල වෙනස්කම් ද දක්නට ලැබෙයි.
නෛතික තත්ත්වයන් බිඳ දැමීමට ජනමාධ්‍යට හැකියාවත් නොමැත. එලෙස නෛතික තත්ත්වයන් ගැන නොසලකමින් වත්මන් ජනමාධ්‍ය ක‍්‍රියා කරන්නේ ද නැතහොත් ඔවුන් ජනමාධ්‍ය ආචාර ධර්ම නිසිලෙස ක‍්‍රියාවට නගන්නේ ද යන වග සොයා බැලීමට යොමු විය යුතුය. මන්ද බොහෝ ජනමාධ්‍ය ආයතන නිසි ලෙස මාධ්‍ය කාර්ය භාර්ය ඉටු කරනු නොලැබෙයි. මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී බටහිර ප‍්‍රධාන මූලධර්ම හතරක් පිලිබඳ සාකච්ඡුාවට භාජනය කළ හැකි ය. එනම්,
1. සත්‍යවාදී බව
2. නිදහස
3. හානිය අවම කිරීම
4. වගකිව යුතු බව
යනා දී වශයෙනි.
ජනමාධ්‍ය ජනතාවගේ විශ්වාසනීය මාධ්‍ය වීම සඳහා තොරතුරු වල නිරවද්‍යතාවය බලපාන අතර එය සමාජ කෘත්‍යාත්මක සාධකයක් ද වේ. වර්තමානයේ ජනතාව තොරතුරු ලෝකයක ජීවත් වන අතර එය නිවැරදි නොවන විට ජනමාධ්‍ය සහ ප‍්‍රජාව අතර පවතින අනුකලනාත්මක සබඳතාව ද බිඳ වැටේ.
ආචාර ධර්මීය ස්වරූප සහ එහි හැසිරීම් තුළ මාධ්‍ය නිදහස ගොඩ නැගෙනවා ද නැතහොත්මාධ්‍ය නිදහස සමාජ පද්ධතියට පරිබාහිර සාධකයක් ලෙස සිට සමාජයට බලපෑම් කරන්නේ ද යන්න පිලිබඳ තර්කනය අතිශය වැදගත් ය. නිදහසේ තොරතුරු දැනගැනීම සහ නිදහස් තොරතුරු දැනගැනීම තුළ ඇත්තේ ද ආකෘති දෙකකි.
නිදහසේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඇති අතර නිදහසේ තොරතුරු සහ මත බෙදාදීමේ අයිතිය ද පැවතීම තුළ මාධ්‍ය වෘත්තිකභාවය තුළ ගැටලූ මතු වේ. ඒ ඕනෑම වෘත්තියක් තුළ සමාජ ආචාරධර්ම සහ සාරධර්ම පවතින බැවිනි. මෙය එකිනෙකින් වියුක්ත නොවන, සමපාත ද නොවන ප‍්‍රධාන පැතිකඩ දෙකකි.
වර්තමානයේ දී මාධ්‍ය සඳහාවෙන් නියම වූ මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් සකසා තිබීම ප‍්‍රබලව මාධ්‍ය සඳහා බලපෑමක් ඇති කරන්නක් බව පෙන්වා දියහැකිය. නමුත් එයින් මාධ්‍ය වල පවත්නා හික්මීම සහ සංයමයක් ගොඩ නැගීමට ගත් උත්සහයක් ලෙසත් පෙන්වා දිය හැකිය. සෑම රටකටම ප‍්‍රාමාණික ආචාර ධර්ම පද්ධතියක් පැවතීම වත්මනේ දක්නට හැකි ප‍්‍රධාන ලක්ෂණයක් ව ඇත. ලංකාවට පමණක් නොව ලෝකයේ අනෙක් සෑම රටකටම ආවේනික වූ මෙම අංගය මනා වූ සදාචාරාත්මක මාධ්‍ය ක‍්‍රියාවලියක් ගොඩ නැංවීම සඳහා හේතු වේ.
ආචාර ධර්ම නිරන්තර බද්ධ වෙන්නේ නිවැරදි, සාධාරණ, අපක්ෂපාතී, යුතුකම් ඉටු කරන, වගකම් සහිත ක‍්‍රමවේද සමග ය. මෙය දිගු කාලීන සමාජ සම්ප‍්‍රදායානුගත ක‍්‍රියාවලියකි. හිපොක‍්‍රටික්ගේ දිවුරුම තුළ සඳහන් වන්නේ ද යම් ක‍්‍රියාවකින් සමාජයට හානි සිදු නොවිය යුතු බවකි. මෙලෙස ජනමාධ්‍යවේදියා තුලින් ද සමාජ හානිය අවම විය යුතු අතර ප‍්‍රවෘත්ති ආවරණය තුලින් ද බලපෑමට ලක් වන්නන් පිළිබඳව සිතිය යුතු වේ. මාධ්‍යවේදීන් සමාජ ගැටලූ පිළිබඳ සත්‍ය සෙවීමට, නිදහස් ලෙස ක‍්‍රියාත්මක වීමට සහ මහජන සේවය සඳහා ආචාර ධර්මීයව බැඳී පවතී.
සැකසුම ඉෂංකා ජනානි
No comments:
Post a Comment