කවියෙක්ද මම

කවි කාර කවි කම 
කවියෙකැයි දැනුන හැටි ......

කලක සිට කවි සිත 
ගැබ්බරයි 
ලඟක සිට සිතිවිලි 
විලිබරයි 
මෙ 'දැන් පන්හිඳෙන් 
ප්‍රසූතයි 
ඉතින් මම කලේ
 වින්නඹු කමයි..


හංවඩු ගැහිල්ල හෙවත් පච්ච කලාව 3 - වෙනතක ගමන් අරඹන ටැටූ ජනප‍්‍රිය මාවතක


වත්මනේ දී ජනප‍්‍රිය වෙන ටැටූ වෙනතක ගමන්අරඹන්නේ හුදෙක් ආසාවන් මතම නොව වටපිටාව මත ඇති කරන බලපෑම හේතුවෙන් දැයි කුහුලක් මතුවන  අවස්ථා ඇත. මෙලෙස ප‍්‍රබලව පැතිර යන ටැටූ කලාව වත්මනේ නව ආරකින් ගමන්  අරඹා ඇත්තේ ජනප‍්‍රිය සංස්කෘතිය මත ගමන් කරන නිසාවෙනි. මෙහි දී මුල් කාලීනව  ඇසට හුරු පුරුදු රටාවන් ටැටූ  බවට  පත් කරගනු ලැබූ අතර වත්මනේ දී බොහෝ සංදිස්ථාන පසු කර ආ ගමන් මග තුල වෙනමම සමාජ සිමාවන් මත වෙන් වූ අංග ටැටූ ලෙස යොදා ගෙන ඇතිබව පෙනේ. මන්ද ආගම ඒ  අතර ප‍්‍රබල තැනක් හිමි කරගන්නේ එබැවිනි.

 ටැටූ කලාව පිළිබඳ  2011 දී ක්ලිනිකල් රිසර්ච්  ආයතනය මගින් කරන ලද සමීක්ෂණයේ දී තහවුරු වූයේ මෙලෙසින්  ටැටූ වෙත යොමු වන්නන්ගෙන් 60% ක් එය තමන්ගේ පුද්ගලික කාරණාවන්  හා තම දිවියේ සිදු වූ අප‍්‍රසන්න  සිදුවීම් අරඹයා පෙළඹ ඇතිබවය. දෙවන ලෝක යුද්ධයෙන්  පසුව පුරුෂ පක්ෂය තුල ප‍්‍රබලව ජනප‍්‍රිය වූ ටැටූ 1960 දී කාන්තාවන්ගේ  නැඹුරුවද ආරම්භ වූහ. 1970 දී මෙය ලොව පුරා ව්‍යෘප්තව යන්නක් බවට පත් වූයේ නිසඟයෙන්මය.


නූතන සමාජය පුරාවටම මනා කොට පැතිර ඇති ටැටූ කලාව සමාජය පුරා වෙනත් මගක යොමු වනු ඇත. මන්ද නූතන මාධ්‍ය පැවති සමය පුරාවට මෙම කලාව ජනප‍්‍රිය වූයේ ආගම , සංස්කෘතික අංග වල ලාක්ෂණික සංරචක මතයි.එසේම මනා කොට භාෂාමය සංකේත යොදා ගත් බව පෙනේ.

ටැටූ ජනප‍්‍රිය වීමට හේතු

 බටහිර රටවල පුරුෂ පක්ෂය හා ස්ත‍්‍රියට සමාන සමාජ පසුබිමක් සැකසී තිබීම
 පුද්ගල බද්ධ  නිදහස
 කලාවක් ලෙස  ලද ප‍්‍රසිද්ධ බව
 ආකර්ශණිය  කලාත්මක බව
 සමාජ ආකර්ෂණය  සහිත පුද්ගලයින්  අනුගමනය
 ගෝලීයකරණය
 නාගරීකරණය

මේ ආදී නොයෙක් කරුණු හේතු කොට ගෙන රැල්ලක්ව පැවතීමට  මෙම කලාවට හැකි වූහ. වත්මන එය වෙනස්ව ඇත.මෙය ජනප‍්‍රීය වන සමාජමය අංග උපාංග කිහිපයක් ඇත.

 ආගම හා ආගමික සංකේත හා දේව සංකල්ප
 සත්ත්ව රූප
 භාෂාත්මක සංකේත
 හැඩතල සමග සැකසුණු රටාවන්
 සංස්කෘතික අංග
 නර්තන  කලාවන්
 කල්පිත  රටා
 සංගීතය

ආගම හා ආගමික සංකේත දේව සංකල්ප





ආගම තුල මනා වූ කලාවන්  රාශියක් දක්නට ඇති ආවේණික රටාවන් මෙන්ම  සෞන්දර්යාත්මක අංග වෙති. නමුත්  නූතනයේ එය යොදා ගන්නා ආකාරය මත සමාජ කතිකාව අතිශය ශෝකාන්තයක්ව ඇත. නමුත් එය වඩ වඩාත් ජනප‍්‍රියව ඇති වූ රැල්ලක් ලෙස ව්‍යාප්ත වන්නේ බටහිර රටවලය. එහිදී වඩාත් යොමුව ඇත්තේ බුදුදහම සහ හින්දු දහම වෙතයි. තවද කතෝලික දහම ද බොහෝ බටහිර රටවල ජනප‍්‍රියව ඇත.

මෙහි දී ආගමානුකූල සලකුණු මත ජනප‍්‍රිය වන ටැටූ කලාව වඩාත් ප‍්‍රබල ලෙස ජනතාවඅතරට යන්නේ නව ප‍්‍රවණතාවක්  ගොඩ නංවාලමිනි. මෙහි ප‍්‍රබල වශයෙන් හින්දු ආගමෙහි සංකේත ශබ්දය වන  ́ඕ0  කාරයයි. ආගමක ශාස්තෘවරුන් මෙන්ම  ආගමට දක්වන ලැදියාවට ඒවා ටැටූ ලෙස යොදා ගැනීමට ජනප‍්‍රිය සංස්කෘතිය මෙහිදී  යොමුව ඇත.මෙයින් නවතම ජනප‍්‍රිය අංගයක් බවට ආගම පත්ව ඇති බව පෙන්වා  දිය හැකිය.

සතත්ව  රූප හා කල්පිත  සත්ත්ව රූප



සත්ත්ව රූප හා කල්පිත  සත්ත්ව රූප මත වඩා ප‍්‍රබල ජනප‍්‍රියත්වයක් ගොඩ නංවා ගැනීමට හැකියාවක්  උදාවන වත්මනක් ගොඩ නැගී ඇත. මන්ද ස්ත‍්‍රී පුරුෂ දෙපකෂයම එම ජනප‍්‍රියත්වය කරා ඇදී ගොස් ඇති නිසාය. මකරා යන මනඃකල්පිත සත්ත්වයා නවතම රැල්ලක් බවට පත්ව ජනප‍්‍රිය වූ බව පෙන්වා  දිය හැකි
සාධක බොහෝය. 

මුල් කාලීනව  වඩාත් ප‍්‍රසිද්ධව පෙළඹුන කලාත්මක අංගයක් බව මකරා සංකේතවත් කල  හැකිය. තායිලන්තය වැනි රට වලදී ඇතා හට හිමි වන්නේ ජපානය තුල මකරාට හිමි වන තරමටම ප්‍රබල  ස්ථානයකි. මෙයින්  පසු අනෙකුත් සත්ත්වයින්  ද  ජනප‍්‍රියතම අංගයක් ලෙස ව්‍යාප්ත වූහ.

භාෂාත්මක සංකේත , හැඩතල සමග සැකසුණු රටාවන් ,



සංස්කෘතික අංග , නර්තන කලාවන්  , කල්පිත  රටා , සංගීතය ආදී නෙක විධ අංගයන් මත ප‍්‍රකට කල ජනප‍්‍රිය සංස්කෘතිය වෙනතක යාමට උත්සහයක්ඇති කරන ලද්දේ නොසිතූ අයුරකිනි.


ජනප‍්‍රිය සංස්කෘතිය



ජනප‍්‍රිය සංස්කෘතිය යනු ජනයාට ප‍්‍රිය වූ සහ ජනයා සමග වැඩෙන යන අරුත් දෙන ලෝකයා විසින්බෙදා ගත් ක‍්‍රියාදාමයක් සහ විශ්වාස සමුහයක් මත වාණිජමය නිෂ්පාදනයක් හා බැදෙමින්ජනමාධ්‍ය මගින්  සමාජ  ගත කරන භාණ්ඩ , සේවා හා ඒ  හා බැඳුණු චර්යාවන්  එක් වීමෙන් සෑදුනු සමාජ සංස්කෘතික ස්වරූපයකි. එක් අතකින්  භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් ද තවත් අතකින්ජනමාධ්‍ය ද තවත් පැත්තකින් පාරිභෝගික ජනතාව ද එක්වීමෙන් සෑදුනු ක‍්‍රියාවලියකි. එසේම බහුජන සංස්කෘතිය උපරිම තලය ජනප‍්‍රිය සංස්කෘතිය යි. සන්නිවේදන  තාක්ෂණය හා සබැඳි සංස්කෘතියක්වන මෙහි නිර්මාණයට  වඩා නිෂ්පාදනයක් උදෙසා වැඩි ඉඩ කඩක් හිමිව ඇත. ජනප‍්‍රිය සංස්කෘතිය අතිරික්තයක්  සහිත නිසාවෙන් පහසුවෙන් පරිභෝජනය කළ හැකි ය. මාධ්‍ය වෙළද පොළේ ක‍්‍රියාකාරිත්වය ක‍්‍රියාත්මක වන්නේ ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන් අතර ගණුදෙනුව  සක‍්‍රීය කරීම සදහාය.
14 හා සියවස් වලදී පුරාණ ග‍්‍රීසියේ පුනරුද සමයේ දී මෙම සංකල්පය පැවතී ඇති අතර 19 වන සියවසේ සිට යුරෝපීය  රටවල් වලද මෙය ප‍්‍රචලිත වූහ. එමෙන්ම  මෙම සංකල්පය ඔස්සේ විවිධාකාර නිර්වචන හා මතවාද ගොඩ නැගී ඇත. එහිදී මහාචාර්ය විමල් දිසානායකයන් දක්වනුයේ ජනප‍්‍රිය සංස්කෘතිය යනු මතවාදී ආයෝජන භූමියකි. 

අරුත් ජනනය කරන මේ සරු බිමෙහි වඩා ක‍්‍රියාකාරී ස්වභාවයක් උසුලන්නේත් වඩා වැදගත් වන්නේත් පුද්ගලාය.

යන්නයි. ජනප‍්‍රිය සංස්කෘතිය යන යෙදුම 19 වන සියවසේ හෝ ඊට පෙරාතුව බිහිව ඇත. සාම්ප‍්‍රදායිකව ජනප‍්‍රිය සංස්කෘතිය දුර්වල අධ්‍යාපනය හා පහළ පංති වලටද බැඳී තිබුණි. ජනප‍්‍රිය සංස්කෘතිය හෝ පොප් සංස්කෘතිය යනු 20 වන ශත වර්ෂයේ මැද භාගයේ සිට මැද භාගයේ සහ 20 වන සියවසේ නැඟී එන ගෝලීය ප‍්‍රධාන ප‍්‍රවාහයට අයත් සංස්කෘතියේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ ප‍්‍රධාන ආකල්ප, අදහස්, රූප, දෘෂ්ටිකෝණය සහ අනෙකුත්  සංසිද්දීන් . මෙම අදහස් එකතුව සමාජයේ එදිනෙදා ජීවිතයට බලපෑම් කරයි.

සාමාන්‍යයෙන් ජනප‍්‍රිය පොප් සංස්කෘතික කාණ්ඩ: විනෝදාස්වාදය (චිත‍්‍රපට, සංගීතය, රූපවාහිනී  සහ වීඩියෝ ක‍්‍රීඩා*, ක‍්‍රීඩා, ප‍්‍රවෘත්ති (ප‍්‍රවෘත්ති වල / ස්ථානවල දී*, දේශපාලනය, විලාසිතා / ඇඳුම්, තාක්ෂණය සහ ආදිය. ජනප‍්‍රිය සංස්කෘතිය යම් යම් මාතෘකා සඳහා පුද්ගලයන්  ආකල්ප වලට බලපෑම් කිරීමේ ක‍්‍රමයක් ඇත.ජනප‍්‍රිය සංස්කෘතියට විවිධ අංග ඇතුළත් වේ. කුමන හෝ නව අංගයක්ඇතුළත් කර ගැනීමට  ඕනෑම අවස්ථාවක ඉඩකඩ ඇත. ව්‍යාපාරයන්ගේ අභිමතය පරිදි මාධ්‍ය වෙළද පොළට නව අංග ඇතුළත් කිරීම් කාර්යය ඉටු කරනුයේ බහුජන මාධ්‍ය කරුවන් විසින්  ය. 

බහුජන සංස්කෘතියේ සෑම අංගයක්ම නිර්මාණය වී ඇත්තේ , පාරිභෝගික ජනයා හසු කර ගැනිමේ පරමාර්ථයෙන්  ය. බහුජන සංස්කෘතියේ විවිධ අංග තේරුම් ගැනීම පවා පාරිභෝගික ජනයාට අපහසු ය. මෙහි විවිධ අංග ව්‍යාපාරිකයන් හා බහු ජන මාධ්‍ය විසින්  නිර්මාණය කරන අතර පාරිභෝගික ජනයා ඒවා භාර ගනී. ජනප‍්‍රිය සංස්කෘතියේ ක‍්‍රියාකාරීත්වය පාර්ශව කරුවෝ ය. ජනප‍්‍රිය සංස්කෘතිය අන්‍යෝන්‍ය ක‍්‍රියාකාරිත්වයකින් යුක්ත අතර නව භාණ්ඩ හා සේවා ව්‍යාපාරිකයින්විසින්  නිපදවන අතර ඒවා  ජනප‍්‍රිය සංස්කෘතියේ කොටස් කරුවන්  හමාර ය. ජනප‍්‍රිය සංස්කෘතිය පවත්වාගෙන යන්නේ පාරිභෝගික ජනතාවය. මෙහි දී වාසි ලබන්නේ  ව්‍යාපාරිකයන් හා බහුජන මාධ්‍ය විසිනි. ජනප‍්‍රිය සංස්කෘතිය කාලීනව විවිධ හැඩ රුව ගැන්වීම බහු ජන මාධ්‍ය විසින්  කරනු  ලැබේ.

ජනප‍්‍රිය සංස්කෘතිය සමස්ත සමාජයේ ම චර්යාවන්ගේ  කෙරෙහි බලපානු ලබන අතර යම් සමාජයක ජනයාගේ ආර්ථික පැවතුම් කෙරහි දැඩිව බලපායි. මෙමගින්  ජනයාගේ ප‍්‍රමුඛ අපේක්ෂකයන්  යටපත්කර ඔවුන් නිස්සාර හා හිස් අපේක්ෂාවන්  කරා යොමු කරයි. ජනප‍්‍රිය සංස්කෘතියේ පවත්නා ආකර්ෂණීය බව හා සුන්දර  බව නිසා පාරිභෝගික ජනතාවට තමන් ජනප‍්‍රිය සංස්කෘතිය තුළ ගොදුරක්  වී සිටින්  බව නොතේරෙයි . ජනප‍්‍රිය යන වචනවල සමහර අවස්ථාවලදී එකිනෙකට හුවමාරු විය හැකි අතර ඒවායෙන්  අර්ථය අඩුවෙන ඇසෙන  අතර, ”පොප්” යන වචනය පටු වේ. ජනප‍්‍රියත්වය යනු ජනයාට ප‍්‍රිය වූ යන්නයි. ජෝන්  ස්ටෝඩි අනුව, ජනප‍්‍රිය සංස්කෘතියේ නිර්වචන හයක් පවතී. 

සංස්කෘතියේ ප‍්‍රමාණාත්මක අර්ථකථනය බොහෝ ”ඉහළ සංස්කෘතිය” (උදා., ජේන් ඔස්ටේන්හි රූපවාහිනී නාට්‍යකරණය* ”ජනප‍්‍රිය” ද යන ප‍්‍රශ්නයයි. ”පොප් සංස්කෘතිය” යනු සංස්කෘතිය යනු කුමක්ද  යන්නෙන් තීරණය කළ විට ”ඉතිරි” සංස්කෘතිය ලෙස අර්ථ දැක්වේ. කෙසේ වෙතත්, බොහෝ වැඩ කටයුතු සීමාවන්ට, 

උදා., විලියම් ෂේක්ස්පියර් හා චාල්ස් ඩිකන්ස් තෙවන අර්ථ දැක්වීම ”මහා
සංස්කෘතිය” හා අදහස් සමග පොප් සංස්කෘතිය සමාන කරයි.

 ජනමාධ්‍ය විසින්  ස්කන්ධයෙන්පරිභෝජනය සඳහා මහා ජන සංගණනයක් ලෙස සලකනු ලැබේ. බටහිර යුරෝපයී  ඉදිරි දර්ශනයකින් මෙය ඇමරිකානු සංස්කෘතියට සැසඳිය හැකිය. විකල්පයක් ලෙස, ”පොප් සංස්කෘතිය” ජනතාවගේ ”අව්‍යාජ” සංස්කෘතිය ලෙස අර්ථ දැක්විය හැකිය. නමුත් මෙය ප්‍රශ්නයක්  විය හැකි ය. 

ජනප‍්‍රිය සංස්කෘතියට දේශපාලන පැතිකඩයක් පවතින බව ස්ටෝරි තර්ක කලේය. නව-ග්රාම්ස්සිවාදී හෙජමොනික සිද්දාන්තයන් 

 ”... සමාජය තුළ යටත් වූ කණ්ඩායම්වල ප්‍රතිරෝදය  හා සමාජයේ ආධිපත්‍යවාදී කණ්ඩායම්වල අවශ්‍යතා වෙනුවෙන්  ක‍්‍රියාත්මක වන බලවේගයන්ගේ ප‍්‍රතිරෝධය අතර ජන අරගලයක් ලෙස ජනප‍්‍රිය සංස්කෘතිය දකියි . ජනප‍්‍රිය සංස්කෘතියට පශ්චාත් නූතනවාදී ප‍්‍රවිෂ්ටයක් මත ඉහල හා ජනප‍්‍රිය සංස්කෘතිය අතර වෙනස හඳුනාගත නොහැකිය.”

කාර්මික විප්ලවයේ නාගරීකරණයෙන් ජනප‍්‍රිය සංස්කෘතිය මතු විය. ශේක්ස්පියර්ගේ  අධ්‍යයනය (නිදසුනක් ලෙස වේමන්, බාබර් හෝ බ්රිස්ටල් විසින් * ඔහුගේ නාට්‍යයේ ජනප‍්‍රීය සංස්කෘතියේ සහභාගීත්වය සඳහා ඔහුගේ නාට්‍යයේ වැදගත්කම සොයාගත හැකි අතර, සමකාලීන වෘත්තිකයන්වන ඩාලියෝ ෆෝ සහ ජෝන්  මැග්රිට්, එහි ග්රාම්ස්චියානු අර්ථයෙන් ජනප‍්‍රිය සංස්කෘතිය භාවිතා
කරන අතර, පැරණි ජන සම්ප‍්‍රදායන් (උදාහරණයක් ලෙස කොමඩිය ඩෙල්ආර්ට්*තහවුරු කල හැක. ජනප‍්‍රිය සංස්කෘතිය නිරන්තරයෙන්ම විකාශනය වී ඇති අතර එය සුවිශේෂී ස්ථානයක් සහ වේලාවකි . එය ධාරාවන්  සහ විවිධ ආකාරවලින්  සමාජයට හා එහි ආයතනවලට බලපාන අන්‍යෝන්‍ය වශයෙන්එකිනෙකට බැඳී ඇති අන්‍යතාවන්  සහ සාරධර්ම සංකීර්ණ සමස්ථයකි.

 උදාහරණයක් ලෙස, පොප්සං ස්කෘතියේ ඇතැම් ප‍්‍රවාහයන් උපුටා ගැනීමෙන් හෝ ප‍්‍රධාන වශයෙන් ගලා එන ජනප‍්‍රිය සංස්කෘතියේ සීමිත සුහදතාවයක් ඇති අවකාශයක්  නියෝජනය කරයි . ජනප‍්‍රිය සංස්කෘතියේ බොහෝ  අංග සාමාන්‍යයෙන්  ජනතාව පුළුල් පරාසයක ආකර්ෂණය කර ඇත. උතුරු ඇමරිකාවේ, ආසියාවේ සහ විශේෂයෙන්ම  ලතින්  ඇමරිකාවේ බාහිර යුරෝපීය  සංස්කෘතීන්ගේ බලපෑම අධ්‍යයනය කරන ජර්මානු පර්යේෂකයෙකු වන රොනල්ඞ් ඩයස් විසින්  ජනප‍්‍රිය සංස්කෘතියේ අර්ථය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් සමකාලීන දායකත්වය ලබා දී ඇත.

ජනමාධ්‍ය ආචාර ධර්ම


 මෙලොව පැවැත්ම සඳහා සන්නිවේදනය  ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ  ශිෂ්ඨාචාරයේ මූලාරම්භයේ සිටය. මෙකී  සන්නිවේදන  ගමන් මග තුළ ද වෙනස් වූ මාධ්‍ය හරහා සන්න්නිවේදනය  තම පරම යුතුකම ඉටු කරන බව දක්නට ලැබෙයි. මෙසේ සන්නිවේදන ගමන් මග සමග අත් වැල් බැඳ සිටින ප‍්‍රබලතම මෙවළම වන්නේ ජනමාධ්‍ය බව නොරහසකි. එබැවින්ජනමාධ්‍ය වූ කලී සන්නිවේදනයේ ගමනාන්තයට මග කියන මාර්ගෝපදේශකයෙක්  බව මෙහිදී
පැහැදිලි වෙයි.

 ජනමාධ්‍ය සමාජයේ ගැටුමක් ඇති කිරීමට මෙන් මුලින්ම  නිරාකරණය කරදීමටද ජනමාධ්‍ය හේතු වන බව කිව හැකිය. එසේම වෘත්තිය භාවයකින් තොරව සිදුවන්නා වූ මාධ්‍ය නිෂ්පාදන සමාජයේ පුද්ගලයාට මෙන්ම  සමාජයට හා සංවිධාන වලම ප‍්‍රබල ගැටුම් නිර්මාණය කරනු ලබයි. මෙහිදී  සමාජය තුල සමාජ සංහිඳියාව වෙනුයට හිඩස පුරවනුයේ සමාජ වෛරය හා පුද ිගල හා සමාජ සංවිධාන තුල පවත්නා ගරුත්වය මෙහි දී සමාජ ආර්ථීක බිඳ දැමීමක් ද සිදු කරයි. 



මොනයම් හෝ රටක හෝ සමාජයක සමාජ වගකීම රහිතව ද පසෙක ලා මාධ්‍ය පවතින විට ජනතාව රැකගෙන තම අරමුනෙන් රාජ්‍ය  වගකීම ද ඉදිරියට පැමිණෙන බැව් පෙනේ. ආචාර ධර්ම සහ නීතිය යනු ප‍්‍රධාන සමාජ සංකල්ප දෙකක් වුවද එ ් දෙක අතර ප‍්‍රබල වෙනස්කම් ද දක්නට ලැබෙයි. 

නෛතික තත්ත්වයන් බිඳ දැමීමට ජනමාධ්‍යට හැකියාවත් නොමැත.  එලෙස නෛතික තත්ත්වයන් ගැන නොසලකමින් වත්මන් ජනමාධ්‍ය ක‍්‍රියා කරන්නේ ද නැතහොත් ඔවුන්  ජනමාධ්‍ය ආචාර ධර්ම නිසිලෙස ක‍්‍රියාවට නගන්නේ ද යන වග සොයා බැලීමට යොමු විය යුතුය. මන්ද බොහෝ ජනමාධ්‍ය ආයතන නිසි ලෙස මාධ්‍ය කාර්ය භාර්ය ඉටු කරනු නොලැබෙයි. මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී බටහිර ප‍්‍රධාන මූලධර්ම  හතරක්   පිලිබඳ සාකච්ඡුාවට භාජනය කළ හැකි ය. එනම්,

1. සත්‍යවාදී බව 
2. නිදහස 
3. හානිය අවම කිරීම
4. වගකිව යුතු බව


 යනා දී වශයෙනි.
 ජනමාධ්‍ය ජනතාවගේ විශ්වාසනීය මාධ්‍ය වීම සඳහා තොරතුරු වල නිරවද්‍යතාවය බලපාන අතර එය සමාජ කෘත්‍යාත්මක සාධකයක් ද වේ. වර්තමානයේ ජනතාව තොරතුරු  ලෝකයක ජීවත් වන අතර එය නිවැරදි නොවන විට ජනමාධ්‍ය සහ ප‍්‍රජාව අතර පවතින අනුකලනාත්මක සබඳතාව ද බිඳ වැටේ.
 ආචාර ධර්මීය ස්වරූප සහ එහි හැසිරීම් තුළ මාධ්‍ය නිදහස ගොඩ නැගෙනවා ද නැතහොත්මාධ්‍ය නිදහස සමාජ පද්ධතියට පරිබාහිර සාධකයක් ලෙස සිට සමාජයට බලපෑම් කරන්නේ ද යන්න පිලිබඳ  තර්කනය අතිශය වැදගත් ය. නිදහසේ තොරතුරු දැනගැනීම සහ නිදහස් තොරතුරු දැනගැනීම තුළ ඇත්තේ ද ආකෘති දෙකකි. 


නිදහසේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඇති අතර නිදහසේ තොරතුරු සහ මත බෙදාදීමේ අයිතිය ද පැවතීම තුළ මාධ්‍ය වෘත්තිකභාවය  තුළ ගැටලූ මතු වේ. ඒ  ඕනෑම වෘත්තියක් තුළ සමාජ ආචාරධර්ම සහ සාරධර්ම පවතින බැවිනි. මෙය එකිනෙකින්  වියුක්ත නොවන, සමපාත ද නොවන ප‍්‍රධාන පැතිකඩ දෙකකි.

 වර්තමානයේ දී මාධ්‍ය සඳහාවෙන් නියම වූ මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් සකසා තිබීම ප‍්‍රබලව මාධ්‍ය සඳහා බලපෑමක් ඇති කරන්නක්  බව පෙන්වා දියහැකිය. නමුත් එයින්  මාධ්‍ය  වල පවත්නා හික්මීම සහ සංයමයක් ගොඩ නැගීමට ගත් උත්සහයක් ලෙසත් පෙන්වා  දිය හැකිය. සෑම රටකටම ප‍්‍රාමාණික ආචාර ධර්ම පද්ධතියක් පැවතීම වත්මනේ දක්නට හැකි ප‍්‍රධාන ලක්ෂණයක් ව ඇත. ලංකාවට පමණක් නොව ලෝකයේ අනෙක්  සෑම රටකටම ආවේනික වූ මෙම අංගය මනා වූ සදාචාරාත්මක මාධ්‍ය ක‍්‍රියාවලියක් ගොඩ නැංවීම සඳහා හේතු වේ.

ආචාර ධර්ම නිරන්තර බද්ධ  වෙන්නේ නිවැරදි, සාධාරණ, අපක්ෂපාතී, යුතුකම් ඉටු කරන, වගකම් සහිත ක‍්‍රමවේද සමග ය. මෙය දිගු කාලීන සමාජ සම්ප‍්‍රදායානුගත ක‍්‍රියාවලියකි. හිපොක‍්‍රටික්ගේ දිවුරුම තුළ සඳහන් වන්නේ ද යම් ක‍්‍රියාවකින්  සමාජයට හානි සිදු නොවිය යුතු බවකි. මෙලෙස ජනමාධ්‍යවේදියා තුලින්  ද සමාජ හානිය අවම විය යුතු  අතර ප‍්‍රවෘත්ති ආවරණය තුලින්  ද බලපෑමට ලක් වන්නන් පිළිබඳව සිතිය යුතු වේ. මාධ්‍යවේදීන් සමාජ ගැටලූ පිළිබඳ සත්‍ය සෙවීමට, නිදහස් ලෙස ක‍්‍රියාත්මක වීමට සහ මහජන සේවය සඳහා ආචාර ධර්මීයව බැඳී පවතී.

සැකසුම   ඉෂංකා ජනානි 

පුවත්පත් දේශීය සලකුණ සතු අතීත මතකාවර්ජනය 02 - මාතර මොටාගෙදර වනිගරත්න මහතා

ඇත්තට නිදහස අහෝසි වුණාද ?

 පුවත්පත් කලාවෙහි සුපතල දේශීය සලකූණ වන මාතර මොටාගෙදර වනිගරත්න නොහොත් ස්වර්ණපාල අබේසිරිනායක වන මෙතුමා 1964 ඇරඹු ඇත්ත පුවත්පතේ ප‍්‍රථම කාටූන් ශිල්පියා  වූ අතර 1965 දී ස්ථිර ලෙසින්ම ඇත්ත පුවත්පතේ සේවයට බැඳුණි. 

1965 දී මෙරට වාමාංශික පක්ෂය නියෝජනය කල ඇත්ත පුවත්පතේ දී ද පක්ෂය සේම වාමාංශික මත දැරූ පුද්ගලයකු වූහ. ඇත්ත පුවත්පත ආරම්භයට පෙර බොරැුල්ල චැතැම් හවුස් ආයතනයේ පෞද්ගලිකව ආරම්භ කල ටැබ්ලොයිඞ් ප‍්‍රමාණයෙන්  පල කළ දිවයින පුවත්පතේ මුලින් සේවය කල අතර එහි කර්තෘ ලෙස ධනපාල මහතා ද කලින්  සේවය කළ පුවත්පතෙන් ඉවත්ව මෙහි
කර්තෘ ධූරය හෙබවූහ.

 පසුව දිවයිනට ආරාධනා ලැබු මොටාගෙදරයන් මෙහි මාස කිහිපයක් සේවය කරගෙන යන අතරවාරයේ දී කර්තෘවරයා මොටාගෙදරයන් අමතා අලූතින් පුවත්පතක් ආරම්භ කරන්නට  ඇති බව පැවසූ නමුත්  එහි නාමයක් සඳහන් කරනු ලැබුවේ නැත. කාලය යන තේමාවෙන් සිරස්තල කිහිපයක් නිර්මාණය කරන ලෙස මොහු වෙත පවරනු ලැබූ අතර මොටාගෙදරයන් එහි දී එම අර්ථය තීව්‍ර  වන ආකාරයෙන් මනා ලෙසින්
සිරස්තල කිහිපයක් නිර්මාණය කලහ. එහිදී කාලය යන අරුත පසක් වන අන්දමට මෙහි දී සකස් කරනු ලැබූ එක් සිරස්තලයක්  වූයේ දවස යන්නයි.

 ද ව ස යන්නෙන් වර්ණ තුනකින්  යුක්තව නිර්මාණය  කළහ. එයත් සමඟම දිවයින පුවත්පත වැසුණු අතර දවස පටන් ගත්හ. ගුණසේන නැමැත්තකුගේ ප‍්‍රධානත්වයෙන්
ආරම්භ වූ දවස ආරම්භයේ සිටම මොටාගෙදරයන් එහි සේවය කළහ. අවුරුදු දෙකක කාලයක්  පුවත්පතේ සේවය කල මොටාගෙදරයන් ඉන් ඉවත්ව ඇත්ත පුවත්පතට එක්වන්නේ මෙකල දීය.

 1964 දී එස් . ජී . එස් .රණවීර ඇත්ත පුවත්පතෙහි මුල් කර්තෘ  වූහ.  1965 සිට 1972 දක්වා කාලය තුල ඇත්ත පුවත්පතට දෛනිකව කාර්ටුන්  ඇඳ වාමාංශික පක්ෂ කාටූන්ශිල්පියෙක් ලෙස  මොහු සමාජගත වන්නේ මොහු තම කාටූනය හරහා සමාජ අසාධාරණය මෙන්ම  පොදු ජනයාගේ දැවෙන ප‍්‍රශ්න හමුවේ දී රජය කටයුතු කරන ආකාරය සමාජ විවේචනයට ලක් කරනු ලැබූ නිසාය.

 මෙම කාලවකවානුව තුල මොමොටොගෙදර වනිගරත්නයන් ඇඳි කාටූන් වෙනුවෙන්ර ජය මැදිහත් වෙමින් කටයුතු කරන්නට  වූහ. මෙකී  යුගයේ දී ඇත්ත පුවත්පත පුරාම සෑම පිටුවක් පාසාම ඇත්ත යන නම යොදා තිබූ අතර මොහු විසින් ඒ  සඳහා ඇත්ත යන නම මුල් පිටුවට  පමණක් යොදා පුවත්පත නිර්මාණ සැලැස්ම සකසා දෙමින්කාටූන්  ඇඳීමේ ද නියැලූණු මොහු සමාජයේ පෙරළිකාර වූ කාටූන ඇන්දහ. ඒවායින්මොහු වෙත නොයෙකුත් බලපෑම් එල්ල වූ කාටූන ප‍්‍රමාණය ඉතා සීමිත වුවත් එකී අත්දැකීම සවිස්තරව ලබා දීමට ඔහු නොපැකිලි වීම මාගේ සතුටට කරුණක් විය.

ඇත්ත පුවත්පතට ගිනි  තබන ලද්දේ 1987 ඔක්තෝබර් 01 වන දාය. ඒ පිලිබඳ  ප‍්‍රවෘත්තිය ඇත්ත පුවත්පතෙහි පල වූයේ සිද්ධිය  සිදු වී දින පහකට පසුවය. නිශ්චිතවම 1987 සැප්තැම්බර් 06 වැනි දාය.

පුවත්පත් දේශීය සලකුණ සතු අතීත මතකාවර්ජනය 01 - මාතර මොටාගෙදර වනිගරත්න මහතා

කාටූන් ශිල්පී මොටාගෙදර වනිගරත්න
 මහතා.


 කාටූන්  ශිල්පී මොටාගෙදර  වනිගරත්න මහතා උපන් ගම මාතර දිස්ත‍්‍රික්කයේ මොටාගෙදර ග‍්‍රාමයයි.1933 පෙබරවාරි මස 16 වන දින උපන් මෙතුමාගේ දෙමාපියන්  වූයේ සිරියාවතී දේවනාරායන සහ අබේසිරිනාරායන වනිගරත්නයන් ය. මොටාගෙදර රජයේ පාසලෙන් හා මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මෙතුමා වැඩකල මුල්ම පුවත්පත වනුයේ ලංකාදීප පුවත්පතයි. මෙතුමාගේ බිරිඳ වූයේ සීතා රණසිංහ වන අතර මොහුට දරුවන්  සිව්දෙනෙක් වූහ. ඔවුන් මූර්ති  , සංඛ , නිමල් , සිවුමල්  වූහ.

 මොටාගෙදර වනිගරත්නයන් නමින්  ස්වර්ණපාල අබේසිරිනාරායන වූ අතර සීතා මොටාගෙදර සමග බතික් ශිල්පය ඇරඹුහ. එයට පෙර මෙතුමා මුල් කාලීනව චිත‍්‍ර කලාව සමග නොයෙකුත් ආකාරයට බැඳී කලා කටයුතු වල නිරත වූහ. හේවුඩ්  කලායතනයේ අධ්‍යාපනය හැදෑරූ මෙතුමා ” මගේ ලතාව ” ලෙසින් 1956 ඔක්තෝබර් 3 , 4 , 5 යන දින වල පැවැත් වූහ. එවකට අග‍්‍රමාත්‍ය වූ බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත් වුහ. ඉන් පසුව මෙතුමා දිවයින පුවත්පතේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා  වූ අතර පසුව ගුණසේන ආයතනයේ මුද්‍රණය කරන පොත් වල මුල්  කවරය සඳහා මුල්  කවරය සකසන ශිල්පියා  ලෙස කටයුතු කරන ලදි.

 පසුව ස්වාධීන පුවත්පත් සමාගමේ ප‍්‍රකාශිත දවස පුවත්පතේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්වුපියා වූ  අතර මෙම වකවානුවෙහි මෙතුමා පදිංචිව සිටියේ නාවල ය. මෙම යුගයේ දී මොහුට තම බිරිඳ වූ සීතා හමු විය.1965 ශ‍්‍රී ලංකා කොමියුනිස්ට්  පක්ෂයේ නිල පුවත්පත වූ ඇත්ත පත‍්‍රයේ කාටූන් ශිල්පියා ලෙස වැඩ කිරීමට ද එක් වූ මොහු මෛත‍්‍රීපාල සේනානායක මහතා ඇරඹු සතිය පුවත්පතේ ද වැඩ කළේය.

 මෙතුමා 1934 රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ලංකාගමනය * සහ 1956 දී බණ්ඩාරනායකගේ ජනතා ජයග‍්‍රහණය * අතර වූ දෙදශකයක පමණ කාල පරිච්චේදයේ  දී මෙරට ඇති වූ සංස්කෘතික පුනර්ජීවනයේ සාර ඵලයක් ලෙස හඳුන්වා දිය හැකි කලාකරුවෙකි.