මාධ්‍ය සංස්කෘතිය සහ සමාජ විද්‍යාත්මක ප්‍රවේශය.



මාධ්‍ය සංස්කෘතිය නුතනත්වය මත සංස්කෘතික ප්‍රවේශය ඔස්සේ විමසන කල්හි දී , මාධ්‍ය  සංස්කෘතිය නම් මාධ්‍ය මගින් ගොඩනැගුණා  වූ සංස්කෘතියයි.


 සංස්කෘතිය වූ කලී , දැනුම ,ඇදහිලි ,විශ්වාස ,කලාව ,සදාචාරය ,නීතිය , සිරිත් විරිත් ,හා සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා සාක්ෂාත් කොටගෙන ඇති හුරු පුරුදු හා හැකියාවන් ඇතුලත් සංකිර්ණ සමස්තයයි.                                                                                                    ඊ .බී .ටයිලර් 

මෙකි සංස්කෘතිය මාධ්‍ය ඔස්සේ විකාශය වන මාධ්‍ය සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ආවේණික  ලක්ෂණ මගින් විකාශය  වේ. සංස්කෘතිය වූ කලී සංස්කෘතික ප්‍රවේශය ඔස්සේ දක්වන විට සංස්කෘතිය අධ්‍යයනය කිරීම තුලින් හදුනා ගත හැක්කකි. එය විසිරී  පවතී. 

සංස්කෘතිය ඉගැනීම හා සංස්කෘතිය විසිරි පැවතීම මත සංස්කෘතිය මාධ්‍ය සංස්කෘතිය ලෙස හැඩ ගැසෙන්නේ ජන මාධ්‍ය ප්‍රබල මුලාශ්‍රයක් බවට පත් කරගනිමිනි. එසේම අසීමිත පොදු වූ තොරතුරු හුවමාරුව සංකීර්ණ වීමත් සමග පරිසරයට මාධ්‍ය තුල පැවති සංස්කෘතිය වඩාත් ම නවීකරණය වෙමින් සමාජයේ සංස්කෘතික සිමාවන් අභිබවමින් ඉක්මවමින් පැතිරී යයි. 

නූතනයේ මේ වන විට ජන මාධ්‍ය යනු, සන්නිවේදන උපකරණයක් නොව ජීවන  ක්‍රමයක් බවට පත්ව තිබේ. මාධ්‍ය සංස්කෘතිය ගොඩනැගෙන්නේ මාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන සංදේශ ජනතාව විසින් සිය ජීවන චර්යාවන්ට එක කර ගැනීමෙනි. මෙය ජනමාධ්‍ය ඔස්සේ මාධ්‍යම බලපෑමක් මත ක්‍රියාත්මකව ක්‍රියා කරනු ලබයි. 

වත්මනේදී නුතන මාධ්‍ය සංස්කෘතියේ ඇතැම් අංග සමාජයක පවත්නා පොදු ජන සංස්කෘතිය ආක්‍රමණය කර ඇත. 
උදා : ආහාර රටා  - මැක්ඩොනල් , කේ .එෆ් .සී . ,ෆැබ් ,
       ඇඳුම් පැළදුම් - ඔඩෙල් ,ස්ප්‍රින් ඇන්ඩ් සමර් 

නුතන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව නිසා ජන සමාජයේ මාධ්‍යම බලවත් වීම නිසා මාධ්‍ය සංස්කෘතිය පාලනය කිරීමට නොහැක. වර්තමානයේ මාධ්‍ය සංස්කෘතිය සීඝ්‍ර  වර්ධනයක් දක්වයි. සංස්කෘතික අංග පවත්නා සමාජයෙන් වෙනතකට යොමු කරමින් මාධ්‍ය සංස්කෘතිය සමාජයේ චර්යාත්මක වෙනසක් ඇති කිරීම සමාජ විද්‍යාත්මකව පෙන්වා දිය හැකිය. 

සමාජ විද්‍යාත්මක ප්‍රවේශය ඔස්සේ සමාජයේ මානව චර්යාවන් විශ්ලේෂණය කිරීම මෙහි ස්වරූපයයි. මානව සමාජයේ ආර්ථික ,දේශපාලනය , සංස්කෘතිය ,සමජ ක්ෂේත්‍රයන්  ඒකාබද්ධව චර්යාත්මක පදනමකින් ජිවත් වූ ජීවන  රත්වන් වෙනතකට යොමු කරනුයේ මාධ්‍ය සංස්කෘතියයි. 


නුතන මාධ්‍ය සංස්කෘතිය මගින් විරෝධී සංස්කෘතියක් බිහි කරයි. මෙහිදී සමාජ විද්‍යාත්මක ප්‍රවේශයේ දී සලක බලන විට විවිධ වූ විෂය දැනුම හා ඒවායේ ක්ෂේත්‍ර මෙන්ම ආගමික , දේශපාලනික ,යනාදී අංශ ඔස්සේ මානව චර්යාවන්ගෙන් ගැටුම් , අපරාධ ,ප්‍රචණ්ඩ සමාජානුයෝජන,ලිංගිකත්වය ,දික් කසාද , ආදෝ නිශ්චිත වූ ව්‍යුහයකින් ගොඩ නැගුන සමාජය මෙම වාතාවරණය බිහි කරයි. 

මාධ්‍ය සංස්කෘතිය මිනිසාගේ  සාමාන්‍ය තත්ත්වය ඉලක්ක කොටගෙන විවිධතා ව්‍යාප්ත කරවයි. මෙකි සංස්කෘතිය හරහා විවිධ වූ ආකල්ප හා අදහස් බිහි කරයි. එනම් , එෆ් .බී . ආදී සමාජ ජාල මාධ්‍ය මගින් මාධ්‍ය සංස්කෘතිය බිහි කරමින් අවශ්‍යතා ඇති කරවීමක් සිදු කරි. 
පුද්ගල අවශ්‍යතා මෙන්ම සමාජ  අවශ්‍යතා දෙයාකාරයකි. මිනිසාගේ ශාරීරික හා මානසික ක්රියවකින්ම ඉලක්කගත මාධ්‍ය සංස්කෘතිය ව්‍යාප්ත කරවීමට වත්මන් සමාජය සමත්ව ඇත. එසේම ගෝලීයකරණය වූ සමාජය තුල මාධ්‍ය ඔස්සේ නව සංස්කෘතියක් ගොඩනගමින් එය ව්‍යාප්ත කිරීම සැලසුම් සහගත ක්‍රියාවලියක් බවට පැහැදිලි කරුණකි. මෙකී සංස්කෘතිය තුල දැකිය හැක්කේ ජනප්‍රිය සංස්කෘතිකමය ලක්ෂණයි. ප්‍රධානවම මෙය ව්‍යවහාරික ආධිපාත්‍යයක් ඔස්සේ ක්‍රියා කරයි. මෙහිදී දෛනික ජීවන රටා ආහාර රටා , හුරු පුරුදු ,සිරිත් විරිත් ගුණධර්ම මැනවින් විවිධ අංග යටතේ වෙනසකට යොමු වීමක් මෙහිදී සිදු වෙයි. 

සංස්කෘතිය රැකියා හැකිද ? නොහැකිද ? නුතන මාධ්‍ය  සංස්කෘතිය තුලින් පන නගින මුඛ්‍ය පැනයක් වන්නේ  සංස්කෘතිය රැකීමට යාමේදී තවදුරටත් එය විනාශ වී යාමයි. සමාජ අවශ්‍යතාවන් ඔස්සේ මාධ්‍ය සංස්කෘතිය හෙවත් ජනප්‍රිය සංස්කෘතියට ඉලක්කගත ග්‍රාහක කොට්ඨාශය ලෙස විවිධ වයස්,තත්ත්වයන් මත විසරණය සිදු කරයි. 

ධනපති පන්තිය , මධ්‍යම පන්තිය ,පීඩිත පන්තිය ආදී ලෙස ඇති වර්ගීකරණ සමාජයේදී මාධ්‍ය සංස්කෘතිය එකී තත්ත්වයන් හි දී මිනිසුන්ගේ පොදු අවශ්‍යතාවයන් ගොඩනන්වයි .සංස්කෘතික ප්‍රවේශය ඔස්සේ අතීත සංස්කෘතිය තුල පවත්නා වටිනාකම් , ආකල්ප , ගුණ ධර්ම ,පිරිහී යාමක් මාධ්‍ය සංස්කෘතිය තුලින් සිදු වෙයි. 

ජනප්‍රිය සංස්කෘතිය යනු , ජනමාධ්‍ය මගින් සමාජ ගත කරනු ලබන භාණ්ඩ හා සේවා  ඒ හා බැඳුණු චර්යාවන් එක වීමෙන් සැදුණු සමාජ සංස්කෘතික ස්වරූපයකි.'
ජනප්‍රිය සංස්කෘතිය වාණිජ විශ්වාස මත ගොඩ නැගී ඇති අතර ජනප්‍රිය සංස්කෘතියට බලපාන  අංගයන් වන්නේ , භාණ්ඩ හා සේවා නිෂ්පාදනය , පාරිභෝගිකයන් හා ජනමාධ්‍යයි . මෙහිදී ප්‍රධාන ලක්ෂණ වන්නේ.,

* බහු ජන සංස්කෘතියේ උපරි තලයයි.
*වාණිජ නිෂ්පාදන හා බැඳී පවතී. 
*ජනප්‍රිය සංස්කෘතිය නිර්මාණයකට වඩා නිෂ්පාදනයකි.
*ජනප්‍රිය සංස්කෘතිය අතිරික්තයක් සහිතයි.
*තාක්ෂණය  සමග සබැඳියාවක් පවතී. 
*ලාභ උපරිම කිරීමේ චේතනාව ක්‍රියාත්මක වෙයි.
*ගෝලීයකරණය මත ගොඩ නැගෙයි.

උදා : ඇඳුම් 
හිපොප් සහ පොප් ශෛලීන් 
අන්තර්ජාලය හරහා අධ්‍යාපනික මෙවලම් භාවිතය 

සැකසුම: ඉෂංකා ජනානි 

No comments: