මුහුද හත් ගව්වක - අැඳි නමුත් අමුඩය මෙදැන්

කියන්නට දෙයක් අැත
කලියෙන්ම කසාදෙට
නුඹ මෙහෙම විය යුතුයි
පස් මහ බැලුම් බලා පෙර

කෙල්ලක්ව සිටිය යුතු
කොල්ලෙක් නොවන් නිරතුරු
කියයි මැසිවිල්ලෙන්ම තතු
මම මමමයැයි නොදිටි එ'මසුරු

නුඹ සොයත් කහවනු
පුදනු වස් දන් පින් සඳු
දැන්ම වෙන් කරන යුරු
කියත් සිත නවතමින් සහ තතු

දිවිය මහ බරක් මැයි
එ'නොදත් වුන් දත් විලිස්සයි
කටුක මග ගමන් යත් මට
කටු අැණුනෙ හදවත් විදිත්

මෙහෙම දිවි මට සැපයි
දෙමුහුන්ව නොවත් නම්
විදිමි සුර ලොවේ නිදහස