හංවඩු ගැහිල්ල හෙවත් පච්ච කලාව 1

පච්ච කෙටීමත් හංවඩු ගැහිල්ලත්  දෙක ම අපේ සංස්කෘතියේ බොහෝ දුර ඈත අතීතයේ පටන් පැවත ගෙන එන දෙයකි. රාජ්‍ය බලය සහ බුදු සසුන දැඩි සන්ධානයකට ගොස් සිටි තවත් එක්තරා අවිචාර සමයක මහාවිහාරයේ අදහස් වලට විපක්ෂ මතිමතාන්තර හෙවත්  වෛතුල්‍යවාදී අදහස් දැරූ භික්ෂූන් පිරිසකගේ සිවුරු අරවා පිටේ හංවඩු ගසා පිටුවහල් කල සිදුවීමක් පිළිබද සදහන් වෙයි. මේ හංවඩු ගැහිල්ල සිදු කලේ මෙම පිරිසට නැවතත් ආපසු එන්නට බැරි වන්නටත් ජීවිතාන්තය දක්වා වූ දඩුවමක් ලෙසටත් ය. 


දෙවන ලෝක යුද සමයේ යුදෙවිවන්ට එරෙහිව නාසි මර්දන හා සංහාරය තුල විවිධ වර්ග වල හංවඩු ගැසීම් භාවිතා වූහ. එකල  අවුශ්විට්ස් වැනි කදවුරු වල රැදවියන් මිනිසත් බව අවම පෙන්වීමක් සදහා යොදා ගනු ලැබුයේ හංවඩු ගැසුවේ අංකයක් ය. අපේ පැරැන්නෝ ගව මහීසාදීන්ගේ අයිතිය තහවුරු කරන්නට වූයේ ඒ ඒ සත්ත්වයාගේ පිටේ හංවඩු ගැසීමෙන් ය.


හංවඩු ගැසීම බලවත් පාර්ශවයක් සිය බලයට යටත් පිරිස් හදුනා ගන්න මෙන්ම බැහැර කරන්නට හා අවමන් කරන්නට එසේත් නැතිනම් පාලනය කරන්නට යොදාගත් ආකාරයක් බවත් අනිත් අතට පච්ච කෙටිල්ල කැමැත්තෙන් සිය සිරුරට එකතු කරගන්නා අලංකාරයක් විභූෂනයක් බවත් ඒ පද දෙකේ භාවිතයෙන් දැන් තහවුරුව ඇත.  සමකාලීන සිංහල බසට එකතු වී ඇති අලුත් පදයක් වන ටැටූ එක මීට වඩා නාගරික සමකාලීන පොප් වැඩ ගණනාවක් ඇගවුම් කරනු ලබන්නකි.  මේ ටැටූ සංස්කෘතිය ඇතුලේ පච්චයේ පන්ති පදනම බලපුලුවන්කාරකම පවා වෙනස්ව ඒක මහා ධාරාවකට ආගමනය ව ඇත.



තායිලන්තයේ හා ඇතැම් අග්නි දිග ආසියාතික රටවල් වලත් බොදු භික්ෂූන් වහන්සේලාගේ සිරුරු පුරා බොදු පච්ච තිබෙනු දක්නට ඇති අතර තායිලන්තයේ ඇතැම් බොදු නිකායක භික්ෂූන් ඉතා බැරෑරුම් ආගමික වතාවක් ලෙස සක්යන්ත් නැමති පච්ච කෙටීමේ චාරිත්රය කරනු ලබයි. භික්ෂුවක් ලවා මේ වර්ගයේ පච්චා කොටා ගැනීම මහත්ඵල ලබා දෙන්නක් බව ඇතැම් බොදු සමාජ වල විශ්වාසයක්ව ඇත.



බුදුන්ලේ සංස්කෘතිය සහ විවිධ සංස්කෘතීන්ට සහ ඓතිහාසික අවධීන්ට  අනුව බුද්ධ රූපයට දක්වන ප්රතිචාරය සහ ඒවායේ අරුත් වෙනස් වන බව අමුතුවෙන් තර්ක කොට පෙන්වා දිය යුත්තක් නොවෙයි. පැරණි බුදු සමයට අයත් සේ සැලකෙන ලියවිලි පරීක්ෂා කරන අයෙකුට බුද්ධ රූප වන්දනාව බුදුන් අනුදැන වදාල දෙයක් නොවන බවද තර්ක කරන්නට හැකිය. බොදු අවකාශයක අනසක සලකුනු කරන්න බුදුරුව යොදා ගනී. පසුකාලීනව බුදුරුවද ටැටූ කලාව තුලට පැමිණියහ.


18 වන ශතවර්ෂයේ ටාටෝ හෝ ටැටෝ යන වචනය යන අර්ථය වන්නේ ලියන්න යන්නයි ඔක්ස්පර්ඩ් ඉංග්රිසි ශබ්දකෝෂයේ ටෝටෝ යන අන්වර්ථ නාමයෙන් 18 වන සියවසේ ටෝටෝවා පයිනසු ටැටෝ පොලිනීසියානු ටාටු මාර්ක්සන් ටැටූහි දක්වයි. ටෝටෝ යන වචනය යුරෝපයට සහ නවසීලන්තයට ගෙන එන්නේ 1976 දී ටහිටී ය. මුහුදේ සැරිසැරීම තුල ඔහු ටැටෝ නැමති මෙහෙයුමක් ගැන සදහන් කරයි.



No comments: