පුවත්පත් දේශීය සලකුණ සතු අතීත මතකාවර්ජනය 01 - මාතර මොටාගෙදර වනිගරත්න මහතා

කාටූන් ශිල්පී මොටාගෙදර වනිගරත්න
 මහතා.


 කාටූන්  ශිල්පී මොටාගෙදර  වනිගරත්න මහතා උපන් ගම මාතර දිස්ත‍්‍රික්කයේ මොටාගෙදර ග‍්‍රාමයයි.1933 පෙබරවාරි මස 16 වන දින උපන් මෙතුමාගේ දෙමාපියන්  වූයේ සිරියාවතී දේවනාරායන සහ අබේසිරිනාරායන වනිගරත්නයන් ය. මොටාගෙදර රජයේ පාසලෙන් හා මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මෙතුමා වැඩකල මුල්ම පුවත්පත වනුයේ ලංකාදීප පුවත්පතයි. මෙතුමාගේ බිරිඳ වූයේ සීතා රණසිංහ වන අතර මොහුට දරුවන්  සිව්දෙනෙක් වූහ. ඔවුන් මූර්ති  , සංඛ , නිමල් , සිවුමල්  වූහ.

 මොටාගෙදර වනිගරත්නයන් නමින්  ස්වර්ණපාල අබේසිරිනාරායන වූ අතර සීතා මොටාගෙදර සමග බතික් ශිල්පය ඇරඹුහ. එයට පෙර මෙතුමා මුල් කාලීනව චිත‍්‍ර කලාව සමග නොයෙකුත් ආකාරයට බැඳී කලා කටයුතු වල නිරත වූහ. හේවුඩ්  කලායතනයේ අධ්‍යාපනය හැදෑරූ මෙතුමා ” මගේ ලතාව ” ලෙසින් 1956 ඔක්තෝබර් 3 , 4 , 5 යන දින වල පැවැත් වූහ. එවකට අග‍්‍රමාත්‍ය වූ බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත් වුහ. ඉන් පසුව මෙතුමා දිවයින පුවත්පතේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා  වූ අතර පසුව ගුණසේන ආයතනයේ මුද්‍රණය කරන පොත් වල මුල්  කවරය සඳහා මුල්  කවරය සකසන ශිල්පියා  ලෙස කටයුතු කරන ලදි.

 පසුව ස්වාධීන පුවත්පත් සමාගමේ ප‍්‍රකාශිත දවස පුවත්පතේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්වුපියා වූ  අතර මෙම වකවානුවෙහි මෙතුමා පදිංචිව සිටියේ නාවල ය. මෙම යුගයේ දී මොහුට තම බිරිඳ වූ සීතා හමු විය.1965 ශ‍්‍රී ලංකා කොමියුනිස්ට්  පක්ෂයේ නිල පුවත්පත වූ ඇත්ත පත‍්‍රයේ කාටූන් ශිල්පියා ලෙස වැඩ කිරීමට ද එක් වූ මොහු මෛත‍්‍රීපාල සේනානායක මහතා ඇරඹු සතිය පුවත්පතේ ද වැඩ කළේය.

 මෙතුමා 1934 රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ලංකාගමනය * සහ 1956 දී බණ්ඩාරනායකගේ ජනතා ජයග‍්‍රහණය * අතර වූ දෙදශකයක පමණ කාල පරිච්චේදයේ  දී මෙරට ඇති වූ සංස්කෘතික පුනර්ජීවනයේ සාර ඵලයක් ලෙස හඳුන්වා දිය හැකි කලාකරුවෙකි.

No comments: