තාත්තා

ආදරයක සදාතන අබිරහසක් අපි කාටත් තියන නිසා අපි අපෙම කියල අපිට තේරෙන භාෂාවකින් ඒ අබිරහස කියවන්න උත්සහ කරන වාර ගණන අපි අපෙ තාත්තව මතක් කරන වාර ගණනට සමානය. දියණියක වනාහි පීතෘත්වය අභිමුව සදාතන දිණුම් කණුවකි. පියෙකු වනාහි දියණියක ‌ග‌ේ ‌ල‌ෝකයෙහි ඇස ගැ‌ටනෙ වාරයක් පාසා සිත නිවෙන බුදු පහනකි.

කාලය‌ේ දුරු ගමන් මග තුල පියෙකුගේ හද සන්තානයේ සදාතන සමරුව වන්නේ තම දියණියයි . තමාගේ ජීවන ගමන් මගෙහි බිරියගෙන් පසු නැවතත් සදාතන  පෙමකට මග කියන්නේ තම දියණියගෙන් බව මෙලොව සෑම පියෙකුගේ දෙවන පෙම් පුවතේ ඇරඹුම සනිටුහන් කරයි. දියණියක ලැබූ දා සිට මවගේ දෑස් ඇය වෙත නිරන්තරයෙන් රදවා තබා ගන්නට උත්සහ දරන නමුත් පියෙකු සෑමවිටම දියණිය තම මනසේ රදවා තබා ගනී.

දුවක දණ ඔබා ඇවිදින්නට පෙරමං තනද්දී ඒ පොඩි දෙපා අභියස දී ඒ පා පොඩි තමා දෙපා මත දරාගෙන පියවරෙන් පියවර මනින්නේ දුවකගේ අප්පච්චී නොවෙ ද  කිරිකැටි සිනා දැක ඔහුගේ නීල දෑස් සිනා නංවන්නට උත්සහ කරන්නේ තම දියණිගේ සුරතලයටම නොවෙයි ද පියෙකුගේ හද සන්තානයේ දුවකගේ අනාගත සිහින මංපෙතට අඩිතාලම දමන්නේ දියණිය තම ඇකයට ආ දිනයේ බව නොරහසකි. දිනෙන් දින කුඩා දියණි වැඩෙත්ම පියාගේ සිත් අරණේ පියවරෙන් පියවර ගොඩ නැගෙන ඇගේ ලෝකය පියෙකු තම දෝතින් දරා රකින්නේ කෙතරම් ආසාවකින්ද

මවකගේ උණුසුම ලබමින් සැපට නිදන දියණියකගේ ආරක්ෂාව සපයන්නේ පියාගේ දෑසම නොවෙ ද ඔහුගේ විමසිලිමත් චිත්ත ශක්තියම නොවෙද ඇත්තෙන්ම පියෙකුගේ ආදරය මනින්නට මෙලොව පවතින මිම්ම තවමත් මම සොයා යමින් හිදින්නේ ඔබට මෙන්ම මටද උරුම වූ එකී පීතෘ ස්නේහයේ වපසරිය තවමත් මසිතට නොතේරෙන බැවින් ය. ඒ හදවත කොතරම් සුවිසල් වූවක් ද මට මෙන්ම තවත් දරුවන් තිදෙනෙකුට එකී හදවත එකසේ පෙම් කරන්නේ කෙසේ ද එතරම් ආදරණීය සෙනෙහසක් ඒ හදවත තුල දරන්නේ කෙසේද ඔහුට එය දරාගෙන සිටින්නට හැකිද මට එයම දැනී දැනේනේ මන්ද ....
ඒ තාත්තා මෙන්ම මා ද මා සිතින් ඔහුගේ පීතෘ ස්නේහයට ලොබ බදින නිසාම විය හැකි නොවේ ද
ඉදින් මා ද ඔහුගේම අනුවක් ලෙස දකින සෑම වරක දී මා නැවත නැවතත් ඔහුගේ පෙමින් ජීවිතය ලබන බව මම දනිමි.

No comments: