නිදහස කොහිද මට....

හිතට විඩාබර මගෙම සිතිවිලි
මගෙම හීන ලඟ
සලත් කඳුලැලි...
කෙසේ නම් වටහෙයිද මට
දිවියෙ බර දියඹ සේ
නගත් සයුරැලි සේම අපහැදිලි...
කටුක රසමැයි නොසිතුමුත්
බලත් එ් රස නොනගා මැසිවිලි..
කියාගන්නට බැරිව ලතවෙන
ලියත් පදවැල් සෙවණැලි...
එන්.ඩී.ඉෂංකා ජනානී

අවසන් මතකය

අැස'ග කඳුලැලි අතර
පුතුගෙ මුව කමල දැක
එදා නොසිතින නුඹට
නුඹෙ සෙනෙහෙ වපසරිය..

කෙමෙන් දරු සෙනෙහසින්
පිරුණු ලය පුතු නමින්
එදා නොවැටහිණි නුඹට
නුඹෙ පෙමට අැති අායු..

චූටි පුතු දකින්නට
නුඹට අැති වු අාසාව
නුඹට නොදැනිණිද එ්
නුඹේ අවසන් පෙරැත්තය..

දස මසක් කුස දරා
වැදූ පුතු කමල හැර
නොදැනුණිද නුඹ යන වගක්
තුන් වසක අැවෑමෙන්..

එන්.ඩී.අයි.ඉෂංකා ජනානී.