දෙවියන්ට දාසකම් හෙවත් සේවය කරදෙවියන්ට දාසකම් හෙවත් සේවය කරන්නී දේවදාසී නම් වෙයි.භාරතයට මේ දේවදාසී ක්‍රමය අැබ්බැහි වුයේ එහි කඩා වැදුනු අාර්යයන්ගෙනි.අද මැද පෙරදිග හා අරාබි රටවල් හා මිසරය ග්‍රීසිය අාදී රටවල අැති පුරාණයේ පැවැති සමාජයන් ස්වකීයඅාගමික කටයුතු වලදී ගැහැණියට දී තිබූ ස්ථානය මෙමගින් පැහැදිලි වන අතර ලෝකයේ අැතැම් රටවල මෙම දේවදාසී සංකල්පය පැවැති බව පැහැදිලි වේ.
කාශ්මීරයේ ජන නැටුම් හා සමගාමි නෘත්‍ය නාටකයන්හි චරිත සඳහා තෝරාගත්තේ මේ දේවදාසීන් ය. රජතුමාගේත් නායක පූජකයාගේත් අවශ්‍යතාවය පරිදි සෑම තරුණියක්ම සිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ කන්‍යා පූජක ආශ්‍රම වලට අැතුලත් කර ගන්නා ලදි. කාශ්මීරයේ ජන නැටුම් සමගාමිව නෘත්‍ය නාටකයන් හි ගැහැණු චරිත සඳහා තෝරා ගන්නා හෆීසා නම් නිලියන්ද මේ දේවදාසී පරම්පරාවෙන් පැවත එන්නෝ වෙති.මොවුන්ගේ සමහරක් හෆීසා තාලම් කාශ්මීරයේ සංගීත විධි අනුගමනය කරයි. නෘත්‍ය ශෛලිය හැටියට කථක් නෘත්‍ය භාවිතා කරයි.
රූමත් තරුණියන් දේවදාසීන් ලෙස සකස් කිරිමේ කාර්යය පැවරුණේ පූජක බ්‍රාහ්මණයන් හටයි.සුදුසු නෘත්‍ය කලා ගුරුන් යටතෙහි මනාලෙස පුහුණු වීමෙන් පසු ඔවුන් දේවාල වලට කැප කරති. එසේ පුහුණු වන දේවදාසීන් තම මංගල රැඟුම දේවාලයෙහි ඉදිරිපත් කරයි. දෙවියන්ට මෙන්ම පුජකයින්ට ද ඔවුන් සේවා කල යුතුය. දේවාලයේ උත්සවයන්හි දී විශේෂයෙන් දේව සභාවන්හි නැටුම් දැක්වීමේ අයිතිය දේවදාසීන් සතුවිය. දේවාලයේ දුම්, සුවඳ , අාදී පුජාවන් හි මුල් තැන දේවදාසීන්බ අයිති විය.නූතන දක්ෂිණ භාරතයේ හින්දු දේවාල තුල නූතන භරත නාට්‍යම් දක්වා පැතිර අැත.
විවාහ වීම ,දරුවන් ලැබීම , අාදිය මොවුනට තහනම් ය. මේ තහනම් නීති කඩ කලහොත් දඬුවම් ලැබුනි.දේව , රාජ සේව අාදි වශයෙන් කෝවිල් වලට සම්බන්ධව කටයුතු කිරීම අනුව දේවදාසීන් වර්ග ගණනක් විය.දේවාලයේ උත්සවයන්හි දී විශේෂයෙන් දේව සභාවන් හි නැටුම් දැක්වීමේ අයිතිය දේවදාසීන් සතුවිය. දෙවැනි තැනට ගැනෙන රාජ දාසීහු ප්‍රභූ ආදීන් සඳහා දේවාලයන්ගෙන් පිටත විශේෂ මණ්ඩපයන්හි රැඟුම් දැක්වුහ.
ස්වදාසීන්ට හිමි වුයේ මහජනතාව සඳහා රැඟුම් දැක්වීමය.රාජදාසීහු පහන් දැල්වීම අාලේපන සකස් කිරීම හා ප්‍රසාද දීමනා කල අතර ස්වදාසීහු රථ යාත්‍රා වලදී චාමර හා පහන් දැල්වීම ද භාරව සිටියහ.මොවුන් කවුරුන් හෝ සමාජයට පිලිගෙන තිබුනේ ගණිකාවන් ලෙසය. මහලු වු කල්හි ඔවුන් දේවාලයන්ගෙන් නෙරපා හරිනු ලැබුහ.එවිට ඔවුනට හිමි වුයේ හිගමන හෝ ගණිකා වෘත්තියයි.

No comments:
Post a Comment