දේවදාසී සංකල්පය

දෙවියන්ට දාසකම් හෙවත් සේවය කරදෙවියන්ට දාසකම් හෙවත් සේවය කරන්නී දේවදාසී නම් වෙයි.භාරතයට මේ දේවදාසී ක්‍රමය  අැබ්බැහි වුයේ එහි කඩා වැදුනු අාර්යයන්ගෙනි.අද මැද පෙරදිග හා අරාබි රටවල් හා මිසරය ග්‍රීසිය  අාදී රටවල අැති පුරාණයේ පැවැති සමාජයන් ස්වකීයඅාගමික කටයුතු වලදී ගැහැණියට දී තිබූ ස්ථානය මෙමගින් පැහැදිලි වන අතර ලෝකයේ අැතැම් රටවල මෙම දේවදාසී සංකල්පය පැවැති බව පැහැදිලි වේ.


කාශ්මීරයේ ජන නැටුම් හා සමගාමි නෘත්‍ය  නාටකයන්හි චරිත සඳහා තෝරාගත්තේ මේ දේවදාසීන් ය. රජතුමාගේත් නායක පූජකයාගේත් අවශ්‍යතාවය  පරිදි සෑම තරුණියක්ම සිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ කන්‍යා  පූජක ආශ්‍රම  වලට අැතුලත් කර ගන්නා ලදි. කාශ්මීරයේ ජන නැටුම් සමගාමිව නෘත්‍ය  නාටකයන් හි ගැහැණු චරිත සඳහා තෝරා ගන්නා හෆීසා නම් නිලියන්ද මේ දේවදාසී පරම්පරාවෙන් පැවත එන්නෝ වෙති.මොවුන්ගේ සමහරක් හෆීසා තාලම් කාශ්මීරයේ සංගීත විධි අනුගමනය කරයි. නෘත්‍ය  ශෛලිය හැටියට කථක් නෘත්‍ය  භාවිතා කරයි.

රූමත් තරුණියන් දේවදාසීන් ලෙස  සකස් කිරිමේ කාර්යය පැවරුණේ පූජක බ්‍රාහ්මණයන් හටයි.සුදුසු නෘත්‍ය  කලා ගුරුන් යටතෙහි මනාලෙස පුහුණු වීමෙන් පසු ඔවුන් දේවාල වලට කැප කරති. එසේ පුහුණු වන දේවදාසීන් තම මංගල රැඟුම දේවාලයෙහි ඉදිරිපත් කරයි. දෙවියන්ට මෙන්ම පුජකයින්ට ද ඔවුන් සේවා කල යුතුය. දේවාලයේ උත්සවයන්හි දී විශේෂයෙන් දේව සභාවන්හි නැටුම් දැක්වීමේ අයිතිය දේවදාසීන් සතුවිය. දේවාලයේ දුම්, සුවඳ , අාදී පුජාවන් හි මුල් තැන දේවදාසීන්බ අයිති විය.නූතන දක්ෂිණ භාරතයේ හින්දු දේවාල තුල නූතන භරත නාට්‍යම්  දක්වා පැතිර අැත.

විවාහ වීම ,දරුවන් ලැබීම , අාදිය මොවුනට තහනම් ය. මේ තහනම් නීති කඩ කලහොත් දඬුවම් ලැබුනි.දේව , රාජ සේව අාදි වශයෙන් කෝවිල් වලට සම්බන්ධව කටයුතු කිරීම අනුව දේවදාසීන් වර්ග ගණනක් විය.දේවාලයේ උත්සවයන්හි දී විශේෂයෙන් දේව සභාවන් හි නැටුම් දැක්වීමේ අයිතිය දේවදාසීන් සතුවිය. දෙවැනි තැනට ගැනෙන රාජ දාසීහු ප්‍රභූ ආදීන්  සඳහා දේවාලයන්ගෙන් පිටත විශේෂ මණ්ඩපයන්හි රැඟුම් දැක්වුහ.

ස්වදාසීන්ට හිමි වුයේ මහජනතාව සඳහා රැඟුම් දැක්වීමය.රාජදාසීහු පහන් දැල්වීම අාලේපන සකස් කිරීම හා ප්‍රසාද  දීමනා කල අතර ස්වදාසීහු රථ යාත්‍රා වලදී  චාමර හා පහන් දැල්වීම ද භාරව සිටියහ.මොවුන් කවුරුන් හෝ සමාජයට පිලිගෙන තිබුනේ ගණිකාවන් ලෙසය. මහලු වු කල්හි ඔවුන් දේවාලයන්ගෙන් නෙරපා හරිනු ලැබුහ.එවිට ඔවුනට හිමි වුයේ හිගමන හෝ ගණිකා  වෘත්තියයි.

නිර්වාචික සන්නිවේදන කෝෂ්ඨාගාරය කථකලි නර්තනයේ වේශ නිරූපණ කලාව.

ඉන්දියානු හා සම්ප්රදායන් අතරට ගැනෙන එක් සම්භාව්ය නර්තන කලාවක් ලෙස කථකලි නර්තනය හඳුන්වා දිය හැකිය.මෙම සම්ප්රදාය දක්ෂිණ භාරතීය සමුද්රාසන්න පෙදෙසක් වන කේරළය නිජබිම කරගෙන ප්රභවය ලැබුවකි.මෙය පුරෂයන් පමණක් සහභාගි වන නර්තන කලාවක් වන අතර කාන්තා චරිත පවා පිරිමින් රඟ දැක්වීම මෙහි සම්ප්රදාය වෙති.
16 වන සියවසේ කේරළයේ විසු කොට්ටාරක්කාරයේ තාම්පුරම් පෙදෙසෙහි රජු වු කොට්ටාකාර රජු රාමායනය අලලා රාම නාට්ටම් නමින්  වු අාගමික ගැමි නාටකයක් නිර්මාණය කර රඟ දැක්වුහ. මෙය ටිකෙන් ටික පෙදෙසෙන් පෙදෙස පැතිරි ගිය නාටක ක්රමයක් වුහ.
මෙය ඉතා අලංකාර අංගරචනා ක්රමයකට උරුමකම් කී අතරම එම අංගරචනය වෙනත් කිසිම නර්තන සම්ප්රදායක නොවන තරම් අතිශය අලංකාර වුහ.
එක් නලුවකු වෙනුවෙන් පැය කිහිපයක් අංග රචනයෙහි හරඹයක් කරන මෙම කලාවෙහි දී කථකලි අංග රචනා ක්රමය ප්රධාන අංග කිහිපයකින් සමන්විත වේ.


  • මිනික්කු
  • පච්ච
  • කත්ති
  • තාඩි
  • කාරි


අාදී වශයෙන් මෙහි කොටස් පහකි.

මිනිස් ලක්ෂණ සහිත ජීවමාන වර්ණයෙන් යුක්ත මුහුණු සඳහා මිනික්කු අංග රචනා ශෛලිය යොදා ගනිති.
මුහුණේ කොල පාට වර්ණ තවරන අතර අැස් කලු කර තොල් රතු කර ක්රිෂ්ණා රාමා වැනි චරිත වලට යොදා ගන්නඅ පච්චා නම් වු ශෛලියයි.
කත්ති අංග රචනා ශෛලියේ දී රාවණ ,කුම්බකර්ණ ,දුර්යෝදන වැනි අංග රචනඩ කරනු ලබයි.
තාඩි සඳහා රතු කලු රැවුල් යොදා ගන්නා අතර කාරි බිහිසුනු ගොරහැඩි චරිත සඳහා යොදා ගනී.මෙම නර්තන කලාවෙහි රංග වස්ත්රාභරණ සඳහා සුවිශේෂ තැනක් හිමි වන්නේ එහි එක් එක් චරිතය සඳහා වන රංගාභරණ වෙනස් බැවිනි.මෙහිදී හිසට පලදන ක්රීටම් නම් හිස් පලදනාව ඉතා අලංකාර වුවකි.මෙහි දි අලංකාරම ඉන්දියානු රංග අංග රචනය හරහා ප්රකට කරවන නිර්වාචික සන්නිවේදනය අති ප්රබල වුවකි.

හිමාලයේ කඳුකර ජනතාව

පෘථිවි පෘෂ්ඨය මත පිහිටි උසම කඳු පන්තිය වන්නේ හිමාලය යි. උසින් 7200m වන හිමාලය 2400km පමණ දිගකින් යුක්ත ව විසල් ප්රදේශයක විහිදී  අැත. මෙම කඳුවැටියේ විශාලත්වය ,උස හා මාර්ග පහසුකම් නොමැතිවීම වැනි කරුණු නිසා මේ පෙදෙසෙහි මානව කටයුතු බොහෝ දුරට සීමා වී අැත. හිමාලයේ භෞතික පරිසරයට අනුවර්තනය වෙමින් දීර්ඝ කාලයක් වාසය කල ගෝත්රික කණ්ඩායම් 279ක් පමණ සිටිති.

හිමාලයානු කඳු වැටියේ උස්ම කඳු මුදුන එවරස්ට් , තරණය කල ලෝක ප්රසිද්ධ පුද්ගලයා එඩ්මන් හිලරි ය.ඔහුට සහය වු ටෙනිසන් හිමාලයානු කඳු වැටියේ වාසය කල ෂෙර්පා ගෝත්රයට අයත් පුද්ගලයෙකි.

හිමාලය කඳුකරයේ වාසය කරන විවිධ ගෝත්රික ජන කණ්ඩායම් කිහිපයකි.

ඉන්දියාවේ හිමචාල් පෙදෙසෙහි කසා ගෝත්රිකයින් ( Khasa)
ලඩාක් පෙදෙසෙහි දරඩ්වරු (Darad)
හිමාලයානු පෙදෙසෙහි භූටියාවරු (Bhutia)
සිඛීම් පෙදෙසෙහි ලෙප්චාවරු (Lepcha)
සෝලෝකුම්බු පෙදෙසෙහි ෂෙර්පාවරු (Sherpa)

මෙලෙස වාසය කරන කඳුකර ජනතාවගේ ජීවන රටාව වෙනස් වුහ.කඳුකරයේ පවතාන භෞතික පරිසරයට හා දේශගුණික ලක්ෂණ වලට අනුකූල ව මෙම ජනයාගේ ජීවන රටාව ද හැඩ ගැසී අැත. ඔවුන්ගේ දෛනික කටයුතු පහසු වන අාකාරයට ශාරිරික ස්වභාවය ද සකස් ව අැත.

කඳු නැගීමට පහසු වන පරිදි දෙපා හා යටි පතුල් ශක්තිමත් ව පළල් ව පිහිටීම ත් , ඉහල කඳුකර වායු ගෝලීය පීඩනයට ඔරොත්තු දීමට හැකි අයුරින් පෙනහළු පිහිටීම නිසා අඩු අම්ලකර පරාසයක් යටතේ ජීවත් වීමට හැකි වීමත් ,බර උසුලාගෙන යාමට හැකි අයුරින් ශක්තිමත් ව බාහු යුගල වර්ධනය වී තිබීමත් ,නාස් කුහර විශාල වීම වැනි ලක්ෂණ වලින් ඔවුන් සමන්විත වුහ.

මෙම පෙදෙස් වල මුලික ජීවනෝපායන් ලෙස කෘෂිකර්මය හා සත්ත්ව පාලනය වැදගත් වුහ.නිම්න අසල ව වු පහත් බිම්වල හා කඳු බෑවුම් වල හෙල්මළු අාකාරයට වී වගා කරයි.
හිමාලය කඳු අසල පෙදෙස් වල සත්ත්ව පාලනය යටතේ ගවයන්, බැටළුවන්,හා එළුවන් අැති කරන අතර සංචාරක සත්ත්ව පාලනය ඉන් වැදගත් වෙති.එසේම කිරි ලබා ගැනීමට යැක් නැමති ගව විශේෂය අැති කරනු ලබයි.කඳුකර ෂෙර්පා ගෝත්රික කාන්තාවන් රෙදි විවීම හා වූල් අැඳුම් මැසීමෙන් ද අාදායමක් ලබයි.මෙම වූල් අැඳුම් කඳු නගින්නන් සීතල සඳහා සීත කාල වලදී යොදා ගනී. මෙයින් පෙනී යන්නේ මෙම පෙදෙස් වල ජනයාගේ ජීවන රටාව එ් එ් පෙදෙසෙහි භෞතික තත්ත්වය මත හැඩ ගැසී අැති බවය.
හිමාලයේ වෙසෙන ජනයා භාණ්ඩ උසුලා ගෙන යන්නන්, මග පෙන්වන්නන් ,භාණ්ඩ අලෙවි කරන්නන් වශයෙන් සංචාරක කර්මාන්තය සමගාමි රැකියා වල නිරත වෙති.
කඳුකර ජනයාගේ නිවාස ද භෞතික පරිසරය මෙන් ම ඔවුන්ගේ ජීවන රටාව අනුව වෙනස් වේ. ගල් , ලී ,කුඩු ,මැටි ලී දඬු වැනි පරිසරයේ පවතින ස්වභාවික දෑ උපයෝගි කරගෙන නිවාස ඉදිකර අැති අතර වහලය සඳහා වියලා ගත් තෘණ වර්ග යොදාගනී.

සටහන. N.D.Ishanka Janani

තාත්තා

ආදරයක සදාතන අබිරහසක් අපි කාටත් තියන නිසා අපි අපෙම කියල අපිට තේරෙන භාෂාවකින් ඒ අබිරහස කියවන්න උත්සහ කරන වාර ගණන අපි අපෙ තාත්තව මතක් කරන වාර ගණනට සමානය. දියණියක වනාහි පීතෘත්වය අභිමුව සදාතන දිණුම් කණුවකි. පියෙකු වනාහි දියණියක ‌ග‌ේ ‌ල‌ෝකයෙහි ඇස ගැ‌ටනෙ වාරයක් පාසා සිත නිවෙන බුදු පහනකි.

කාලය‌ේ දුරු ගමන් මග තුල පියෙකුගේ හද සන්තානයේ සදාතන සමරුව වන්නේ තම දියණියයි . තමාගේ ජීවන ගමන් මගෙහි බිරියගෙන් පසු නැවතත් සදාතන  පෙමකට මග කියන්නේ තම දියණියගෙන් බව මෙලොව සෑම පියෙකුගේ දෙවන පෙම් පුවතේ ඇරඹුම සනිටුහන් කරයි. දියණියක ලැබූ දා සිට මවගේ දෑස් ඇය වෙත නිරන්තරයෙන් රදවා තබා ගන්නට උත්සහ දරන නමුත් පියෙකු සෑමවිටම දියණිය තම මනසේ රදවා තබා ගනී.

දුවක දණ ඔබා ඇවිදින්නට පෙරමං තනද්දී ඒ පොඩි දෙපා අභියස දී ඒ පා පොඩි තමා දෙපා මත දරාගෙන පියවරෙන් පියවර මනින්නේ දුවකගේ අප්පච්චී නොවෙ ද  කිරිකැටි සිනා දැක ඔහුගේ නීල දෑස් සිනා නංවන්නට උත්සහ කරන්නේ තම දියණිගේ සුරතලයටම නොවෙයි ද පියෙකුගේ හද සන්තානයේ දුවකගේ අනාගත සිහින මංපෙතට අඩිතාලම දමන්නේ දියණිය තම ඇකයට ආ දිනයේ බව නොරහසකි. දිනෙන් දින කුඩා දියණි වැඩෙත්ම පියාගේ සිත් අරණේ පියවරෙන් පියවර ගොඩ නැගෙන ඇගේ ලෝකය පියෙකු තම දෝතින් දරා රකින්නේ කෙතරම් ආසාවකින්ද

මවකගේ උණුසුම ලබමින් සැපට නිදන දියණියකගේ ආරක්ෂාව සපයන්නේ පියාගේ දෑසම නොවෙ ද ඔහුගේ විමසිලිමත් චිත්ත ශක්තියම නොවෙද ඇත්තෙන්ම පියෙකුගේ ආදරය මනින්නට මෙලොව පවතින මිම්ම තවමත් මම සොයා යමින් හිදින්නේ ඔබට මෙන්ම මටද උරුම වූ එකී පීතෘ ස්නේහයේ වපසරිය තවමත් මසිතට නොතේරෙන බැවින් ය. ඒ හදවත කොතරම් සුවිසල් වූවක් ද මට මෙන්ම තවත් දරුවන් තිදෙනෙකුට එකී හදවත එකසේ පෙම් කරන්නේ කෙසේ ද එතරම් ආදරණීය සෙනෙහසක් ඒ හදවත තුල දරන්නේ කෙසේද ඔහුට එය දරාගෙන සිටින්නට හැකිද මට එයම දැනී දැනේනේ මන්ද ....
ඒ තාත්තා මෙන්ම මා ද මා සිතින් ඔහුගේ පීතෘ ස්නේහයට ලොබ බදින නිසාම විය හැකි නොවේ ද
ඉදින් මා ද ඔහුගේම අනුවක් ලෙස දකින සෑම වරක දී මා නැවත නැවතත් ඔහුගේ පෙමින් ජීවිතය ලබන බව මම දනිමි.

හංවඩු ගැහිල්ල හෙවත් පච්ච කලාව 2

වර්තමානයේ ජනාකර්ශනයට පත් ටැටු කලාව

 කාලයෙන් කාලයට එන විශේෂිත අංග වල අඩුපාඩුවක් නැත්තා සේම කාලයෙන් කාලයට එන විලාසිතා වලද  අඩුපාඩුවක් වත්මනේ දී දක්නට නැත.හුදෙක් විලඩසිතා වලට වැඩි අවධානයක් දක්වන්නේ තරුණ පරපුර බව අපි දනිමු. එහෙත් තරුණයන් මෙන්ම මැදිවියේ අය වැඩිහිටියන් තරුණියන් මෙන්ම කුඩා දරුවන් පවා විලාසිතා වලට ආකර්ශනය වන බව වත්මනේ දී දක්නට ලැබෙන්නකි. මෙහි වරදක් නැත. විලාසිතාවන් නිකරුණේ විවේචනය කරන්නේ හෝ ඒවාට බැන වදින්නේ කුහකයන් හෝ හණමිටිකාරයන් බව සමාජයේ පිළිගැනීමක් තිබෙයි. නමුත් දකින්නාට බීභත්ස්‍යක් ඇති කරන එසේත් නැතිනම් බාල පරපුර නොමග යවන අසංවර දේ ගැන කතිකාවක් ගොඩ නංවන්නට බලා සිටින්නවුන්ට පච්ච කලාවත් රසවත් වස්තුබීජයකි.

වත්මනේ දී ටැටූ කලාව නව මාදිලියේ විලාසිතාවක් මෙන්ම සමාජ රැල්ලක්ව ව්‍යාප්ත වන්නට ඉඩ හසර සැලසී ඇති අතරම වෙනමම ආරයක යන මෙම කලාව සමාජයේ බොහෝ අංග ස්පර්ශ කරමින් උඩුගම් බලා යන බව පෙනේ. එහි දී වත්මන තුල මුහුණු පොත හා ඉන්ස්ටර්ග්රෑම් වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල මෙම විස්මිත කෘති දැකීම මත ටැටූ භාවිතා කිරීමට වැඩි වැඩියෙන් ජනයා පෙළඹී ඇත. විලාසිතා ක්ෂේත්රය පවා  මේ වන විට ටැටූ භාවිතා නොකරන අතර බොහෝ ආකෘති ඇත. කෙසේ වෙතත් පච්චයක් ලබා ගැනීම සරල තීරණයක් නොවෙයි. එය මූලික වශයෙන් ඔබේ සමට ස්ථිර දෙයක් ලෙස එම්බඩ් කිරීම එබැවින් පච්චයක් ලබා ගැනීම තීරණාත්මකව තීරණය කල යුතුය.

ටැටූ කර ඇති පුද්ගලයන් වඩාත් කැමැත්තක් දක්වන්නේ ඒවා නිතරම අන් අයගේ ආකර්ශනයට ලක් වනවාටත් වඩා ඒවා දර්ශනය වන්නට ඉඩ හැරීමටය. වෙනත් ආකාරයකට කිවහොත් පච්චා හැමෝටම පේන ආකාරයට අඩ නිරුවත් හෝ ඇග පේන ඇදුම් ආයිත්තම් වලින් සැරසී සිටීමට ඔවුන් කැමැත්තක් දක්වයි. මෙනිසා බොහෝවිට උඩුකය නිරාවරණය වන හෝ අත් නැති ස්කිනි වැනි විලාසිතාවන් වෙත යොමුවනු දක්නට ඇත. පච්චාකාරියක් නම් කලවා , ලැම , , ,උරහිස ,මලවිකරලිය ආදිය පෙනෙන්නට දුහුල් ඇදුම් අදින්නීය. ඈත අතීතයේ දී පච්චා කොටන්නට යොමු වූයේ වැල්ලේ මිනිසුන් හා ගමේ නගරයේ චණ්ඩින් මැරයන් හයිරන්කාරයන් ගණන්කාරයන් බව අපි දනිමු. හුංගම නයා කොටුවේ අලියා බීලිං බේලි වීදියේ බඹරා ගාල්ලේ පිඹුරා වැනි අය සමාජයේ දැන හැදින ගත්තේ උප්පැන්නයේ තිබූ නමට වඩා සිරුරේ තිබූ පච්චයේ වූ සත්ත්වයාගෙන්ය.

ටැටූ සංස්කෘතිය ලංකාවට ඉතාමත් අලංකාරයි. එය අපේ රටේ හරියටම මෑතකදී නොවුවත් පච්ච කෙටීම දැන් ඉතිරිව ඇති තැනට නැඹුරුව සිටී. ටැටූස් යනු ශරීිරයේ සංයුතියට අනුව තීන්ත හා වර්ණක ඇතුලත් කිරීමයි. පුරාණ ශිෂ්ටාචාරයන් විසින් අවුරුදු දහස් ගණනක් පුරා මෙය සිදු කරනු ලැබුහ.
අතීතයේ ලාංකික ජනයාට ටැටූ පිලිබද මිශ්ර හැගීම් ඇති වූහ ඔවුන් බොහෝ විට අපරාධකරුවන් සහ මංකොල්ලකරුවන් සමග සංඝටිත වූ අතර එය ඔවුන් කරදරයේ සංඥාවක් බව රූපයන් නිර්මාණයට පෙළඹුනි. නමුත් පසුගිය දශකය තුල මිනිසුන් ටැටූස් ගසා ගැනීමේ අදහසට වැඩි වශයෙන් යොමු ව ඇත. වත්මනේ දී ටැටුස් ඔබේම ආකෘතියක් බවට පත් ව හමාරය. ඔබගේ සිරුර කැන්වසයක් ව හමාරය. මෑත කාලීන පච්චා නිර්මාණකරුවන් තමාගේම පෞරුෂයන් බිහි කර ගන්නට උත්සහ දරමින් සිටියි. එසේම ලාංකික ටැටූ කලා ශීල්පීන් දේශීය සංචාරක කර්මාන්තය තුල විනිමය ඉපයීමෙහි ඉහල තීරුව සකස් කල අතර මේ සදහා සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගැනීමට සමත්ව ඇත.විඳින්නට අැති කලාවක් වන ටැටු විඳවීමකින් අැරඹීම ද කටුක කලාවක රසය සෙවීමක් ම ය.


හංවඩු ගැහිල්ල හෙවත් පච්ච කලාව 1

පච්ච කෙටීමත් හංවඩු ගැහිල්ලත්  දෙක ම අපේ සංස්කෘතියේ බොහෝ දුර ඈත අතීතයේ පටන් පැවත ගෙන එන දෙයකි. රාජ්‍ය බලය සහ බුදු සසුන දැඩි සන්ධානයකට ගොස් සිටි තවත් එක්තරා අවිචාර සමයක මහාවිහාරයේ අදහස් වලට විපක්ෂ මතිමතාන්තර හෙවත්  වෛතුල්‍යවාදී අදහස් දැරූ භික්ෂූන් පිරිසකගේ සිවුරු අරවා පිටේ හංවඩු ගසා පිටුවහල් කල සිදුවීමක් පිළිබද සදහන් වෙයි. මේ හංවඩු ගැහිල්ල සිදු කලේ මෙම පිරිසට නැවතත් ආපසු එන්නට බැරි වන්නටත් ජීවිතාන්තය දක්වා වූ දඩුවමක් ලෙසටත් ය. 


දෙවන ලෝක යුද සමයේ යුදෙවිවන්ට එරෙහිව නාසි මර්දන හා සංහාරය තුල විවිධ වර්ග වල හංවඩු ගැසීම් භාවිතා වූහ. එකල  අවුශ්විට්ස් වැනි කදවුරු වල රැදවියන් මිනිසත් බව අවම පෙන්වීමක් සදහා යොදා ගනු ලැබුයේ හංවඩු ගැසුවේ අංකයක් ය. අපේ පැරැන්නෝ ගව මහීසාදීන්ගේ අයිතිය තහවුරු කරන්නට වූයේ ඒ ඒ සත්ත්වයාගේ පිටේ හංවඩු ගැසීමෙන් ය.


හංවඩු ගැසීම බලවත් පාර්ශවයක් සිය බලයට යටත් පිරිස් හදුනා ගන්න මෙන්ම බැහැර කරන්නට හා අවමන් කරන්නට එසේත් නැතිනම් පාලනය කරන්නට යොදාගත් ආකාරයක් බවත් අනිත් අතට පච්ච කෙටිල්ල කැමැත්තෙන් සිය සිරුරට එකතු කරගන්නා අලංකාරයක් විභූෂනයක් බවත් ඒ පද දෙකේ භාවිතයෙන් දැන් තහවුරුව ඇත.  සමකාලීන සිංහල බසට එකතු වී ඇති අලුත් පදයක් වන ටැටූ එක මීට වඩා නාගරික සමකාලීන පොප් වැඩ ගණනාවක් ඇගවුම් කරනු ලබන්නකි.  මේ ටැටූ සංස්කෘතිය ඇතුලේ පච්චයේ පන්ති පදනම බලපුලුවන්කාරකම පවා වෙනස්ව ඒක මහා ධාරාවකට ආගමනය ව ඇත.



තායිලන්තයේ හා ඇතැම් අග්නි දිග ආසියාතික රටවල් වලත් බොදු භික්ෂූන් වහන්සේලාගේ සිරුරු පුරා බොදු පච්ච තිබෙනු දක්නට ඇති අතර තායිලන්තයේ ඇතැම් බොදු නිකායක භික්ෂූන් ඉතා බැරෑරුම් ආගමික වතාවක් ලෙස සක්යන්ත් නැමති පච්ච කෙටීමේ චාරිත්රය කරනු ලබයි. භික්ෂුවක් ලවා මේ වර්ගයේ පච්චා කොටා ගැනීම මහත්ඵල ලබා දෙන්නක් බව ඇතැම් බොදු සමාජ වල විශ්වාසයක්ව ඇත.



බුදුන්ලේ සංස්කෘතිය සහ විවිධ සංස්කෘතීන්ට සහ ඓතිහාසික අවධීන්ට  අනුව බුද්ධ රූපයට දක්වන ප්රතිචාරය සහ ඒවායේ අරුත් වෙනස් වන බව අමුතුවෙන් තර්ක කොට පෙන්වා දිය යුත්තක් නොවෙයි. පැරණි බුදු සමයට අයත් සේ සැලකෙන ලියවිලි පරීක්ෂා කරන අයෙකුට බුද්ධ රූප වන්දනාව බුදුන් අනුදැන වදාල දෙයක් නොවන බවද තර්ක කරන්නට හැකිය. බොදු අවකාශයක අනසක සලකුනු කරන්න බුදුරුව යොදා ගනී. පසුකාලීනව බුදුරුවද ටැටූ කලාව තුලට පැමිණියහ.


18 වන ශතවර්ෂයේ ටාටෝ හෝ ටැටෝ යන වචනය යන අර්ථය වන්නේ ලියන්න යන්නයි ඔක්ස්පර්ඩ් ඉංග්රිසි ශබ්දකෝෂයේ ටෝටෝ යන අන්වර්ථ නාමයෙන් 18 වන සියවසේ ටෝටෝවා පයිනසු ටැටෝ පොලිනීසියානු ටාටු මාර්ක්සන් ටැටූහි දක්වයි. ටෝටෝ යන වචනය යුරෝපයට සහ නවසීලන්තයට ගෙන එන්නේ 1976 දී ටහිටී ය. මුහුදේ සැරිසැරීම තුල ඔහු ටැටෝ නැමති මෙහෙයුමක් ගැන සදහන් කරයි.



රෑ අහසේ සඳ නැගිලා...ශෘංගාරාත්මක රසාස්වාදය


රෑ අහසේ සඳ නැගිලා ඔබ පහසේ මා හද බැඳිලා
සඳ සිසිලයි තරු එළියයි
දෙතොල හැඩයි
උණුසුමට නටයි

කෝල පිනිපොදේ පෑයු සඳවතේ නීල නෙතු යුගත් යාවේ
මාගේ ආදරේ වාගේ සාගරේ ඊට මායිමක් නෑනේ
රෑ අහසේ සඳ නැගිලා...

මී බිඳු විසිරේ නිල්මිණි නෙතු  සඟලේ   දැල්වේ
සීතල කොපුලේ තාලෙට පිනි ඇතිරේ  මල් සේ

වින්ද ආදරේ සේනා රන්දු ජීවිතේ මායා නුරා ගිනි තොල් දිලිසේ
සහන් සිසිලේ ඔබේ උකුලේ  සිනා ඉතිරේ
රෑ අහසේ සඳ නැගිලා...

සෝ ගී විරලයි පෙම් ගී වැල් මිමිණේ  මහදේ
රන් පැහැ ලමැදයි එහි අම සුව ඉතිරේ සුවදේ
එන්න යන්න අද මා හා දිව්‍ය දෙව්දුවක් වීලා රිදී වලා අතරේ
පහන් එළියේ ඔබේ තුරුලේ නුරා විසිරේ

  පද රචනය : සම්පත් ප‍්‍රනාන්දුපුල්ලේ මයා
   ගායනය : සංගීත් විජේසූරිය මයා
             

ආදරය ජීවිතය කියා දෙන්නා වූත්  ජීවිතය ආදරය සොයා යන්නා වූත් මෙලොව පවතින  අපූර්ව බැඳීමක් වන මෙම මානව සබැඳියාවන් ද්විත්වයම කොතරම් සමීප ද යත් ගසට පොත්ත සේම අවියෝජනීය බැඳිමකින් සබැඳී පවතින්නකි. ආාදරය කෙතරම් ජීවිතය කියාදෙන්නක් ද යන්න හෘදයාංගමව දැනෙනුයේ  තම හදවතේ සමීපතම අනෙක් හදවතේ හෘද ස්පන්දනය තමාගේ හදවතේ ගැස්මට සමාන වන සුයාමයක බවත් නුඹත් මමත් තිරසාරයෙන් ම දන්නා කරුණකි. පිවිතුරු සුපෙම්වතුන්ගේ පේ‍්‍රම වෘතාන්තය කෙතරම් සෞන්දර්යාත්මක ද යත් එකී හද සන්තානයන් ගැඹුරින්ම ස්පර්ශ වන යාමය  , මනෝරම්‍ය බැඳීමක් දක්වන කින්නර පේ‍්‍රමයක වතක් වැනිය.පේ‍්‍රමය නම් රාගයෙන් තොර අචින්ත්‍යයක් බව දැක්වුවද පේ‍්‍රමය නම් විටෙක  යෞවන ආදරය මෙන්ම රාගය මතින් රති රස මවන්නක් මැයි මාගේ හැඟීමයි.
  යෞවන ප්‍රේමවන්තයින් යුවලකගේ ආදර අන්දරයක සුපෙම්වත් සුයාමයක් තුල ආදරය කෙතරම් ලයාන්විත ස්වර රටාවන් සමූහයක් දැයි සිතනෙ වාර අනන්තය. ආලය නම් මනස්කාන්ත අලංකාරයෙන් යුත් රාත‍්‍රී ආකාසය නම් ජීවන ගංගාවට රාත‍්‍රියේ පෑයු  පුන්සඳවතිය  සිසිලස නම් ඇයගේ රාගී පේ‍්‍රමාන්විත ස්පර්ශයයි.සඳ එළියක් නොවැටි නොදිලිසි තරු නම් වු පිරිමි සිත වෙලා ගත් රාගී පේ‍්‍රම  හැඟුමන් , සඳ රැසින් තාරකාවන් ආලෝක වන්නා සේම  නුරා සිතිවිලි මතින් ඇගේ පහසින් කුල්මත් කරන්නට වන ඔහුගේ ආශාවන් සඳ එළියෙන් ආලෝකමත් වන්නට උත්සුක තාරකා මෙනි. තම ලබැඳියගේ ස්පර්ශය තම නුරාවන් අවුලූ වන්නට කෙතරම් සමත් දැයි මෙහිදී තීව‍්‍ර වන්නේ සඳ සිසිල නම් ඇගේ පහස මත  ඔහුගේ ශෘංගාරාත්මක පිබිදීම නැතහොත් ලිංගික ආශාවන් තරු , සඳ එළියෙන් දිලිසෙන්නට වෑයම් කරන්නක් මෙන්ය. ඇගේ පහස රූපශ‍්‍රීය වත කමලට නොපරාජිත ඇයගේ අදර යුග්මයන් හි ගැස්මන් මත යෞවන ආදරවන්තයින්ගේ වින්දන ශක්තීන් සමග පොර බදන නුරාව උණුසුම් කරවන්නා වු ඔහුගේ ආශාවන් සපත කරවන්නක් ලෙසින් පෙන්වා දිය හැක.
                        රෑ අහසේ සඳ නැගිලා ඔබ පහසේ මා හද බැඳිලා
                        සඳ සිසිලයි තරු එළියයි
                        දෙතොල හැඩයි
                        උණුසුමට නටයි 
සඳ සිසිල වු ඇගේ පහස හා තරු එළිය නම් පුරුෂ ආශාවන් ඔද වැඩුණු අවස්ථාවක ලබැඳියගේ දෙතොල’තර දගකාරකම් කරනුයේ රාත‍්‍රියේ පිණි වැටෙන සීඝ‍්‍රතාවට වඩා වේගයෙන් හා ප‍්‍රමාණයන් පරදවා ය. පිණි නම් වු පිරිමි දෙතොල් ස්පර්ශ මහ පොළව මත පිණි වැටී ඇතිරෙන වේගය පරදවා ඇගේ දෙතොලත ස්පර්ශ රැසක් රඳවා තම අන්ධකාර දිවිය එළි කල සඳවතියගේ නීල නෙතු හා තම නෙත් වලින් ම ඔහු රහසේම ඇය හා යහන්ගතව ඇත.මෙමගින් සන්තර්පණය වනුයේ යෞවන පේ‍්‍රමයක හා නුරාවක ඇති ශෘංගාරාත්මක ආකර්ෂණයයි. එසේම ඇසට අසුවන මායිමක් තුල නෙත් වලින් යහන්ගත වන තරමටම නුරා රසයෙන් තුරුල් වු හුදෙකලාවක වැට කොටු බැඳිය නොහැකි නුරා ගිනි පේ‍්‍රමවන්ත පිරිමි සිතේ වන ලිංගික පිබිදීමක් ඉස්මතු කරයි.

                    මී බිඳු විසිරේ නිල්මිණි නෙතු  සඟලේ   දැල්වේ
                    සීතල කොපුලේ තාලෙට පිනි ඇතිරේ  මල් සේ

         නුරා හැඟුමන් ඉහිරුණු නිල්මිණි නෙත් කාන්තියෙන් දැල්වෙන තරමටම නුරා ගින්නට සැලෙන කොපුල් සීතලෙන් , මල් අතුරන්නාක් මෙන් කොපුල් චුම්භනයන් , හාදු අතුරද්දී සේනාවක් සේම රඳවන ලද ජීවිතය අම රස මෙන්ම නුරාව ඉහිරවයි.
 මෙයින් ව්‍යංගාර්ථවත් වන්නේ යෞවන වයසේ පසුවන ආදරියගේ මෘදු මොළකැටි ස්පර්ශයන් හමුවේ පේ‍්‍රමවන්තයා තුල ඇති වන ලිංගික උත්තේජනයයි.
          සේනාවකින් ජීවිතයේ රැන්දු ආදරය මහත් හැඟුමින් සිතැඟියාවන් වූ වැට කඩුලු බිඳී පීදෙන්නේ ආදරයේ නුරාවන් වූ මල් කැකුළු සේය. නුරා රස කලතන ප‍්‍රියාවගේ පුලුළුකුලේ හිඳ විඳි පේ‍්‍රමනීය වූ පහසින් ලැබු සිනාවන් ය. එනම් තමාගේ නුරා හැඟුමන් සමග ඇගේ පහස සහන් එළිය මැද මේකුළු ආදරයෙන් ආකාසය නම් උකුල් තලයේ පටලැවී යන්නා සේ  කැටිව උපන් සරාගී යොවුන් ආදරයේ උච්චතම පේ‍්‍රමාන්විත විඳීම නම් ශෘංගාරයයි. මෙකී ශෘංගාරය වූ කලී ලිංගිකත්වයට යෞවන පේ‍්‍රමයේ දී ඇති ආනන්දනීය ආකර්ෂණයයි. බොහෝ විට ලිංගිකත්වයෙන් තොරව රාගී අනුරාගී හැඟුමන් නූපදිති. මන්ද ශෘංගාර රසය මව් කොට රතිය වූ භාවය උපදින බැවිනි. සෝ ගීයක් වූ පාලු ජීවිය පෙම් ගීයක් ලියවුනාක් මෙන් දක්වනුයේ තනිකඩව විඳි නුරා ආශාවන් එක්ව විඳීමට ලැබූ අවස්ථාව නිරූපණය කරන්නක් මෙන්ය.රමනීය හැඟුමන් පීදී ලබැඳියගේ පහස කෙරෙහි දක්වන ආශක්ත භාවය මෙහිදී උද්දීපනය වන්නේ ඇගේ පහසේ දී තම රාගී සරාගී නුරා වූ ආශාවන් ටිකෙන් ටික සාක්ෂාත් වෙද්දීය.

 ස්ත‍්‍රියකගේ ශරීරාංග අතර පුරුෂයින්ගේ ආකර්ෂණයට ලක් වන්නේ ළැම හසුන් ය. එසේම කාන්තාවකගේ ආකර්ෂණීය පෙනුම සපත කරවන මෙකී අංගය ලිංගිකත්වය කෙරෙහි දැඩිව බලපෑමක් ඇති කරවන්නකි. රන් පැහැයෙන් යුක්ත වූ ළැම හසුන් වල රසස්පර්ශය සිත ග ශෘංගාරය උපදවයි. මෙලොව ඇති මියුරු වූ රස අතර උච්චතම රසය වූ අමෘත හෙවත් අම රසය ද පරදවන ළැම පහසින් ලබන රස , රස නිෂ්පත්තියකින් යුක්තව නුරා රසයේ දිව්‍ය සැප සොයා යන්නට මං තැනූවකි. පේ‍්‍රමවන්තයින්ගේ ප්‍රේමයේ සරාගී ලිංගිකත්වය ඇතිකරවන මෙකී අවස්ථාව එතැනින් නොනැවතී නුරාවෙහි දිව්‍ය සැප සොයා යන්නට ප්‍රේමවන්තියට ඇරයුම් කරයි. දිව්‍ය සැප ලෙස මෙහිදී අදහස් කරනුයේ ලිංගිකත්වය නැතහොත් නුරාවයි.
                      එන්න යන්න අද මා හා දිව්‍ය දෙව්දුවක් වීලා රිදී වලා අතරේ
                      පහන් එළියේ ඔබේ තුරුලේ නුරා විසිරේ


අන්ධකාරය තුල පහන් එළි මැවූ ලබැඳියගේ හංස පිළාවන්ගෙන් සැරසුනු ළමැද යහන් ගැබහෙි මගේ නොහික්මුණු කෝඩුකාර දඟකාරකම් මැදින් හැඟුමන් කැලඹුණු ආශක්තභාවය පේ‍්‍රමයේ කිරුළු පලන් ජීවිත ගමන්මගහෙි නවමු පරිඡේදයක් ගොඩ නැංවීමට මුල් ගලක් වූ බව මෙහිදී ප‍්‍රකාශ කරයි.

 ආදරයේ සංස්කෘතික බැඳීම විවාහය වූ කල්හි මෙකී නුරා රසාත්මක වෘතාන්තය දිව ගොස් ඇත්තේ විවාහ ප‍්‍රාප්ත වුවත් තවමත් පේ‍්‍රමවන්ත සිතිවිලි දරන ස්වාමියාගේත් භාර්යාවකගේත් කුළුදුල් එක්වීමක් වන අවස්ථාවක් බව මාගේ හැඟීමයි. පේ‍්‍රමයක ගමන් මග විවාහයෙන් උසස් වුවද බොහෝ කලක් යනතෙක් එකී පේ‍්‍රමයේ මුල් ස්වභාවය කාලයේ වපසරියක් කොටු කර ගනී. ඒ හා බැඳි ශෘංගාරය හෙවත් ලිංගිකත්වය මෙහිදී නිරූපණය වන අන්දම ඉතාමත් ආකර්ෂණීය වන බව නොරහසක් ම වන බවත් මෙයින් තීව‍්‍ර කරගත හැකිය.

මෙම ගීතය පුරාවටම පද වැල් අමුණා ඇත්තේ මුලින්ම ලැබී ඇති ගී තනුව අරඹයා වන හෙයින් මෙහි තනු නිර්මාණ අයිතිය හිමි රවීන් රාම්ජී වන ඉන්දීය තනු නිර්මාණ රචකයා ශෘංගාර රසයෙහිම ස්වර පිහිටුවා ඇති බවක් දක්නට ලැබෙයි. මෙහි වන ශෘංගාරාත්මක වූ තනුව ලාංකීය සංගීතයට ගී තනු රචනාවක් ලෙසින් කලඑළි බස්වන්නට යොමු වන්නේ සම්පත් ප‍්‍රනාන්දුපුල්ලේ වන ලාංකීය ගීත කලාවට පුරා දශකයකටත් වඩා ගී පද ඇමුණූ දක්ෂ ගී තනු නිර්මාපකයා ය. මොහු විසින් රචනය කළ මෙකී ගීතය පුරාවටම මෙහි දී ප‍්‍රකට කරවන්නේ පේ‍්‍රමවන්තයින් යුවලකගේ පේ‍්‍රමයක මිහිරියාවයි. සරල සුගම බස් වහරක් උපයුක්ත කොට ගනිමින් මනා කොට රස ජනනය වන පරිද්දෙන් රචනයට පණ පොවන්නට සමත්ව ඇත්තේ රචකයාගේ හැඟීම යුහුසුළු ලෙස කියා පෑමේ අරමුණෙන් වුවද රසවින්දනයේ දී ඒ හා එහා මායිමක් ස්පර්ෂ කරන්නට එකී භාෂාව තුල පැවැති ව්‍යංගාර්ථය ඉතාමත් ගැඹුරු බව පසක් විය.
 එකී ගීතය ස්වර මුස කරමින් ශෘංගාරාත්මක රසය එක් කරනුයේ සංගීත් විජේසූරිය නම් ප‍්‍රවීණ ගායක ශිල්පියා විසින් ය.


සංගීතය තුලින් මෙන්ම ගී තනු ඇසුරෙන්ද ඔප් නැංවනෙ එකී ගීතයේ ශෘංගාරය මනා කොට ඉස්මතු කරවන්නට ගායනයේ ඇති මියුරු හඬින් ලබන පන්නරය මෙහි දී ප‍්‍රබල ශෘංගාරයක් උපද්දවන්නක් බව කිව යුතුය. ගීතයෙන් වඩාත් අර්ථ ගැන්වෙන යෞවන පේ‍්‍රමයක් වුවද මෙහි ඇතුළත් වන වෘතාන්තය ඊට එහා මායිමක සිට ශෘංගාරාත්මක බව හා ලිංගිකත්වයේ තවත් එක් හරස්කඩක් බව මෙහි දී ගම්‍යමාන වෙයි. ගායකයාගේ හඬ පෞරුෂයේ පවත්නා නම්‍යශීලී බව ගීතයේ ලයාන්විත ශෘංගාර ජනනයට මහත් සේ පන්නරයක් ලබා දෙයි. මෙකී ගීතයේ පවත්නා ලිංගිකත්ව ඉස්මතු වන අවස්ථාවන් හි ඒ හා සාධරණ ලෙස හඬෙහි ලයාන්විත හැගීම්බර භාවය ගීතය පුරා ඉස්මතු කරවන නුරා රසයේ වෙනමම පැතිකඩක් සම්භෝගයේ යොදවන්නාක් සේ දැනෙයි. එබැවින් මෙකී ගීතය මනා කොට ලිංගිකත්වය ඉස්මතු කරවන්නා වු නිර්මාණයක් බව මෙහිදී ගම්‍යමාන වේ.

ඉෂංකා ජනානී