පුවත්පත් දේශීය සලකුණ සතු අතීත මතකාවර්ජනය 02 - මාතර මොටාගෙදර වනිගරත්න මහතා

ඇත්තට නිදහස අහෝසි වුණාද ?

 පුවත්පත් කලාවෙහි සුපතල දේශීය සලකූණ වන මාතර මොටාගෙදර වනිගරත්න නොහොත් ස්වර්ණපාල අබේසිරිනායක වන මෙතුමා 1964 ඇරඹු ඇත්ත පුවත්පතේ ප‍්‍රථම කාටූන් ශිල්පියා  වූ අතර 1965 දී ස්ථිර ලෙසින්ම ඇත්ත පුවත්පතේ සේවයට බැඳුණි. 

1965 දී මෙරට වාමාංශික පක්ෂය නියෝජනය කල ඇත්ත පුවත්පතේ දී ද පක්ෂය සේම වාමාංශික මත දැරූ පුද්ගලයකු වූහ. ඇත්ත පුවත්පත ආරම්භයට පෙර බොරැුල්ල චැතැම් හවුස් ආයතනයේ පෞද්ගලිකව ආරම්භ කල ටැබ්ලොයිඞ් ප‍්‍රමාණයෙන්  පල කළ දිවයින පුවත්පතේ මුලින් සේවය කල අතර එහි කර්තෘ ලෙස ධනපාල මහතා ද කලින්  සේවය කළ පුවත්පතෙන් ඉවත්ව මෙහි
කර්තෘ ධූරය හෙබවූහ.

 පසුව දිවයිනට ආරාධනා ලැබු මොටාගෙදරයන් මෙහි මාස කිහිපයක් සේවය කරගෙන යන අතරවාරයේ දී කර්තෘවරයා මොටාගෙදරයන් අමතා අලූතින් පුවත්පතක් ආරම්භ කරන්නට  ඇති බව පැවසූ නමුත්  එහි නාමයක් සඳහන් කරනු ලැබුවේ නැත. කාලය යන තේමාවෙන් සිරස්තල කිහිපයක් නිර්මාණය කරන ලෙස මොහු වෙත පවරනු ලැබූ අතර මොටාගෙදරයන් එහි දී එම අර්ථය තීව්‍ර  වන ආකාරයෙන් මනා ලෙසින්
සිරස්තල කිහිපයක් නිර්මාණය කලහ. එහිදී කාලය යන අරුත පසක් වන අන්දමට මෙහි දී සකස් කරනු ලැබූ එක් සිරස්තලයක්  වූයේ දවස යන්නයි.

 ද ව ස යන්නෙන් වර්ණ තුනකින්  යුක්තව නිර්මාණය  කළහ. එයත් සමඟම දිවයින පුවත්පත වැසුණු අතර දවස පටන් ගත්හ. ගුණසේන නැමැත්තකුගේ ප‍්‍රධානත්වයෙන්
ආරම්භ වූ දවස ආරම්භයේ සිටම මොටාගෙදරයන් එහි සේවය කළහ. අවුරුදු දෙකක කාලයක්  පුවත්පතේ සේවය කල මොටාගෙදරයන් ඉන් ඉවත්ව ඇත්ත පුවත්පතට එක්වන්නේ මෙකල දීය.

 1964 දී එස් . ජී . එස් .රණවීර ඇත්ත පුවත්පතෙහි මුල් කර්තෘ  වූහ.  1965 සිට 1972 දක්වා කාලය තුල ඇත්ත පුවත්පතට දෛනිකව කාර්ටුන්  ඇඳ වාමාංශික පක්ෂ කාටූන්ශිල්පියෙක් ලෙස  මොහු සමාජගත වන්නේ මොහු තම කාටූනය හරහා සමාජ අසාධාරණය මෙන්ම  පොදු ජනයාගේ දැවෙන ප‍්‍රශ්න හමුවේ දී රජය කටයුතු කරන ආකාරය සමාජ විවේචනයට ලක් කරනු ලැබූ නිසාය.

 මෙම කාලවකවානුව තුල මොමොටොගෙදර වනිගරත්නයන් ඇඳි කාටූන් වෙනුවෙන්ර ජය මැදිහත් වෙමින් කටයුතු කරන්නට  වූහ. මෙකී  යුගයේ දී ඇත්ත පුවත්පත පුරාම සෑම පිටුවක් පාසාම ඇත්ත යන නම යොදා තිබූ අතර මොහු විසින් ඒ  සඳහා ඇත්ත යන නම මුල් පිටුවට  පමණක් යොදා පුවත්පත නිර්මාණ සැලැස්ම සකසා දෙමින්කාටූන්  ඇඳීමේ ද නියැලූණු මොහු සමාජයේ පෙරළිකාර වූ කාටූන ඇන්දහ. ඒවායින්මොහු වෙත නොයෙකුත් බලපෑම් එල්ල වූ කාටූන ප‍්‍රමාණය ඉතා සීමිත වුවත් එකී අත්දැකීම සවිස්තරව ලබා දීමට ඔහු නොපැකිලි වීම මාගේ සතුටට කරුණක් විය.

ඇත්ත පුවත්පතට ගිනි  තබන ලද්දේ 1987 ඔක්තෝබර් 01 වන දාය. ඒ පිලිබඳ  ප‍්‍රවෘත්තිය ඇත්ත පුවත්පතෙහි පල වූයේ සිද්ධිය  සිදු වී දින පහකට පසුවය. නිශ්චිතවම 1987 සැප්තැම්බර් 06 වැනි දාය.

පුවත්පත් දේශීය සලකුණ සතු අතීත මතකාවර්ජනය 01 - මාතර මොටාගෙදර වනිගරත්න මහතා

කාටූන් ශිල්පී මොටාගෙදර වනිගරත්න
 මහතා.


 කාටූන්  ශිල්පී මොටාගෙදර  වනිගරත්න මහතා උපන් ගම මාතර දිස්ත‍්‍රික්කයේ මොටාගෙදර ග‍්‍රාමයයි.1933 පෙබරවාරි මස 16 වන දින උපන් මෙතුමාගේ දෙමාපියන්  වූයේ සිරියාවතී දේවනාරායන සහ අබේසිරිනාරායන වනිගරත්නයන් ය. මොටාගෙදර රජයේ පාසලෙන් හා මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මෙතුමා වැඩකල මුල්ම පුවත්පත වනුයේ ලංකාදීප පුවත්පතයි. මෙතුමාගේ බිරිඳ වූයේ සීතා රණසිංහ වන අතර මොහුට දරුවන්  සිව්දෙනෙක් වූහ. ඔවුන් මූර්ති  , සංඛ , නිමල් , සිවුමල්  වූහ.

 මොටාගෙදර වනිගරත්නයන් නමින්  ස්වර්ණපාල අබේසිරිනාරායන වූ අතර සීතා මොටාගෙදර සමග බතික් ශිල්පය ඇරඹුහ. එයට පෙර මෙතුමා මුල් කාලීනව චිත‍්‍ර කලාව සමග නොයෙකුත් ආකාරයට බැඳී කලා කටයුතු වල නිරත වූහ. හේවුඩ්  කලායතනයේ අධ්‍යාපනය හැදෑරූ මෙතුමා ” මගේ ලතාව ” ලෙසින් 1956 ඔක්තෝබර් 3 , 4 , 5 යන දින වල පැවැත් වූහ. එවකට අග‍්‍රමාත්‍ය වූ බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත් වුහ. ඉන් පසුව මෙතුමා දිවයින පුවත්පතේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා  වූ අතර පසුව ගුණසේන ආයතනයේ මුද්‍රණය කරන පොත් වල මුල්  කවරය සඳහා මුල්  කවරය සකසන ශිල්පියා  ලෙස කටයුතු කරන ලදි.

 පසුව ස්වාධීන පුවත්පත් සමාගමේ ප‍්‍රකාශිත දවස පුවත්පතේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්වුපියා වූ  අතර මෙම වකවානුවෙහි මෙතුමා පදිංචිව සිටියේ නාවල ය. මෙම යුගයේ දී මොහුට තම බිරිඳ වූ සීතා හමු විය.1965 ශ‍්‍රී ලංකා කොමියුනිස්ට්  පක්ෂයේ නිල පුවත්පත වූ ඇත්ත පත‍්‍රයේ කාටූන් ශිල්පියා ලෙස වැඩ කිරීමට ද එක් වූ මොහු මෛත‍්‍රීපාල සේනානායක මහතා ඇරඹු සතිය පුවත්පතේ ද වැඩ කළේය.

 මෙතුමා 1934 රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ලංකාගමනය * සහ 1956 දී බණ්ඩාරනායකගේ ජනතා ජයග‍්‍රහණය * අතර වූ දෙදශකයක පමණ කාල පරිච්චේදයේ  දී මෙරට ඇති වූ සංස්කෘතික පුනර්ජීවනයේ සාර ඵලයක් ලෙස හඳුන්වා දිය හැකි කලාකරුවෙකි.

අමාවකින් පුර පෝයට

අහම්බෙන් මම දැකපු
සඳ නුබයි මගෙ ලොවට
අමාවක එන්න පෙර
අනේ ඇවිදින් යන්න

පිපෙන සකුරා මලක
හැඩය බැහැ  දැකගන්න
කළුවරයි මට තවම
අනේ ඇවිදින් යන්න

කාලයක් ගෙවී ගොස්  අහම්බෙන් හමු වෙලා 
යන එනා මග තොටක දකින්නට හිමි වුනා 
නොසිතු අයුරින් අමාවක දිනත් වියැකිලා 
සඳ ඇවිත්  පුර  පසළොසක් වී පායලා 

මාධ්‍ය සංස්කෘතිය සහ සමාජ විද්‍යාත්මක ප්‍රවේශය.



මාධ්‍ය සංස්කෘතිය නුතනත්වය මත සංස්කෘතික ප්‍රවේශය ඔස්සේ විමසන කල්හි දී , මාධ්‍ය  සංස්කෘතිය නම් මාධ්‍ය මගින් ගොඩනැගුණා  වූ සංස්කෘතියයි.


 සංස්කෘතිය වූ කලී , දැනුම ,ඇදහිලි ,විශ්වාස ,කලාව ,සදාචාරය ,නීතිය , සිරිත් විරිත් ,හා සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා සාක්ෂාත් කොටගෙන ඇති හුරු පුරුදු හා හැකියාවන් ඇතුලත් සංකිර්ණ සමස්තයයි.                                                                                                    ඊ .බී .ටයිලර් 

මෙකි සංස්කෘතිය මාධ්‍ය ඔස්සේ විකාශය වන මාධ්‍ය සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ආවේණික  ලක්ෂණ මගින් විකාශය  වේ. සංස්කෘතිය වූ කලී සංස්කෘතික ප්‍රවේශය ඔස්සේ දක්වන විට සංස්කෘතිය අධ්‍යයනය කිරීම තුලින් හදුනා ගත හැක්කකි. එය විසිරී  පවතී. 

සංස්කෘතිය ඉගැනීම හා සංස්කෘතිය විසිරි පැවතීම මත සංස්කෘතිය මාධ්‍ය සංස්කෘතිය ලෙස හැඩ ගැසෙන්නේ ජන මාධ්‍ය ප්‍රබල මුලාශ්‍රයක් බවට පත් කරගනිමිනි. එසේම අසීමිත පොදු වූ තොරතුරු හුවමාරුව සංකීර්ණ වීමත් සමග පරිසරයට මාධ්‍ය තුල පැවති සංස්කෘතිය වඩාත් ම නවීකරණය වෙමින් සමාජයේ සංස්කෘතික සිමාවන් අභිබවමින් ඉක්මවමින් පැතිරී යයි. 

නූතනයේ මේ වන විට ජන මාධ්‍ය යනු, සන්නිවේදන උපකරණයක් නොව ජීවන  ක්‍රමයක් බවට පත්ව තිබේ. මාධ්‍ය සංස්කෘතිය ගොඩනැගෙන්නේ මාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන සංදේශ ජනතාව විසින් සිය ජීවන චර්යාවන්ට එක කර ගැනීමෙනි. මෙය ජනමාධ්‍ය ඔස්සේ මාධ්‍යම බලපෑමක් මත ක්‍රියාත්මකව ක්‍රියා කරනු ලබයි. 

වත්මනේදී නුතන මාධ්‍ය සංස්කෘතියේ ඇතැම් අංග සමාජයක පවත්නා පොදු ජන සංස්කෘතිය ආක්‍රමණය කර ඇත. 
උදා : ආහාර රටා  - මැක්ඩොනල් , කේ .එෆ් .සී . ,ෆැබ් ,
       ඇඳුම් පැළදුම් - ඔඩෙල් ,ස්ප්‍රින් ඇන්ඩ් සමර් 

නුතන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව නිසා ජන සමාජයේ මාධ්‍යම බලවත් වීම නිසා මාධ්‍ය සංස්කෘතිය පාලනය කිරීමට නොහැක. වර්තමානයේ මාධ්‍ය සංස්කෘතිය සීඝ්‍ර  වර්ධනයක් දක්වයි. සංස්කෘතික අංග පවත්නා සමාජයෙන් වෙනතකට යොමු කරමින් මාධ්‍ය සංස්කෘතිය සමාජයේ චර්යාත්මක වෙනසක් ඇති කිරීම සමාජ විද්‍යාත්මකව පෙන්වා දිය හැකිය. 

සමාජ විද්‍යාත්මක ප්‍රවේශය ඔස්සේ සමාජයේ මානව චර්යාවන් විශ්ලේෂණය කිරීම මෙහි ස්වරූපයයි. මානව සමාජයේ ආර්ථික ,දේශපාලනය , සංස්කෘතිය ,සමජ ක්ෂේත්‍රයන්  ඒකාබද්ධව චර්යාත්මක පදනමකින් ජිවත් වූ ජීවන  රත්වන් වෙනතකට යොමු කරනුයේ මාධ්‍ය සංස්කෘතියයි. 


නුතන මාධ්‍ය සංස්කෘතිය මගින් විරෝධී සංස්කෘතියක් බිහි කරයි. මෙහිදී සමාජ විද්‍යාත්මක ප්‍රවේශයේ දී සලක බලන විට විවිධ වූ විෂය දැනුම හා ඒවායේ ක්ෂේත්‍ර මෙන්ම ආගමික , දේශපාලනික ,යනාදී අංශ ඔස්සේ මානව චර්යාවන්ගෙන් ගැටුම් , අපරාධ ,ප්‍රචණ්ඩ සමාජානුයෝජන,ලිංගිකත්වය ,දික් කසාද , ආදෝ නිශ්චිත වූ ව්‍යුහයකින් ගොඩ නැගුන සමාජය මෙම වාතාවරණය බිහි කරයි. 

මාධ්‍ය සංස්කෘතිය මිනිසාගේ  සාමාන්‍ය තත්ත්වය ඉලක්ක කොටගෙන විවිධතා ව්‍යාප්ත කරවයි. මෙකි සංස්කෘතිය හරහා විවිධ වූ ආකල්ප හා අදහස් බිහි කරයි. එනම් , එෆ් .බී . ආදී සමාජ ජාල මාධ්‍ය මගින් මාධ්‍ය සංස්කෘතිය බිහි කරමින් අවශ්‍යතා ඇති කරවීමක් සිදු කරි. 
පුද්ගල අවශ්‍යතා මෙන්ම සමාජ  අවශ්‍යතා දෙයාකාරයකි. මිනිසාගේ ශාරීරික හා මානසික ක්රියවකින්ම ඉලක්කගත මාධ්‍ය සංස්කෘතිය ව්‍යාප්ත කරවීමට වත්මන් සමාජය සමත්ව ඇත. එසේම ගෝලීයකරණය වූ සමාජය තුල මාධ්‍ය ඔස්සේ නව සංස්කෘතියක් ගොඩනගමින් එය ව්‍යාප්ත කිරීම සැලසුම් සහගත ක්‍රියාවලියක් බවට පැහැදිලි කරුණකි. මෙකී සංස්කෘතිය තුල දැකිය හැක්කේ ජනප්‍රිය සංස්කෘතිකමය ලක්ෂණයි. ප්‍රධානවම මෙය ව්‍යවහාරික ආධිපාත්‍යයක් ඔස්සේ ක්‍රියා කරයි. මෙහිදී දෛනික ජීවන රටා ආහාර රටා , හුරු පුරුදු ,සිරිත් විරිත් ගුණධර්ම මැනවින් විවිධ අංග යටතේ වෙනසකට යොමු වීමක් මෙහිදී සිදු වෙයි. 

සංස්කෘතිය රැකියා හැකිද ? නොහැකිද ? නුතන මාධ්‍ය  සංස්කෘතිය තුලින් පන නගින මුඛ්‍ය පැනයක් වන්නේ  සංස්කෘතිය රැකීමට යාමේදී තවදුරටත් එය විනාශ වී යාමයි. සමාජ අවශ්‍යතාවන් ඔස්සේ මාධ්‍ය සංස්කෘතිය හෙවත් ජනප්‍රිය සංස්කෘතියට ඉලක්කගත ග්‍රාහක කොට්ඨාශය ලෙස විවිධ වයස්,තත්ත්වයන් මත විසරණය සිදු කරයි. 

ධනපති පන්තිය , මධ්‍යම පන්තිය ,පීඩිත පන්තිය ආදී ලෙස ඇති වර්ගීකරණ සමාජයේදී මාධ්‍ය සංස්කෘතිය එකී තත්ත්වයන් හි දී මිනිසුන්ගේ පොදු අවශ්‍යතාවයන් ගොඩනන්වයි .සංස්කෘතික ප්‍රවේශය ඔස්සේ අතීත සංස්කෘතිය තුල පවත්නා වටිනාකම් , ආකල්ප , ගුණ ධර්ම ,පිරිහී යාමක් මාධ්‍ය සංස්කෘතිය තුලින් සිදු වෙයි. 

ජනප්‍රිය සංස්කෘතිය යනු , ජනමාධ්‍ය මගින් සමාජ ගත කරනු ලබන භාණ්ඩ හා සේවා  ඒ හා බැඳුණු චර්යාවන් එක වීමෙන් සැදුණු සමාජ සංස්කෘතික ස්වරූපයකි.'
ජනප්‍රිය සංස්කෘතිය වාණිජ විශ්වාස මත ගොඩ නැගී ඇති අතර ජනප්‍රිය සංස්කෘතියට බලපාන  අංගයන් වන්නේ , භාණ්ඩ හා සේවා නිෂ්පාදනය , පාරිභෝගිකයන් හා ජනමාධ්‍යයි . මෙහිදී ප්‍රධාන ලක්ෂණ වන්නේ.,

* බහු ජන සංස්කෘතියේ උපරි තලයයි.
*වාණිජ නිෂ්පාදන හා බැඳී පවතී. 
*ජනප්‍රිය සංස්කෘතිය නිර්මාණයකට වඩා නිෂ්පාදනයකි.
*ජනප්‍රිය සංස්කෘතිය අතිරික්තයක් සහිතයි.
*තාක්ෂණය  සමග සබැඳියාවක් පවතී. 
*ලාභ උපරිම කිරීමේ චේතනාව ක්‍රියාත්මක වෙයි.
*ගෝලීයකරණය මත ගොඩ නැගෙයි.

උදා : ඇඳුම් 
හිපොප් සහ පොප් ශෛලීන් 
අන්තර්ජාලය හරහා අධ්‍යාපනික මෙවලම් භාවිතය 

සැකසුම: ඉෂංකා ජනානි 

හෙයාර් ජෙල් හදන එඬරු ශාකය



ඉන්දියාව  , බුරුමය , ජාවා  ,නැගෙනහිර අප්‍රිකාව යනාදී රටවල මෙම ශාකය වැඩි වශයෙන් දක්නට ඇති අතර ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මෙන්ම වියලි කලාපයේ එඬරු ශාකය දක්නට ලැබේ . මෙකී  ශාකයේ වටිනාකම නොදන්නා බොහෝ පිරිස් මෙම ශාකය එතරම් වටිනාකමක් නොමැති වල පැලෑටියක් ලෙස සලකා උදලු ගා කපා දමා ගිනි තබා විනාශ කරයි . ජාත්‍යාන්තර මිනිසුන් මෙම ශාකය රූපලාවන්‍ය සදහා භාවිතා  කරන අතර එඬරු  ඇටෙන්  විශාල මුදලක් මේ වන විට උපයමින් සිටියි . 

ජපානය , ජර්මනිය ,ප්‍රංශය ,චීනය , කොරියාව වැනි රටවල එඬරු ගසට ඇත්තේ පුදුමාකාර ආදරයකි . අවස්ථාවල දී ගසේ කඳ  අතු රත් පහන් යුක්ත වෙයි.එඬරු ගස  ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව එරන්ඩ් යන නමින් හඳුන්වන අතර මෙය ඔතද ගුණයෙන් යුක්ත බෙහෙත් ශාකයකි .

 Image result for endaru plant

රත් එරඬු , මහ එන්දරු , ලෙසින් වර්ග වී ඇති මෙම ශාකය පැරණි මිනිසුන් හිස පීරීම සඳහා එඬරු  තෙල් යොදා ගෙන ඇත. පෝෂණීය  ගුණයෙන් අනූන  එන්දරු තෙල් කොණ්ඩය සඳහා වැඩි වශයෙන් යොදා ගත්  අතර එඬරු  කොළ හා මල් දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ලදී. 

මල බද්ධය , පිත් රෝග , ආම වාතය , සෙම් රෝග , කැස්ස , ශාරීරික ඉදිමීම් යනාදී රෝග සඳහා මෙම ශාකයේ කොටස් භාවිත කරයි . එසේම මෙම ශාකය විස ගෙනෙන ශාකයක් ලෙසින්ද ඈත අතීතයේ ප්‍රසිද්ධියට  වූ අතර මේ නිසා මෙහි ඇට අධිව  ආහාරයට ගන්න සතුන් මිය ගියහ. මෙම ගසේ ස්වභාවය මීටර් 15ක් උසට වැඩෙයි. සිනිදු පත්‍ර සහිත මෙම ශාකයේ එක පත්‍රයක් සෙන්ටිමීටර් 30 පමණ වෙයි. මෙම පත්‍රය කුරුලෙකුගේ පාදයේ ඇගිලි බෙදී ඇති ආකාරයට සකස්ව ඇති අතර කොටස් වලට බෙදී ඇත. පත්‍රයේ  වැඩි වන අතර සමහර අවස්ථාවල දී ගසේ කඳ  අතු රත් පහන් යුක්ත වෙයි.

එසේම පුරුෂ මල් ස්ත්‍රී මල් ලෙසින් මල් වර්ග දෙකක් වෙන් වෙන්ව පවතී . පුරුෂ මල් කහ පාටට හුරු කොළ පාටින් යුක්ත වන අතර ස්ත්‍රී  මල් රතු පැහැයෙන්  යුක්ත වේ. මෙම මල් පරාගනය වී ඵල හට ගන්න අතර වියලුනු බීජ දුඹුරු පැහැයෙන්  යුක්ත කුරුමිනියෙක්ගේ ස්වරුපයක් ගනී .
      වර්තමානයේ වැඩි වශයෙන් හෙයාර් ජෙල් සැකසීම සඳහා යොදාගනු ලබන්නේ එඬරු ශාකයයි .

මමත් වෙනමම එකෙක්

මමත් වෙනමම එකෙක්..

පින් වුවත් වලදන්ට පින් ලබත් නම් කෙනෙක්..
පව් කරන පව් ගෙවන මෙලොව අැත තව කෙනෙක්..
පින් හැර පව්ම වලදන්ට පවැති වෙති තව කෙනෙක්...
පින් කරත් පවු ගෙවන මමත් වෙනමම එකෙක්.....

දැනුමට යමක් (නර්තනය)

* දේශීය නර්තනයේ මුලික අංගහාරය මණ්ඩිය යි.

*උඩරට නර්තන සම්ප්රදායේ වට්ටම් හතරෙහි ලක්ෂණ අන්තර්ගත දීර්ඝ නර්තනාංගය අාවැන්දුම යි.

*උඩරට හා පහතරට වන්නම් අතරින් තාල රූප අතින් සමානතා අැත්තේ මුසලඩි හා කොවුලා වන්නම් දෙකෙහි ය.

*තාලය යනු ගණිතමය අාකෘතියක් මත විවුහගත කරනලද රිද්මයයි.

*නර්තන කලාව සම්බන්ධ එෙතිහාසික මුලාශ්ර ලෙස රූකම් දක්නට ලැබෙනුයේ සැටදාගෙය, යාපහුව මාලිගාව ,අැම්බැක්කේ දේවාලය හා ගලපාත විහාරයේය.

*ශාන්ති දේව ඝෝෂ විසින් නිර්මාණය කල ලංකාවේ පලමු නෘත්ය නාටකය වනුයේ සීතාභරණ යි.

*ලාංකීය රජයේ පාසැල් පද්ධතියේ නර්තනය විෂයක් ලෙස ඉගැන්වීම අැරඹුවේ 1943 දී ය.

* ඝන වාද්ය භාණ්ඩ අතුරින් බලි යාගයේදී නාද මාලාව හා ලය මානය පවත්වා ගැනීමට යොදා ගත්තේ අත්මිණිය යි.

*සිංහල වාද්ය භාණ්ඩ අතුරින් ස්වර නිෂ්පාදනය කල හැකි එකම සුෂිර භාණ්ඩය වන්නේ හොරණෑව යි.

*මහනුවර යුගයේ දී ලංකාවට පැමිණි දේශාඨන වාර්තා කරුවන් වුයේ රොබට් නොක්ස් හා ස්පිල් බර්ජන් ය.

*පාරම්පරික ලෙස බෙරයක් සකසනුයේ එහි දිග තුන් වියත් තුන් ගුලක දිගකිනි.

*නර්තන විෂය සම්බන්ධයෙන් අධ්යාපන දෙපාර්තමේන්තුවේ ප්රථම පරීක්ෂකයා ජේ.ඊ.සේදරමන් මහතා ය.

*සිංහල ගැමි නාටක ලෙස හදුන්වන්නේ සොකරි ,කෝලම් ,රූකඩ හා නාඩගම් ය.

*රංග වින්යාසයේ දී අවකාශ භාවිත කරනු ලබන පුද්ගල හා පොදු අවකාශ යන දෙකොටසකි.

*සබරගමු සමන් දේවාලයේ හුදෙක් පූජාර්ථය සඳහා ඉදිරිපත් කල නර්තනාංගය දිග් ගෙයි නැටුම යි.

*ලාංකික නර්තන කලාව පිලිබඳ තොරතුරු සොයාගත හැකි දෙමළ බසින් රචිත පැරණිම පොත වනුයේ සීලප්පදිකාරම් ය.