අමාවකින් පුර පෝයට

අහම්බෙන් මම දැකපු
සඳ නුබයි මගෙ ලොවට
අමාවක එන්න පෙර
අනේ ඇවිදින් යන්න

පිපෙන සකුරා මලක
හැඩය බැහැ  දැකගන්න
කළුවරයි මට තවම
අනේ ඇවිදින් යන්න

කාලයක් ගෙවී ගොස්  අහම්බෙන් හමු වෙලා 
යන එනා මග තොටක දකින්නට හිමි වුනා 
නොසිතු අයුරින් අමාවක දිනත් වියැකිලා 
සඳ ඇවිත්  පුර  පසළොසක් වී පායලා 

මාධ්‍ය සංස්කෘතිය සහ සමාජ විද්‍යාත්මක ප්‍රවේශය.



මාධ්‍ය සංස්කෘතිය නුතනත්වය මත සංස්කෘතික ප්‍රවේශය ඔස්සේ විමසන කල්හි දී , මාධ්‍ය  සංස්කෘතිය නම් මාධ්‍ය මගින් ගොඩනැගුණා  වූ සංස්කෘතියයි.


 සංස්කෘතිය වූ කලී , දැනුම ,ඇදහිලි ,විශ්වාස ,කලාව ,සදාචාරය ,නීතිය , සිරිත් විරිත් ,හා සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා සාක්ෂාත් කොටගෙන ඇති හුරු පුරුදු හා හැකියාවන් ඇතුලත් සංකිර්ණ සමස්තයයි.                                                                                                    ඊ .බී .ටයිලර් 

මෙකි සංස්කෘතිය මාධ්‍ය ඔස්සේ විකාශය වන මාධ්‍ය සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ආවේණික  ලක්ෂණ මගින් විකාශය  වේ. සංස්කෘතිය වූ කලී සංස්කෘතික ප්‍රවේශය ඔස්සේ දක්වන විට සංස්කෘතිය අධ්‍යයනය කිරීම තුලින් හදුනා ගත හැක්කකි. එය විසිරී  පවතී. 

සංස්කෘතිය ඉගැනීම හා සංස්කෘතිය විසිරි පැවතීම මත සංස්කෘතිය මාධ්‍ය සංස්කෘතිය ලෙස හැඩ ගැසෙන්නේ ජන මාධ්‍ය ප්‍රබල මුලාශ්‍රයක් බවට පත් කරගනිමිනි. එසේම අසීමිත පොදු වූ තොරතුරු හුවමාරුව සංකීර්ණ වීමත් සමග පරිසරයට මාධ්‍ය තුල පැවති සංස්කෘතිය වඩාත් ම නවීකරණය වෙමින් සමාජයේ සංස්කෘතික සිමාවන් අභිබවමින් ඉක්මවමින් පැතිරී යයි. 

නූතනයේ මේ වන විට ජන මාධ්‍ය යනු, සන්නිවේදන උපකරණයක් නොව ජීවන  ක්‍රමයක් බවට පත්ව තිබේ. මාධ්‍ය සංස්කෘතිය ගොඩනැගෙන්නේ මාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන සංදේශ ජනතාව විසින් සිය ජීවන චර්යාවන්ට එක කර ගැනීමෙනි. මෙය ජනමාධ්‍ය ඔස්සේ මාධ්‍යම බලපෑමක් මත ක්‍රියාත්මකව ක්‍රියා කරනු ලබයි. 

වත්මනේදී නුතන මාධ්‍ය සංස්කෘතියේ ඇතැම් අංග සමාජයක පවත්නා පොදු ජන සංස්කෘතිය ආක්‍රමණය කර ඇත. 
උදා : ආහාර රටා  - මැක්ඩොනල් , කේ .එෆ් .සී . ,ෆැබ් ,
       ඇඳුම් පැළදුම් - ඔඩෙල් ,ස්ප්‍රින් ඇන්ඩ් සමර් 

නුතන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව නිසා ජන සමාජයේ මාධ්‍යම බලවත් වීම නිසා මාධ්‍ය සංස්කෘතිය පාලනය කිරීමට නොහැක. වර්තමානයේ මාධ්‍ය සංස්කෘතිය සීඝ්‍ර  වර්ධනයක් දක්වයි. සංස්කෘතික අංග පවත්නා සමාජයෙන් වෙනතකට යොමු කරමින් මාධ්‍ය සංස්කෘතිය සමාජයේ චර්යාත්මක වෙනසක් ඇති කිරීම සමාජ විද්‍යාත්මකව පෙන්වා දිය හැකිය. 

සමාජ විද්‍යාත්මක ප්‍රවේශය ඔස්සේ සමාජයේ මානව චර්යාවන් විශ්ලේෂණය කිරීම මෙහි ස්වරූපයයි. මානව සමාජයේ ආර්ථික ,දේශපාලනය , සංස්කෘතිය ,සමජ ක්ෂේත්‍රයන්  ඒකාබද්ධව චර්යාත්මක පදනමකින් ජිවත් වූ ජීවන  රත්වන් වෙනතකට යොමු කරනුයේ මාධ්‍ය සංස්කෘතියයි. 


නුතන මාධ්‍ය සංස්කෘතිය මගින් විරෝධී සංස්කෘතියක් බිහි කරයි. මෙහිදී සමාජ විද්‍යාත්මක ප්‍රවේශයේ දී සලක බලන විට විවිධ වූ විෂය දැනුම හා ඒවායේ ක්ෂේත්‍ර මෙන්ම ආගමික , දේශපාලනික ,යනාදී අංශ ඔස්සේ මානව චර්යාවන්ගෙන් ගැටුම් , අපරාධ ,ප්‍රචණ්ඩ සමාජානුයෝජන,ලිංගිකත්වය ,දික් කසාද , ආදෝ නිශ්චිත වූ ව්‍යුහයකින් ගොඩ නැගුන සමාජය මෙම වාතාවරණය බිහි කරයි. 

මාධ්‍ය සංස්කෘතිය මිනිසාගේ  සාමාන්‍ය තත්ත්වය ඉලක්ක කොටගෙන විවිධතා ව්‍යාප්ත කරවයි. මෙකි සංස්කෘතිය හරහා විවිධ වූ ආකල්ප හා අදහස් බිහි කරයි. එනම් , එෆ් .බී . ආදී සමාජ ජාල මාධ්‍ය මගින් මාධ්‍ය සංස්කෘතිය බිහි කරමින් අවශ්‍යතා ඇති කරවීමක් සිදු කරි. 
පුද්ගල අවශ්‍යතා මෙන්ම සමාජ  අවශ්‍යතා දෙයාකාරයකි. මිනිසාගේ ශාරීරික හා මානසික ක්රියවකින්ම ඉලක්කගත මාධ්‍ය සංස්කෘතිය ව්‍යාප්ත කරවීමට වත්මන් සමාජය සමත්ව ඇත. එසේම ගෝලීයකරණය වූ සමාජය තුල මාධ්‍ය ඔස්සේ නව සංස්කෘතියක් ගොඩනගමින් එය ව්‍යාප්ත කිරීම සැලසුම් සහගත ක්‍රියාවලියක් බවට පැහැදිලි කරුණකි. මෙකී සංස්කෘතිය තුල දැකිය හැක්කේ ජනප්‍රිය සංස්කෘතිකමය ලක්ෂණයි. ප්‍රධානවම මෙය ව්‍යවහාරික ආධිපාත්‍යයක් ඔස්සේ ක්‍රියා කරයි. මෙහිදී දෛනික ජීවන රටා ආහාර රටා , හුරු පුරුදු ,සිරිත් විරිත් ගුණධර්ම මැනවින් විවිධ අංග යටතේ වෙනසකට යොමු වීමක් මෙහිදී සිදු වෙයි. 

සංස්කෘතිය රැකියා හැකිද ? නොහැකිද ? නුතන මාධ්‍ය  සංස්කෘතිය තුලින් පන නගින මුඛ්‍ය පැනයක් වන්නේ  සංස්කෘතිය රැකීමට යාමේදී තවදුරටත් එය විනාශ වී යාමයි. සමාජ අවශ්‍යතාවන් ඔස්සේ මාධ්‍ය සංස්කෘතිය හෙවත් ජනප්‍රිය සංස්කෘතියට ඉලක්කගත ග්‍රාහක කොට්ඨාශය ලෙස විවිධ වයස්,තත්ත්වයන් මත විසරණය සිදු කරයි. 

ධනපති පන්තිය , මධ්‍යම පන්තිය ,පීඩිත පන්තිය ආදී ලෙස ඇති වර්ගීකරණ සමාජයේදී මාධ්‍ය සංස්කෘතිය එකී තත්ත්වයන් හි දී මිනිසුන්ගේ පොදු අවශ්‍යතාවයන් ගොඩනන්වයි .සංස්කෘතික ප්‍රවේශය ඔස්සේ අතීත සංස්කෘතිය තුල පවත්නා වටිනාකම් , ආකල්ප , ගුණ ධර්ම ,පිරිහී යාමක් මාධ්‍ය සංස්කෘතිය තුලින් සිදු වෙයි. 

ජනප්‍රිය සංස්කෘතිය යනු , ජනමාධ්‍ය මගින් සමාජ ගත කරනු ලබන භාණ්ඩ හා සේවා  ඒ හා බැඳුණු චර්යාවන් එක වීමෙන් සැදුණු සමාජ සංස්කෘතික ස්වරූපයකි.'
ජනප්‍රිය සංස්කෘතිය වාණිජ විශ්වාස මත ගොඩ නැගී ඇති අතර ජනප්‍රිය සංස්කෘතියට බලපාන  අංගයන් වන්නේ , භාණ්ඩ හා සේවා නිෂ්පාදනය , පාරිභෝගිකයන් හා ජනමාධ්‍යයි . මෙහිදී ප්‍රධාන ලක්ෂණ වන්නේ.,

* බහු ජන සංස්කෘතියේ උපරි තලයයි.
*වාණිජ නිෂ්පාදන හා බැඳී පවතී. 
*ජනප්‍රිය සංස්කෘතිය නිර්මාණයකට වඩා නිෂ්පාදනයකි.
*ජනප්‍රිය සංස්කෘතිය අතිරික්තයක් සහිතයි.
*තාක්ෂණය  සමග සබැඳියාවක් පවතී. 
*ලාභ උපරිම කිරීමේ චේතනාව ක්‍රියාත්මක වෙයි.
*ගෝලීයකරණය මත ගොඩ නැගෙයි.

උදා : ඇඳුම් 
හිපොප් සහ පොප් ශෛලීන් 
අන්තර්ජාලය හරහා අධ්‍යාපනික මෙවලම් භාවිතය 

සැකසුම: ඉෂංකා ජනානි 

හෙයාර් ජෙල් හදන එඬරු ශාකය



ඉන්දියාව  , බුරුමය , ජාවා  ,නැගෙනහිර අප්‍රිකාව යනාදී රටවල මෙම ශාකය වැඩි වශයෙන් දක්නට ඇති අතර ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මෙන්ම වියලි කලාපයේ එඬරු ශාකය දක්නට ලැබේ . මෙකී  ශාකයේ වටිනාකම නොදන්නා බොහෝ පිරිස් මෙම ශාකය එතරම් වටිනාකමක් නොමැති වල පැලෑටියක් ලෙස සලකා උදලු ගා කපා දමා ගිනි තබා විනාශ කරයි . ජාත්‍යාන්තර මිනිසුන් මෙම ශාකය රූපලාවන්‍ය සදහා භාවිතා  කරන අතර එඬරු  ඇටෙන්  විශාල මුදලක් මේ වන විට උපයමින් සිටියි . 

ජපානය , ජර්මනිය ,ප්‍රංශය ,චීනය , කොරියාව වැනි රටවල එඬරු ගසට ඇත්තේ පුදුමාකාර ආදරයකි . අවස්ථාවල දී ගසේ කඳ  අතු රත් පහන් යුක්ත වෙයි.එඬරු ගස  ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව එරන්ඩ් යන නමින් හඳුන්වන අතර මෙය ඔතද ගුණයෙන් යුක්ත බෙහෙත් ශාකයකි .

 Image result for endaru plant

රත් එරඬු , මහ එන්දරු , ලෙසින් වර්ග වී ඇති මෙම ශාකය පැරණි මිනිසුන් හිස පීරීම සඳහා එඬරු  තෙල් යොදා ගෙන ඇත. පෝෂණීය  ගුණයෙන් අනූන  එන්දරු තෙල් කොණ්ඩය සඳහා වැඩි වශයෙන් යොදා ගත්  අතර එඬරු  කොළ හා මල් දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ලදී. 

මල බද්ධය , පිත් රෝග , ආම වාතය , සෙම් රෝග , කැස්ස , ශාරීරික ඉදිමීම් යනාදී රෝග සඳහා මෙම ශාකයේ කොටස් භාවිත කරයි . එසේම මෙම ශාකය විස ගෙනෙන ශාකයක් ලෙසින්ද ඈත අතීතයේ ප්‍රසිද්ධියට  වූ අතර මේ නිසා මෙහි ඇට අධිව  ආහාරයට ගන්න සතුන් මිය ගියහ. මෙම ගසේ ස්වභාවය මීටර් 15ක් උසට වැඩෙයි. සිනිදු පත්‍ර සහිත මෙම ශාකයේ එක පත්‍රයක් සෙන්ටිමීටර් 30 පමණ වෙයි. මෙම පත්‍රය කුරුලෙකුගේ පාදයේ ඇගිලි බෙදී ඇති ආකාරයට සකස්ව ඇති අතර කොටස් වලට බෙදී ඇත. පත්‍රයේ  වැඩි වන අතර සමහර අවස්ථාවල දී ගසේ කඳ  අතු රත් පහන් යුක්ත වෙයි.

එසේම පුරුෂ මල් ස්ත්‍රී මල් ලෙසින් මල් වර්ග දෙකක් වෙන් වෙන්ව පවතී . පුරුෂ මල් කහ පාටට හුරු කොළ පාටින් යුක්ත වන අතර ස්ත්‍රී  මල් රතු පැහැයෙන්  යුක්ත වේ. මෙම මල් පරාගනය වී ඵල හට ගන්න අතර වියලුනු බීජ දුඹුරු පැහැයෙන්  යුක්ත කුරුමිනියෙක්ගේ ස්වරුපයක් ගනී .
      වර්තමානයේ වැඩි වශයෙන් හෙයාර් ජෙල් සැකසීම සඳහා යොදාගනු ලබන්නේ එඬරු ශාකයයි .

මමත් වෙනමම එකෙක්

මමත් වෙනමම එකෙක්..

පින් වුවත් වලදන්ට පින් ලබත් නම් කෙනෙක්..
පව් කරන පව් ගෙවන මෙලොව අැත තව කෙනෙක්..
පින් හැර පව්ම වලදන්ට පවැති වෙති තව කෙනෙක්...
පින් කරත් පවු ගෙවන මමත් වෙනමම එකෙක්.....

දැනුමට යමක් (නර්තනය)

* දේශීය නර්තනයේ මුලික අංගහාරය මණ්ඩිය යි.

*උඩරට නර්තන සම්ප්රදායේ වට්ටම් හතරෙහි ලක්ෂණ අන්තර්ගත දීර්ඝ නර්තනාංගය අාවැන්දුම යි.

*උඩරට හා පහතරට වන්නම් අතරින් තාල රූප අතින් සමානතා අැත්තේ මුසලඩි හා කොවුලා වන්නම් දෙකෙහි ය.

*තාලය යනු ගණිතමය අාකෘතියක් මත විවුහගත කරනලද රිද්මයයි.

*නර්තන කලාව සම්බන්ධ එෙතිහාසික මුලාශ්ර ලෙස රූකම් දක්නට ලැබෙනුයේ සැටදාගෙය, යාපහුව මාලිගාව ,අැම්බැක්කේ දේවාලය හා ගලපාත විහාරයේය.

*ශාන්ති දේව ඝෝෂ විසින් නිර්මාණය කල ලංකාවේ පලමු නෘත්ය නාටකය වනුයේ සීතාභරණ යි.

*ලාංකීය රජයේ පාසැල් පද්ධතියේ නර්තනය විෂයක් ලෙස ඉගැන්වීම අැරඹුවේ 1943 දී ය.

* ඝන වාද්ය භාණ්ඩ අතුරින් බලි යාගයේදී නාද මාලාව හා ලය මානය පවත්වා ගැනීමට යොදා ගත්තේ අත්මිණිය යි.

*සිංහල වාද්ය භාණ්ඩ අතුරින් ස්වර නිෂ්පාදනය කල හැකි එකම සුෂිර භාණ්ඩය වන්නේ හොරණෑව යි.

*මහනුවර යුගයේ දී ලංකාවට පැමිණි දේශාඨන වාර්තා කරුවන් වුයේ රොබට් නොක්ස් හා ස්පිල් බර්ජන් ය.

*පාරම්පරික ලෙස බෙරයක් සකසනුයේ එහි දිග තුන් වියත් තුන් ගුලක දිගකිනි.

*නර්තන විෂය සම්බන්ධයෙන් අධ්යාපන දෙපාර්තමේන්තුවේ ප්රථම පරීක්ෂකයා ජේ.ඊ.සේදරමන් මහතා ය.

*සිංහල ගැමි නාටක ලෙස හදුන්වන්නේ සොකරි ,කෝලම් ,රූකඩ හා නාඩගම් ය.

*රංග වින්යාසයේ දී අවකාශ භාවිත කරනු ලබන පුද්ගල හා පොදු අවකාශ යන දෙකොටසකි.

*සබරගමු සමන් දේවාලයේ හුදෙක් පූජාර්ථය සඳහා ඉදිරිපත් කල නර්තනාංගය දිග් ගෙයි නැටුම යි.

*ලාංකික නර්තන කලාව පිලිබඳ තොරතුරු සොයාගත හැකි දෙමළ බසින් රචිත පැරණිම පොත වනුයේ සීලප්පදිකාරම් ය.

දේවදාසී සංකල්පය

දෙවියන්ට දාසකම් හෙවත් සේවය කරදෙවියන්ට දාසකම් හෙවත් සේවය කරන්නී දේවදාසී නම් වෙයි.භාරතයට මේ දේවදාසී ක්‍රමය  අැබ්බැහි වුයේ එහි කඩා වැදුනු අාර්යයන්ගෙනි.අද මැද පෙරදිග හා අරාබි රටවල් හා මිසරය ග්‍රීසිය  අාදී රටවල අැති පුරාණයේ පැවැති සමාජයන් ස්වකීයඅාගමික කටයුතු වලදී ගැහැණියට දී තිබූ ස්ථානය මෙමගින් පැහැදිලි වන අතර ලෝකයේ අැතැම් රටවල මෙම දේවදාසී සංකල්පය පැවැති බව පැහැදිලි වේ.


කාශ්මීරයේ ජන නැටුම් හා සමගාමි නෘත්‍ය  නාටකයන්හි චරිත සඳහා තෝරාගත්තේ මේ දේවදාසීන් ය. රජතුමාගේත් නායක පූජකයාගේත් අවශ්‍යතාවය  පරිදි සෑම තරුණියක්ම සිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ කන්‍යා  පූජක ආශ්‍රම  වලට අැතුලත් කර ගන්නා ලදි. කාශ්මීරයේ ජන නැටුම් සමගාමිව නෘත්‍ය  නාටකයන් හි ගැහැණු චරිත සඳහා තෝරා ගන්නා හෆීසා නම් නිලියන්ද මේ දේවදාසී පරම්පරාවෙන් පැවත එන්නෝ වෙති.මොවුන්ගේ සමහරක් හෆීසා තාලම් කාශ්මීරයේ සංගීත විධි අනුගමනය කරයි. නෘත්‍ය  ශෛලිය හැටියට කථක් නෘත්‍ය  භාවිතා කරයි.

රූමත් තරුණියන් දේවදාසීන් ලෙස  සකස් කිරිමේ කාර්යය පැවරුණේ පූජක බ්‍රාහ්මණයන් හටයි.සුදුසු නෘත්‍ය  කලා ගුරුන් යටතෙහි මනාලෙස පුහුණු වීමෙන් පසු ඔවුන් දේවාල වලට කැප කරති. එසේ පුහුණු වන දේවදාසීන් තම මංගල රැඟුම දේවාලයෙහි ඉදිරිපත් කරයි. දෙවියන්ට මෙන්ම පුජකයින්ට ද ඔවුන් සේවා කල යුතුය. දේවාලයේ උත්සවයන්හි දී විශේෂයෙන් දේව සභාවන්හි නැටුම් දැක්වීමේ අයිතිය දේවදාසීන් සතුවිය. දේවාලයේ දුම්, සුවඳ , අාදී පුජාවන් හි මුල් තැන දේවදාසීන්බ අයිති විය.නූතන දක්ෂිණ භාරතයේ හින්දු දේවාල තුල නූතන භරත නාට්‍යම්  දක්වා පැතිර අැත.

විවාහ වීම ,දරුවන් ලැබීම , අාදිය මොවුනට තහනම් ය. මේ තහනම් නීති කඩ කලහොත් දඬුවම් ලැබුනි.දේව , රාජ සේව අාදි වශයෙන් කෝවිල් වලට සම්බන්ධව කටයුතු කිරීම අනුව දේවදාසීන් වර්ග ගණනක් විය.දේවාලයේ උත්සවයන්හි දී විශේෂයෙන් දේව සභාවන් හි නැටුම් දැක්වීමේ අයිතිය දේවදාසීන් සතුවිය. දෙවැනි තැනට ගැනෙන රාජ දාසීහු ප්‍රභූ ආදීන්  සඳහා දේවාලයන්ගෙන් පිටත විශේෂ මණ්ඩපයන්හි රැඟුම් දැක්වුහ.

ස්වදාසීන්ට හිමි වුයේ මහජනතාව සඳහා රැඟුම් දැක්වීමය.රාජදාසීහු පහන් දැල්වීම අාලේපන සකස් කිරීම හා ප්‍රසාද  දීමනා කල අතර ස්වදාසීහු රථ යාත්‍රා වලදී  චාමර හා පහන් දැල්වීම ද භාරව සිටියහ.මොවුන් කවුරුන් හෝ සමාජයට පිලිගෙන තිබුනේ ගණිකාවන් ලෙසය. මහලු වු කල්හි ඔවුන් දේවාලයන්ගෙන් නෙරපා හරිනු ලැබුහ.එවිට ඔවුනට හිමි වුයේ හිගමන හෝ ගණිකා  වෘත්තියයි.

නිර්වාචික සන්නිවේදන කෝෂ්ඨාගාරය කථකලි නර්තනයේ වේශ නිරූපණ කලාව.

ඉන්දියානු හා සම්ප්රදායන් අතරට ගැනෙන එක් සම්භාව්ය නර්තන කලාවක් ලෙස කථකලි නර්තනය හඳුන්වා දිය හැකිය.මෙම සම්ප්රදාය දක්ෂිණ භාරතීය සමුද්රාසන්න පෙදෙසක් වන කේරළය නිජබිම කරගෙන ප්රභවය ලැබුවකි.මෙය පුරෂයන් පමණක් සහභාගි වන නර්තන කලාවක් වන අතර කාන්තා චරිත පවා පිරිමින් රඟ දැක්වීම මෙහි සම්ප්රදාය වෙති.
16 වන සියවසේ කේරළයේ විසු කොට්ටාරක්කාරයේ තාම්පුරම් පෙදෙසෙහි රජු වු කොට්ටාකාර රජු රාමායනය අලලා රාම නාට්ටම් නමින්  වු අාගමික ගැමි නාටකයක් නිර්මාණය කර රඟ දැක්වුහ. මෙය ටිකෙන් ටික පෙදෙසෙන් පෙදෙස පැතිරි ගිය නාටක ක්රමයක් වුහ.
මෙය ඉතා අලංකාර අංගරචනා ක්රමයකට උරුමකම් කී අතරම එම අංගරචනය වෙනත් කිසිම නර්තන සම්ප්රදායක නොවන තරම් අතිශය අලංකාර වුහ.
එක් නලුවකු වෙනුවෙන් පැය කිහිපයක් අංග රචනයෙහි හරඹයක් කරන මෙම කලාවෙහි දී කථකලි අංග රචනා ක්රමය ප්රධාන අංග කිහිපයකින් සමන්විත වේ.


  • මිනික්කු
  • පච්ච
  • කත්ති
  • තාඩි
  • කාරි


අාදී වශයෙන් මෙහි කොටස් පහකි.

මිනිස් ලක්ෂණ සහිත ජීවමාන වර්ණයෙන් යුක්ත මුහුණු සඳහා මිනික්කු අංග රචනා ශෛලිය යොදා ගනිති.
මුහුණේ කොල පාට වර්ණ තවරන අතර අැස් කලු කර තොල් රතු කර ක්රිෂ්ණා රාමා වැනි චරිත වලට යොදා ගන්නඅ පච්චා නම් වු ශෛලියයි.
කත්ති අංග රචනා ශෛලියේ දී රාවණ ,කුම්බකර්ණ ,දුර්යෝදන වැනි අංග රචනඩ කරනු ලබයි.
තාඩි සඳහා රතු කලු රැවුල් යොදා ගන්නා අතර කාරි බිහිසුනු ගොරහැඩි චරිත සඳහා යොදා ගනී.මෙම නර්තන කලාවෙහි රංග වස්ත්රාභරණ සඳහා සුවිශේෂ තැනක් හිමි වන්නේ එහි එක් එක් චරිතය සඳහා වන රංගාභරණ වෙනස් බැවිනි.මෙහිදී හිසට පලදන ක්රීටම් නම් හිස් පලදනාව ඉතා අලංකාර වුවකි.මෙහි දි අලංකාරම ඉන්දියානු රංග අංග රචනය හරහා ප්රකට කරවන නිර්වාචික සන්නිවේදනය අති ප්රබල වුවකි.

හිමාලයේ කඳුකර ජනතාව

පෘථිවි පෘෂ්ඨය මත පිහිටි උසම කඳු පන්තිය වන්නේ හිමාලය යි. උසින් 7200m වන හිමාලය 2400km පමණ දිගකින් යුක්ත ව විසල් ප්රදේශයක විහිදී  අැත. මෙම කඳුවැටියේ විශාලත්වය ,උස හා මාර්ග පහසුකම් නොමැතිවීම වැනි කරුණු නිසා මේ පෙදෙසෙහි මානව කටයුතු බොහෝ දුරට සීමා වී අැත. හිමාලයේ භෞතික පරිසරයට අනුවර්තනය වෙමින් දීර්ඝ කාලයක් වාසය කල ගෝත්රික කණ්ඩායම් 279ක් පමණ සිටිති.

හිමාලයානු කඳු වැටියේ උස්ම කඳු මුදුන එවරස්ට් , තරණය කල ලෝක ප්රසිද්ධ පුද්ගලයා එඩ්මන් හිලරි ය.ඔහුට සහය වු ටෙනිසන් හිමාලයානු කඳු වැටියේ වාසය කල ෂෙර්පා ගෝත්රයට අයත් පුද්ගලයෙකි.

හිමාලය කඳුකරයේ වාසය කරන විවිධ ගෝත්රික ජන කණ්ඩායම් කිහිපයකි.

ඉන්දියාවේ හිමචාල් පෙදෙසෙහි කසා ගෝත්රිකයින් ( Khasa)
ලඩාක් පෙදෙසෙහි දරඩ්වරු (Darad)
හිමාලයානු පෙදෙසෙහි භූටියාවරු (Bhutia)
සිඛීම් පෙදෙසෙහි ලෙප්චාවරු (Lepcha)
සෝලෝකුම්බු පෙදෙසෙහි ෂෙර්පාවරු (Sherpa)

මෙලෙස වාසය කරන කඳුකර ජනතාවගේ ජීවන රටාව වෙනස් වුහ.කඳුකරයේ පවතාන භෞතික පරිසරයට හා දේශගුණික ලක්ෂණ වලට අනුකූල ව මෙම ජනයාගේ ජීවන රටාව ද හැඩ ගැසී අැත. ඔවුන්ගේ දෛනික කටයුතු පහසු වන අාකාරයට ශාරිරික ස්වභාවය ද සකස් ව අැත.

කඳු නැගීමට පහසු වන පරිදි දෙපා හා යටි පතුල් ශක්තිමත් ව පළල් ව පිහිටීම ත් , ඉහල කඳුකර වායු ගෝලීය පීඩනයට ඔරොත්තු දීමට හැකි අයුරින් පෙනහළු පිහිටීම නිසා අඩු අම්ලකර පරාසයක් යටතේ ජීවත් වීමට හැකි වීමත් ,බර උසුලාගෙන යාමට හැකි අයුරින් ශක්තිමත් ව බාහු යුගල වර්ධනය වී තිබීමත් ,නාස් කුහර විශාල වීම වැනි ලක්ෂණ වලින් ඔවුන් සමන්විත වුහ.

මෙම පෙදෙස් වල මුලික ජීවනෝපායන් ලෙස කෘෂිකර්මය හා සත්ත්ව පාලනය වැදගත් වුහ.නිම්න අසල ව වු පහත් බිම්වල හා කඳු බෑවුම් වල හෙල්මළු අාකාරයට වී වගා කරයි.
හිමාලය කඳු අසල පෙදෙස් වල සත්ත්ව පාලනය යටතේ ගවයන්, බැටළුවන්,හා එළුවන් අැති කරන අතර සංචාරක සත්ත්ව පාලනය ඉන් වැදගත් වෙති.එසේම කිරි ලබා ගැනීමට යැක් නැමති ගව විශේෂය අැති කරනු ලබයි.කඳුකර ෂෙර්පා ගෝත්රික කාන්තාවන් රෙදි විවීම හා වූල් අැඳුම් මැසීමෙන් ද අාදායමක් ලබයි.මෙම වූල් අැඳුම් කඳු නගින්නන් සීතල සඳහා සීත කාල වලදී යොදා ගනී. මෙයින් පෙනී යන්නේ මෙම පෙදෙස් වල ජනයාගේ ජීවන රටාව එ් එ් පෙදෙසෙහි භෞතික තත්ත්වය මත හැඩ ගැසී අැති බවය.
හිමාලයේ වෙසෙන ජනයා භාණ්ඩ උසුලා ගෙන යන්නන්, මග පෙන්වන්නන් ,භාණ්ඩ අලෙවි කරන්නන් වශයෙන් සංචාරක කර්මාන්තය සමගාමි රැකියා වල නිරත වෙති.
කඳුකර ජනයාගේ නිවාස ද භෞතික පරිසරය මෙන් ම ඔවුන්ගේ ජීවන රටාව අනුව වෙනස් වේ. ගල් , ලී ,කුඩු ,මැටි ලී දඬු වැනි පරිසරයේ පවතින ස්වභාවික දෑ උපයෝගි කරගෙන නිවාස ඉදිකර අැති අතර වහලය සඳහා වියලා ගත් තෘණ වර්ග යොදාගනී.

සටහන. N.D.Ishanka Janani

තාත්තා

ආදරයක සදාතන අබිරහසක් අපි කාටත් තියන නිසා අපි අපෙම කියල අපිට තේරෙන භාෂාවකින් ඒ අබිරහස කියවන්න උත්සහ කරන වාර ගණන අපි අපෙ තාත්තව මතක් කරන වාර ගණනට සමානය. දියණියක වනාහි පීතෘත්වය අභිමුව සදාතන දිණුම් කණුවකි. පියෙකු වනාහි දියණියක ‌ග‌ේ ‌ල‌ෝකයෙහි ඇස ගැ‌ටනෙ වාරයක් පාසා සිත නිවෙන බුදු පහනකි.

කාලය‌ේ දුරු ගමන් මග තුල පියෙකුගේ හද සන්තානයේ සදාතන සමරුව වන්නේ තම දියණියයි . තමාගේ ජීවන ගමන් මගෙහි බිරියගෙන් පසු නැවතත් සදාතන  පෙමකට මග කියන්නේ තම දියණියගෙන් බව මෙලොව සෑම පියෙකුගේ දෙවන පෙම් පුවතේ ඇරඹුම සනිටුහන් කරයි. දියණියක ලැබූ දා සිට මවගේ දෑස් ඇය වෙත නිරන්තරයෙන් රදවා තබා ගන්නට උත්සහ දරන නමුත් පියෙකු සෑමවිටම දියණිය තම මනසේ රදවා තබා ගනී.

දුවක දණ ඔබා ඇවිදින්නට පෙරමං තනද්දී ඒ පොඩි දෙපා අභියස දී ඒ පා පොඩි තමා දෙපා මත දරාගෙන පියවරෙන් පියවර මනින්නේ දුවකගේ අප්පච්චී නොවෙ ද  කිරිකැටි සිනා දැක ඔහුගේ නීල දෑස් සිනා නංවන්නට උත්සහ කරන්නේ තම දියණිගේ සුරතලයටම නොවෙයි ද පියෙකුගේ හද සන්තානයේ දුවකගේ අනාගත සිහින මංපෙතට අඩිතාලම දමන්නේ දියණිය තම ඇකයට ආ දිනයේ බව නොරහසකි. දිනෙන් දින කුඩා දියණි වැඩෙත්ම පියාගේ සිත් අරණේ පියවරෙන් පියවර ගොඩ නැගෙන ඇගේ ලෝකය පියෙකු තම දෝතින් දරා රකින්නේ කෙතරම් ආසාවකින්ද

මවකගේ උණුසුම ලබමින් සැපට නිදන දියණියකගේ ආරක්ෂාව සපයන්නේ පියාගේ දෑසම නොවෙ ද ඔහුගේ විමසිලිමත් චිත්ත ශක්තියම නොවෙද ඇත්තෙන්ම පියෙකුගේ ආදරය මනින්නට මෙලොව පවතින මිම්ම තවමත් මම සොයා යමින් හිදින්නේ ඔබට මෙන්ම මටද උරුම වූ එකී පීතෘ ස්නේහයේ වපසරිය තවමත් මසිතට නොතේරෙන බැවින් ය. ඒ හදවත කොතරම් සුවිසල් වූවක් ද මට මෙන්ම තවත් දරුවන් තිදෙනෙකුට එකී හදවත එකසේ පෙම් කරන්නේ කෙසේ ද එතරම් ආදරණීය සෙනෙහසක් ඒ හදවත තුල දරන්නේ කෙසේද ඔහුට එය දරාගෙන සිටින්නට හැකිද මට එයම දැනී දැනේනේ මන්ද ....
ඒ තාත්තා මෙන්ම මා ද මා සිතින් ඔහුගේ පීතෘ ස්නේහයට ලොබ බදින නිසාම විය හැකි නොවේ ද
ඉදින් මා ද ඔහුගේම අනුවක් ලෙස දකින සෑම වරක දී මා නැවත නැවතත් ඔහුගේ පෙමින් ජීවිතය ලබන බව මම දනිමි.

හංවඩු ගැහිල්ල හෙවත් පච්ච කලාව 2

වර්තමානයේ ජනාකර්ශනයට පත් ටැටු කලාව

 කාලයෙන් කාලයට එන විශේෂිත අංග වල අඩුපාඩුවක් නැත්තා සේම කාලයෙන් කාලයට එන විලාසිතා වලද  අඩුපාඩුවක් වත්මනේ දී දක්නට නැත.හුදෙක් විලඩසිතා වලට වැඩි අවධානයක් දක්වන්නේ තරුණ පරපුර බව අපි දනිමු. එහෙත් තරුණයන් මෙන්ම මැදිවියේ අය වැඩිහිටියන් තරුණියන් මෙන්ම කුඩා දරුවන් පවා විලාසිතා වලට ආකර්ශනය වන බව වත්මනේ දී දක්නට ලැබෙන්නකි. මෙහි වරදක් නැත. විලාසිතාවන් නිකරුණේ විවේචනය කරන්නේ හෝ ඒවාට බැන වදින්නේ කුහකයන් හෝ හණමිටිකාරයන් බව සමාජයේ පිළිගැනීමක් තිබෙයි. නමුත් දකින්නාට බීභත්ස්‍යක් ඇති කරන එසේත් නැතිනම් බාල පරපුර නොමග යවන අසංවර දේ ගැන කතිකාවක් ගොඩ නංවන්නට බලා සිටින්නවුන්ට පච්ච කලාවත් රසවත් වස්තුබීජයකි.

වත්මනේ දී ටැටූ කලාව නව මාදිලියේ විලාසිතාවක් මෙන්ම සමාජ රැල්ලක්ව ව්‍යාප්ත වන්නට ඉඩ හසර සැලසී ඇති අතරම වෙනමම ආරයක යන මෙම කලාව සමාජයේ බොහෝ අංග ස්පර්ශ කරමින් උඩුගම් බලා යන බව පෙනේ. එහි දී වත්මන තුල මුහුණු පොත හා ඉන්ස්ටර්ග්රෑම් වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල මෙම විස්මිත කෘති දැකීම මත ටැටූ භාවිතා කිරීමට වැඩි වැඩියෙන් ජනයා පෙළඹී ඇත. විලාසිතා ක්ෂේත්රය පවා  මේ වන විට ටැටූ භාවිතා නොකරන අතර බොහෝ ආකෘති ඇත. කෙසේ වෙතත් පච්චයක් ලබා ගැනීම සරල තීරණයක් නොවෙයි. එය මූලික වශයෙන් ඔබේ සමට ස්ථිර දෙයක් ලෙස එම්බඩ් කිරීම එබැවින් පච්චයක් ලබා ගැනීම තීරණාත්මකව තීරණය කල යුතුය.

ටැටූ කර ඇති පුද්ගලයන් වඩාත් කැමැත්තක් දක්වන්නේ ඒවා නිතරම අන් අයගේ ආකර්ශනයට ලක් වනවාටත් වඩා ඒවා දර්ශනය වන්නට ඉඩ හැරීමටය. වෙනත් ආකාරයකට කිවහොත් පච්චා හැමෝටම පේන ආකාරයට අඩ නිරුවත් හෝ ඇග පේන ඇදුම් ආයිත්තම් වලින් සැරසී සිටීමට ඔවුන් කැමැත්තක් දක්වයි. මෙනිසා බොහෝවිට උඩුකය නිරාවරණය වන හෝ අත් නැති ස්කිනි වැනි විලාසිතාවන් වෙත යොමුවනු දක්නට ඇත. පච්චාකාරියක් නම් කලවා , ලැම , , ,උරහිස ,මලවිකරලිය ආදිය පෙනෙන්නට දුහුල් ඇදුම් අදින්නීය. ඈත අතීතයේ දී පච්චා කොටන්නට යොමු වූයේ වැල්ලේ මිනිසුන් හා ගමේ නගරයේ චණ්ඩින් මැරයන් හයිරන්කාරයන් ගණන්කාරයන් බව අපි දනිමු. හුංගම නයා කොටුවේ අලියා බීලිං බේලි වීදියේ බඹරා ගාල්ලේ පිඹුරා වැනි අය සමාජයේ දැන හැදින ගත්තේ උප්පැන්නයේ තිබූ නමට වඩා සිරුරේ තිබූ පච්චයේ වූ සත්ත්වයාගෙන්ය.

ටැටූ සංස්කෘතිය ලංකාවට ඉතාමත් අලංකාරයි. එය අපේ රටේ හරියටම මෑතකදී නොවුවත් පච්ච කෙටීම දැන් ඉතිරිව ඇති තැනට නැඹුරුව සිටී. ටැටූස් යනු ශරීිරයේ සංයුතියට අනුව තීන්ත හා වර්ණක ඇතුලත් කිරීමයි. පුරාණ ශිෂ්ටාචාරයන් විසින් අවුරුදු දහස් ගණනක් පුරා මෙය සිදු කරනු ලැබුහ.
අතීතයේ ලාංකික ජනයාට ටැටූ පිලිබද මිශ්ර හැගීම් ඇති වූහ ඔවුන් බොහෝ විට අපරාධකරුවන් සහ මංකොල්ලකරුවන් සමග සංඝටිත වූ අතර එය ඔවුන් කරදරයේ සංඥාවක් බව රූපයන් නිර්මාණයට පෙළඹුනි. නමුත් පසුගිය දශකය තුල මිනිසුන් ටැටූස් ගසා ගැනීමේ අදහසට වැඩි වශයෙන් යොමු ව ඇත. වත්මනේ දී ටැටුස් ඔබේම ආකෘතියක් බවට පත් ව හමාරය. ඔබගේ සිරුර කැන්වසයක් ව හමාරය. මෑත කාලීන පච්චා නිර්මාණකරුවන් තමාගේම පෞරුෂයන් බිහි කර ගන්නට උත්සහ දරමින් සිටියි. එසේම ලාංකික ටැටූ කලා ශීල්පීන් දේශීය සංචාරක කර්මාන්තය තුල විනිමය ඉපයීමෙහි ඉහල තීරුව සකස් කල අතර මේ සදහා සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගැනීමට සමත්ව ඇත.විඳින්නට අැති කලාවක් වන ටැටු විඳවීමකින් අැරඹීම ද කටුක කලාවක රසය සෙවීමක් ම ය.


හංවඩු ගැහිල්ල හෙවත් පච්ච කලාව 1

පච්ච කෙටීමත් හංවඩු ගැහිල්ලත්  දෙක ම අපේ සංස්කෘතියේ බොහෝ දුර ඈත අතීතයේ පටන් පැවත ගෙන එන දෙයකි. රාජ්‍ය බලය සහ බුදු සසුන දැඩි සන්ධානයකට ගොස් සිටි තවත් එක්තරා අවිචාර සමයක මහාවිහාරයේ අදහස් වලට විපක්ෂ මතිමතාන්තර හෙවත්  වෛතුල්‍යවාදී අදහස් දැරූ භික්ෂූන් පිරිසකගේ සිවුරු අරවා පිටේ හංවඩු ගසා පිටුවහල් කල සිදුවීමක් පිළිබද සදහන් වෙයි. මේ හංවඩු ගැහිල්ල සිදු කලේ මෙම පිරිසට නැවතත් ආපසු එන්නට බැරි වන්නටත් ජීවිතාන්තය දක්වා වූ දඩුවමක් ලෙසටත් ය. 


දෙවන ලෝක යුද සමයේ යුදෙවිවන්ට එරෙහිව නාසි මර්දන හා සංහාරය තුල විවිධ වර්ග වල හංවඩු ගැසීම් භාවිතා වූහ. එකල  අවුශ්විට්ස් වැනි කදවුරු වල රැදවියන් මිනිසත් බව අවම පෙන්වීමක් සදහා යොදා ගනු ලැබුයේ හංවඩු ගැසුවේ අංකයක් ය. අපේ පැරැන්නෝ ගව මහීසාදීන්ගේ අයිතිය තහවුරු කරන්නට වූයේ ඒ ඒ සත්ත්වයාගේ පිටේ හංවඩු ගැසීමෙන් ය.


හංවඩු ගැසීම බලවත් පාර්ශවයක් සිය බලයට යටත් පිරිස් හදුනා ගන්න මෙන්ම බැහැර කරන්නට හා අවමන් කරන්නට එසේත් නැතිනම් පාලනය කරන්නට යොදාගත් ආකාරයක් බවත් අනිත් අතට පච්ච කෙටිල්ල කැමැත්තෙන් සිය සිරුරට එකතු කරගන්නා අලංකාරයක් විභූෂනයක් බවත් ඒ පද දෙකේ භාවිතයෙන් දැන් තහවුරුව ඇත.  සමකාලීන සිංහල බසට එකතු වී ඇති අලුත් පදයක් වන ටැටූ එක මීට වඩා නාගරික සමකාලීන පොප් වැඩ ගණනාවක් ඇගවුම් කරනු ලබන්නකි.  මේ ටැටූ සංස්කෘතිය ඇතුලේ පච්චයේ පන්ති පදනම බලපුලුවන්කාරකම පවා වෙනස්ව ඒක මහා ධාරාවකට ආගමනය ව ඇත.



තායිලන්තයේ හා ඇතැම් අග්නි දිග ආසියාතික රටවල් වලත් බොදු භික්ෂූන් වහන්සේලාගේ සිරුරු පුරා බොදු පච්ච තිබෙනු දක්නට ඇති අතර තායිලන්තයේ ඇතැම් බොදු නිකායක භික්ෂූන් ඉතා බැරෑරුම් ආගමික වතාවක් ලෙස සක්යන්ත් නැමති පච්ච කෙටීමේ චාරිත්රය කරනු ලබයි. භික්ෂුවක් ලවා මේ වර්ගයේ පච්චා කොටා ගැනීම මහත්ඵල ලබා දෙන්නක් බව ඇතැම් බොදු සමාජ වල විශ්වාසයක්ව ඇත.



බුදුන්ලේ සංස්කෘතිය සහ විවිධ සංස්කෘතීන්ට සහ ඓතිහාසික අවධීන්ට  අනුව බුද්ධ රූපයට දක්වන ප්රතිචාරය සහ ඒවායේ අරුත් වෙනස් වන බව අමුතුවෙන් තර්ක කොට පෙන්වා දිය යුත්තක් නොවෙයි. පැරණි බුදු සමයට අයත් සේ සැලකෙන ලියවිලි පරීක්ෂා කරන අයෙකුට බුද්ධ රූප වන්දනාව බුදුන් අනුදැන වදාල දෙයක් නොවන බවද තර්ක කරන්නට හැකිය. බොදු අවකාශයක අනසක සලකුනු කරන්න බුදුරුව යොදා ගනී. පසුකාලීනව බුදුරුවද ටැටූ කලාව තුලට පැමිණියහ.


18 වන ශතවර්ෂයේ ටාටෝ හෝ ටැටෝ යන වචනය යන අර්ථය වන්නේ ලියන්න යන්නයි ඔක්ස්පර්ඩ් ඉංග්රිසි ශබ්දකෝෂයේ ටෝටෝ යන අන්වර්ථ නාමයෙන් 18 වන සියවසේ ටෝටෝවා පයිනසු ටැටෝ පොලිනීසියානු ටාටු මාර්ක්සන් ටැටූහි දක්වයි. ටෝටෝ යන වචනය යුරෝපයට සහ නවසීලන්තයට ගෙන එන්නේ 1976 දී ටහිටී ය. මුහුදේ සැරිසැරීම තුල ඔහු ටැටෝ නැමති මෙහෙයුමක් ගැන සදහන් කරයි.