පිනි සුසුම්

ඉඩෝරයට බිම වියලුණ
ඉරි තැලෙමින් මෙහි විසිරුණ
සිත'ග වෙතට නිති විසිවුණ
සීතල පිණි බිදුවක් වුණ

මහ පොළවට වැසි වැසුණට
අැළ දොළ සමුදුරු පිරුණට
ඉඩෝර බිම වියලුණාට
සරුවෙයි පිණි නිති වැටුණම

කඩතොලු වූ බිම මතුපිට
පිණි සීතෙට මටසිලුටට
අැතිරෙන්නට හිමි වරමට
වියලුණු බිම සැනසෙති හෙට

_කුරුළු_
N.D.I.J

Japanise wife



සකුරා මල් පිපෙන කලට
පෙනෙයිද හසුනෙහි ලියුවට
ලියු හසුනෙහි බැදි සෙනෙහෙට
පිටු පෑවේ නැත කිසිවිට

නොදැක හසුන් පත් සමගින්
දෙසිතක් බැදුනිය රහසින්
දෙසිතම නොසිතුව අයුරින්
නූුුල සිදින සරුංගලෙන්

සරුංගලය නූල තදට
දුර යන්නෙ සිදු වුනාට
නූල කැඩී ගිය විටදිම
මියාගි පැමිණෙයි හනිකට

ෂෙමොයිගෙ මලගම සිරකොට
හඩා වැටුණ සකුරා මල
ෂෙමොයි නමින් හැමදාමත්
රකිත් වු නිකැළැල් පතිවත

NDIJ
 -කුරුළු-
2017.08.22

නො (වෙනස)

නො(වෙනස)

නොසිත සිත.. සිත සිතා වැලපෙන
කියන බස්..සිත සිතා ලතවෙන
සිතක තතු...තතු කියාගෙන එන
කවිය හිදිනෙමි අසරණම මගෙ ලඟ

විටෙක ලඟ රැඳි හුදකලාවම
සොයා අැවිදින් අාලයේ කැටයම
සිදුරු ඔපමට්ටමින් හදවත
මැවූ අැම්බැකි කැටයමකි අද

මවන්නට කැටයමක් නිසි ලෙස
කලක් යයි සැම අතින් පිරිපුන
කලක් යයි සැම නිමක් වන්නට
රූ රටාවන් කැපි පෙනෙන්නට
.......ජනානී........
2017.09.26

මගේ ලෝකය

 තාත්තේ....

වාරු දී  ළඟින් ඉඳ
පෑදු මග තවත් යමි..
අාව මග මම සමග
හදවතින් සැරිසරමි..
පාට නෙක කලවමින්
තවම සිතුවම් අදිමි..
කටුව අැද නිම නොකල
ජීවිතය තවමත් අඳිමි..

කියාදුන් කලාවන්
නැහැ කිසිම මුසාවන්
පාට කල රටාවන්
මවයි පිය සෙනෙහසෙ කලාවන්...

අාව මග හදවතින් මගෙ ළඟ පියමැන්න
හැමදාම දුව නොවී පුතෙකු වී ළඟ ඉන්න
හදවතින් අමතද්දී දුරක බැහැ මට ඉන්න
ලබන හැම අාත්මයකම මගෙ තාත්තා වෙන්න

නො කෙලවර

කියන්නට බැරි
ලියන්නට හැකි
කටුක වදනකි
ජීවිතේ ....
විදින්නට බැරි
විඳවන්න හැකි
කටුක හීනෙකි
ජීවිතේ.....
දරන්නට බැරි
පෙලන්නට හැකි
කටුක සසරයි
ජීවිතේ....
මිදෙන්නට බැරි
මුදන්නට හැකි
කටුක මගකිය
ජීවිතේ.....

සකපෝරුව

කේඩෑරි දෙපයට
හෙමි හෙමින් යට වෙමින්
අැඟිලි කරු මැදින් පැන
පොඩි වෙනා මැටි කට්ට
රොඩුත් හැර කැටත් හැර
මටසිලිටි සියුම් බව
ගෙනෙයි අරුමයක් ලෙස
නුඹ නටන වට රවුම..

හිතේ ගිනියම් දුකට
බඹර මාලක්කම් ද
මුසු කරන් නුඹ නටත්
නැටුම මැටි පෝරුවක
අැස'ඟ කඳුලක් නිසා
බඩගිනි සිව් කුස් අරා
නිවන්නට නුඹ සිතා
කැරකුනිද මැටි කකා..

එන්.ඩී.ඉෂංකා ජනානී

නෙලා පන්..

පන් නෙලා හැමදාම
රැදෙව් දහඩිය සුවඳ
විහිදුවා නෙක රෑම
සැරසුවා නිදි යහන

අැඳි නේක රටාවේ
දුක උරුම කලාවේ
පන් පැදුරු තලාවේ
ගතු කවුරු කියාවේ

දහඩියෙන් පාට කල
සමසිතින් වියපු කල
තඹයකට මායිම්ව ගිය
මැවුම්කාර දෑගිලි කොහිද

දෙනෙත් නිදි ගේනා
හිත තවම නොනිදා
මවයි පන් රූ රටා
කුසගින්න හින්දා