රෑ අහසේ සඳ නැගිලා...ශෘංගාරාත්මක රසාස්වාදය


රෑ අහසේ සඳ නැගිලා ඔබ පහසේ මා හද බැඳිලා
සඳ සිසිලයි තරු එළියයි
දෙතොල හැඩයි
උණුසුමට නටයි

කෝල පිනිපොදේ පෑයු සඳවතේ නීල නෙතු යුගත් යාවේ
මාගේ ආදරේ වාගේ සාගරේ ඊට මායිමක් නෑනේ
රෑ අහසේ සඳ නැගිලා...

මී බිඳු විසිරේ නිල්මිණි නෙතු  සඟලේ   දැල්වේ
සීතල කොපුලේ තාලෙට පිනි ඇතිරේ  මල් සේ

වින්ද ආදරේ සේනා රන්දු ජීවිතේ මායා නුරා ගිනි තොල් දිලිසේ
සහන් සිසිලේ ඔබේ උකුලේ  සිනා ඉතිරේ
රෑ අහසේ සඳ නැගිලා...

සෝ ගී විරලයි පෙම් ගී වැල් මිමිණේ  මහදේ
රන් පැහැ ලමැදයි එහි අම සුව ඉතිරේ සුවදේ
එන්න යන්න අද මා හා දිව්‍ය දෙව්දුවක් වීලා රිදී වලා අතරේ
පහන් එළියේ ඔබේ තුරුලේ නුරා විසිරේ

  පද රචනය : සම්පත් ප‍්‍රනාන්දුපුල්ලේ මයා
   ගායනය : සංගීත් විජේසූරිය මයා
             

ආදරය ජීවිතය කියා දෙන්නා වූත්  ජීවිතය ආදරය සොයා යන්නා වූත් මෙලොව පවතින  අපූර්ව බැඳීමක් වන මෙම මානව සබැඳියාවන් ද්විත්වයම කොතරම් සමීප ද යත් ගසට පොත්ත සේම අවියෝජනීය බැඳිමකින් සබැඳී පවතින්නකි. ආාදරය කෙතරම් ජීවිතය කියාදෙන්නක් ද යන්න හෘදයාංගමව දැනෙනුයේ  තම හදවතේ සමීපතම අනෙක් හදවතේ හෘද ස්පන්දනය තමාගේ හදවතේ ගැස්මට සමාන වන සුයාමයක බවත් නුඹත් මමත් තිරසාරයෙන් ම දන්නා කරුණකි. පිවිතුරු සුපෙම්වතුන්ගේ පේ‍්‍රම වෘතාන්තය කෙතරම් සෞන්දර්යාත්මක ද යත් එකී හද සන්තානයන් ගැඹුරින්ම ස්පර්ශ වන යාමය  , මනෝරම්‍ය බැඳීමක් දක්වන කින්නර පේ‍්‍රමයක වතක් වැනිය.පේ‍්‍රමය නම් රාගයෙන් තොර අචින්ත්‍යයක් බව දැක්වුවද පේ‍්‍රමය නම් විටෙක  යෞවන ආදරය මෙන්ම රාගය මතින් රති රස මවන්නක් මැයි මාගේ හැඟීමයි.
  යෞවන ප්‍රේමවන්තයින් යුවලකගේ ආදර අන්දරයක සුපෙම්වත් සුයාමයක් තුල ආදරය කෙතරම් ලයාන්විත ස්වර රටාවන් සමූහයක් දැයි සිතනෙ වාර අනන්තය. ආලය නම් මනස්කාන්ත අලංකාරයෙන් යුත් රාත‍්‍රී ආකාසය නම් ජීවන ගංගාවට රාත‍්‍රියේ පෑයු  පුන්සඳවතිය  සිසිලස නම් ඇයගේ රාගී පේ‍්‍රමාන්විත ස්පර්ශයයි.සඳ එළියක් නොවැටි නොදිලිසි තරු නම් වු පිරිමි සිත වෙලා ගත් රාගී පේ‍්‍රම  හැඟුමන් , සඳ රැසින් තාරකාවන් ආලෝක වන්නා සේම  නුරා සිතිවිලි මතින් ඇගේ පහසින් කුල්මත් කරන්නට වන ඔහුගේ ආශාවන් සඳ එළියෙන් ආලෝකමත් වන්නට උත්සුක තාරකා මෙනි. තම ලබැඳියගේ ස්පර්ශය තම නුරාවන් අවුලූ වන්නට කෙතරම් සමත් දැයි මෙහිදී තීව‍්‍ර වන්නේ සඳ සිසිල නම් ඇගේ පහස මත  ඔහුගේ ශෘංගාරාත්මක පිබිදීම නැතහොත් ලිංගික ආශාවන් තරු , සඳ එළියෙන් දිලිසෙන්නට වෑයම් කරන්නක් මෙන්ය. ඇගේ පහස රූපශ‍්‍රීය වත කමලට නොපරාජිත ඇයගේ අදර යුග්මයන් හි ගැස්මන් මත යෞවන ආදරවන්තයින්ගේ වින්දන ශක්තීන් සමග පොර බදන නුරාව උණුසුම් කරවන්නා වු ඔහුගේ ආශාවන් සපත කරවන්නක් ලෙසින් පෙන්වා දිය හැක.
                        රෑ අහසේ සඳ නැගිලා ඔබ පහසේ මා හද බැඳිලා
                        සඳ සිසිලයි තරු එළියයි
                        දෙතොල හැඩයි
                        උණුසුමට නටයි 
සඳ සිසිල වු ඇගේ පහස හා තරු එළිය නම් පුරුෂ ආශාවන් ඔද වැඩුණු අවස්ථාවක ලබැඳියගේ දෙතොලතර දගකාරකම් කරනුයේ රාත‍්‍රියේ පිණි වැටෙන සීඝ‍්‍රතාවට වඩා වේගයෙන් හා ප‍්‍රමාණයන් පරදවා ය. පිණි නම් වු පිරිමි දෙතොල් ස්පර්ශ මහ පොළව මත පිණි වැටී ඇතිරෙන වේගය පරදවා ඇගේ දෙතොලත ස්පර්ශ රැසක් රඳවා තම අන්ධකාර දිවිය එළි කල සඳවතියගේ නීල නෙතු හා තම නෙත් වලින් ම ඔහු රහසේම ඇය හා යහන්ගතව ඇත.මෙමගින් සන්තර්පණය වනුයේ යෞවන පේ‍්‍රමයක හා නුරාවක ඇති ශෘංගාරාත්මක ආකර්ෂණයයි. එසේම ඇසට අසුවන මායිමක් තුල නෙත් වලින් යහන්ගත වන තරමටම නුරා රසයෙන් තුරුල් වු හුදෙකලාවක වැට කොටු බැඳිය නොහැකි නුරා ගිනි පේ‍්‍රමවන්ත පිරිමි සිතේ වන ලිංගික පිබිදීමක් ඉස්මතු කරයි.

                    මී බිඳු විසිරේ නිල්මිණි නෙතු  සඟලේ   දැල්වේ
                    සීතල කොපුලේ තාලෙට පිනි ඇතිරේ  මල් සේ

         නුරා හැඟුමන් ඉහිරුණු නිල්මිණි නෙත් කාන්තියෙන් දැල්වෙන තරමටම නුරා ගින්නට සැලෙන කොපුල් සීතලෙන් , මල් අතුරන්නාක් මෙන් කොපුල් චුම්භනයන් , හාදු අතුරද්දී සේනාවක් සේම රඳවන ලද ජීවිතය අම රස මෙන්ම නුරාව ඉහිරවයි.
 මෙයින් ව්‍යංගාර්ථවත් වන්නේ යෞවන වයසේ පසුවන ආදරියගේ මෘදු මොළකැටි ස්පර්ශයන් හමුවේ පේ‍්‍රමවන්තයා තුල ඇති වන ලිංගික උත්තේජනයයි.
          සේනාවකින් ජීවිතයේ රැන්දු ආදරය මහත් හැඟුමින් සිතැඟියාවන් වූ වැට කඩුලු බිඳී පීදෙන්නේ ආදරයේ නුරාවන් වූ මල් කැකුළු සේය. නුරා රස කලතන ප‍්‍රියාවගේ පුලුළුකුලේ හිඳ විඳි පේ‍්‍රමනීය වූ පහසින් ලැබු සිනාවන් ය. එනම් තමාගේ නුරා හැඟුමන් සමග ඇගේ පහස සහන් එළිය මැද මේකුළු ආදරයෙන් ආකාසය නම් උකුල් තලයේ පටලැවී යන්නා සේ  කැටිව උපන් සරාගී යොවුන් ආදරයේ උච්චතම පේ‍්‍රමාන්විත විඳීම නම් ශෘංගාරයයි. මෙකී ශෘංගාරය වූ කලී ලිංගිකත්වයට යෞවන පේ‍්‍රමයේ දී ඇති ආනන්දනීය ආකර්ෂණයයි. බොහෝ විට ලිංගිකත්වයෙන් තොරව රාගී අනුරාගී හැඟුමන් නූපදිති. මන්ද ශෘංගාර රසය මව් කොට රතිය වූ භාවය උපදින බැවිනි. සෝ ගීයක් වූ පාලු ජීවිය පෙම් ගීයක් ලියවුනාක් මෙන් දක්වනුයේ තනිකඩව විඳි නුරා ආශාවන් එක්ව විඳීමට ලැබූ අවස්ථාව නිරූපණය කරන්නක් මෙන්ය.රමනීය හැඟුමන් පීදී ලබැඳියගේ පහස කෙරෙහි දක්වන ආශක්ත භාවය මෙහිදී උද්දීපනය වන්නේ ඇගේ පහසේ දී තම රාගී සරාගී නුරා වූ ආශාවන් ටිකෙන් ටික සාක්ෂාත් වෙද්දීය.

 ස්ත‍්‍රියකගේ ශරීරාංග අතර පුරුෂයින්ගේ ආකර්ෂණයට ලක් වන්නේ ළැම හසුන් ය. එසේම කාන්තාවකගේ ආකර්ෂණීය පෙනුම සපත කරවන මෙකී අංගය ලිංගිකත්වය කෙරෙහි දැඩිව බලපෑමක් ඇති කරවන්නකි. රන් පැහැයෙන් යුක්ත වූ ළැම හසුන් වල රසස්පර්ශය සිත ග ශෘංගාරය උපදවයි. මෙලොව ඇති මියුරු වූ රස අතර උච්චතම රසය වූ අමෘත හෙවත් අම රසය ද පරදවන ළැම පහසින් ලබන රස , රස නිෂ්පත්තියකින් යුක්තව නුරා රසයේ දිව්‍ය සැප සොයා යන්නට මං තැනූවකි. පේ‍්‍රමවන්තයින්ගේ ප්‍රේමයේ සරාගී ලිංගිකත්වය ඇතිකරවන මෙකී අවස්ථාව එතැනින් නොනැවතී නුරාවෙහි දිව්‍ය සැප සොයා යන්නට ප්‍රේමවන්තියට ඇරයුම් කරයි. දිව්‍ය සැප ලෙස මෙහිදී අදහස් කරනුයේ ලිංගිකත්වය නැතහොත් නුරාවයි.
                      එන්න යන්න අද මා හා දිව්‍ය දෙව්දුවක් වීලා රිදී වලා අතරේ
                      පහන් එළියේ ඔබේ තුරුලේ නුරා විසිරේ


අන්ධකාරය තුල පහන් එළි මැවූ ලබැඳියගේ හංස පිළාවන්ගෙන් සැරසුනු ළමැද යහන් ගැබහෙි මගේ නොහික්මුණු කෝඩුකාර දඟකාරකම් මැදින් හැඟුමන් කැලඹුණු ආශක්තභාවය පේ‍්‍රමයේ කිරුළු පලන් ජීවිත ගමන්මගහෙි නවමු පරිඡේදයක් ගොඩ නැංවීමට මුල් ගලක් වූ බව මෙහිදී ප‍්‍රකාශ කරයි.

 ආදරයේ සංස්කෘතික බැඳීම විවාහය වූ කල්හි මෙකී නුරා රසාත්මක වෘතාන්තය දිව ගොස් ඇත්තේ විවාහ ප‍්‍රාප්ත වුවත් තවමත් පේ‍්‍රමවන්ත සිතිවිලි දරන ස්වාමියාගේත් භාර්යාවකගේත් කුළුදුල් එක්වීමක් වන අවස්ථාවක් බව මාගේ හැඟීමයිපේ‍්‍රමයක ගමන් මග විවාහයෙන් උසස් වුවද බොහෝ කලක් යනතෙක් එකී පේ‍්‍රමයේ මුල් ස්වභාවය කාලයේ වපසරියක් කොටු කර ගනීඒ හා බැඳි ශෘංගාරය හෙවත් ලිංගිකත්වය මෙහිදී නිරූපණය වන අන්දම ඉතාමත් ආකර්ෂණීය වන බව නොරහසක් ම වන බවත් මෙයින් තීව‍්‍ර කරගත හැකිය.

මෙම ගීතය පුරාවටම පද වැල් අමුණා ඇත්තේ මුලින්ම ලැබී ඇති ගී තනුව අරඹයා වන හෙයින් මෙහි තනු නිර්මාණ අයිතිය හිමි රවීන් රාම්ජී වන ඉන්දීය තනු නිර්මාණ රචකයා ශෘංගාර රසයෙහිම ස්වර පිහිටුවා ඇති බවක් දක්නට ලැබෙයි. මෙහි වන ශෘංගාරාත්මක වූ තනුව ලාංකීය සංගීතයට ගී තනු රචනාවක් ලෙසින් කලඑළි බස්වන්නට යොමු වන්නේ සම්පත් ප‍්‍රනාන්දුපුල්ලේ වන ලාංකීය ගීත කලාවට පුරා දශකයකටත් වඩා ගී පද ඇමුණූ දක්ෂ ගී තනු නිර්මාපකයා ය. මොහු විසින් රචනය කළ මෙකී ගීතය පුරාවටම මෙහි දී ප‍්‍රකට කරවන්නේ පේ‍්‍රමවන්තයින් යුවලකගේ පේ‍්‍රමයක මිහිරියාවයි. සරල සුගම බස් වහරක් උපයුක්ත කොට ගනිමින් මනා කොට රස ජනනය වන පරිද්දෙන් රචනයට පණ පොවන්නට සමත්ව ඇත්තේ රචකයාගේ හැඟීම යුහුසුළු ලෙස කියා පෑමේ අරමුණෙන් වුවද රසවින්දනයේ දී ඒ හා එහා මායිමක් ස්පර්ෂ කරන්නට එකී භාෂාව තුල පැවැති ව්‍යංගාර්ථය ඉතාමත් ගැඹුරු බව පසක් විය.
 එකී ගීතය ස්වර මුස කරමින් ශෘංගාරාත්මක රසය එක් කරනුයේ සංගීත් විජේසූරිය නම් ප‍්‍රවීණ ගායක ශිල්පියා විසින් ය.


සංගීතය තුලින් මෙන්ම ගී තනු ඇසුරෙන්ද ඔප් නැංවනෙ එකී ගීතයේ ශෘංගාරය මනා කොට ඉස්මතු කරවන්නට ගායනයේ ඇති මියුරු හඬින් ලබන පන්නරය මෙහි දී ප‍්‍රබල ශෘංගාරයක් උපද්දවන්නක් බව කිව යුතුය. ගීතයෙන් වඩාත් අර්ථ ගැන්වෙන යෞවන පේ‍්‍රමයක් වුවද මෙහි ඇතුළත් වන වෘතාන්තය ඊට එහා මායිමක සිට ශෘංගාරාත්මක බව හා ලිංගිකත්වයේ තවත් එක් හරස්කඩක් බව මෙහි දී ගම්‍යමාන වෙයි. ගායකයාගේ හඬ පෞරුෂයේ පවත්නා නම්‍යශීලී බව ගීතයේ ලයාන්විත ශෘංගාර ජනනයට මහත් සේ පන්නරයක් ලබා දෙයිමෙකී ගීතයේ පවත්නා ලිංගිකත්ව ඉස්මතු වන අවස්ථාවන් හි ඒ හා සාධරණ ලෙස හඬෙහි ලයාන්විත හැගීම්බර භාවය ගීතය පුරා ඉස්මතු කරවන නුරා රසයේ වෙනමම පැතිකඩක් සම්භෝගයේ යොදවන්නාක් සේ දැනෙයි. එබැවින් මෙකී ගීතය මනා කොට ලිංගිකත්වය ඉස්මතු කරවන්නා වු නිර්මාණයක් බව මෙහිදී ගම්‍යමාන වේ.

ඉෂංකා ජනානී

අැදුරුතුමියයි....සුරේන්ද්රා

තාලයට පා යුග පුරන්නට..
දෑත් තාලයකින් සලන්නට..
මුල් ගලක් වු මගේ නැටුමට..
කුමරතුඟුවේ නටරැජින නුඹ..

කිසිත් නැති කල පිට්ටනිය මත
නුඹෙ ශිල්පය දහදියෙන් දියකොට..
පුරවලන්නට අපේ යහගුණ..
නැහුණ මතකය මතක කාටද..

කලට අකලට පිපෙන ඉඳ ලොලු..
හරස් වුවමුත් නුඹේ යහමග..
කෙතෙක් අාවත් මුසිලන් තව..
කුමරතුඟු ගුත්තිලාවිය නුඹ..

සුවහස් මල් පිපෙයි සිතු බිම..
මල්වරා ලිය මල් පිබිද වු..
ලොව දිනන්නට මං පෙන්වු එ්.
නුඹයි අපෙ අම්මා...

මල්වර සඳ

මල්වර සඳ....

අමාවකට මල්වර වුන
අඩ සඳ අද ගෙට වුනාට
හතර පෝය දින ගතකොට
පිරුණු සඳක් අහස ගැබට...

තරු වට කර පාලු මකා
අහස් දියෙන් සඳ නහවා
පිරුන සඳක් අහස පුරා
මල්වර නැකතින්  වඩිනා...

පුර පසළොස්වක ලෙසිනා
මල්වර සඳ අහස පුරා
ලොවක නෙතග බැලුම් හෙලා
බැබලෙන් මැසිවිලි ඉවසා...

එන් . ඩී .අයි . ජනානී
.....කුරුළු.......
2017.08.

පිනි සුසුම්

ඉඩෝරයට බිම වියලුණ
ඉරි තැලෙමින් මෙහි විසිරුණ
සිත'ග වෙතට නිති විසිවුණ
සීතල පිණි බිදුවක් වුණ

මහ පොළවට වැසි වැසුණට
අැළ දොළ සමුදුරු පිරුණට
ඉඩෝර බිම වියලුණාට
සරුවෙයි පිණි නිති වැටුණම

කඩතොලු වූ බිම මතුපිට
පිණි සීතෙට මටසිලුටට
අැතිරෙන්නට හිමි වරමට
වියලුණු බිම සැනසෙති හෙට

_කුරුළු_
N.D.I.J

Japanise wife



සකුරා මල් පිපෙන කලට
පෙනෙයිද හසුනෙහි ලියුවට
ලියු හසුනෙහි බැදි සෙනෙහෙට
පිටු පෑවේ නැත කිසිවිට

නොදැක හසුන් පත් සමගින්
දෙසිතක් බැදුනිය රහසින්
දෙසිතම නොසිතුව අයුරින්
නූුුල සිදින සරුංගලෙන්

සරුංගලය නූල තදට
දුර යන්නෙ සිදු වුනාට
නූල කැඩී ගිය විටදිම
මියාගි පැමිණෙයි හනිකට

ෂෙමොයිගෙ මලගම සිරකොට
හඩා වැටුණ සකුරා මල
ෂෙමොයි නමින් හැමදාමත්
රකිත් වු නිකැළැල් පතිවත

NDIJ
 -කුරුළු-
2017.08.22

නො (වෙනස)

නො(වෙනස)

නොසිත සිත.. සිත සිතා වැලපෙන
කියන බස්..සිත සිතා ලතවෙන
සිතක තතු...තතු කියාගෙන එන
කවිය හිදිනෙමි අසරණම මගෙ ලඟ

විටෙක ලඟ රැඳි හුදකලාවම
සොයා අැවිදින් අාලයේ කැටයම
සිදුරු ඔපමට්ටමින් හදවත
මැවූ අැම්බැකි කැටයමකි අද

මවන්නට කැටයමක් නිසි ලෙස
කලක් යයි සැම අතින් පිරිපුන
කලක් යයි සැම නිමක් වන්නට
රූ රටාවන් කැපි පෙනෙන්නට
.......ජනානී........
2017.09.26

මගේ ලෝකය

 තාත්තේ....

වාරු දී  ළඟින් ඉඳ
පෑදු මග තවත් යමි..
අාව මග මම සමග
හදවතින් සැරිසරමි..
පාට නෙක කලවමින්
තවම සිතුවම් අදිමි..
කටුව අැද නිම නොකල
ජීවිතය තවමත් අඳිමි..

කියාදුන් කලාවන්
නැහැ කිසිම මුසාවන්
පාට කල රටාවන්
මවයි පිය සෙනෙහසෙ කලාවන්...

අාව මග හදවතින් මගෙ ළඟ පියමැන්න
හැමදාම දුව නොවී පුතෙකු වී ළඟ ඉන්න
හදවතින් අමතද්දී දුරක බැහැ මට ඉන්න
ලබන හැම අාත්මයකම මගෙ තාත්තා වෙන්න

නො කෙලවර

කියන්නට බැරි
ලියන්නට හැකි
කටුක වදනකි
ජීවිතේ ....
විදින්නට බැරි
විඳවන්න හැකි
කටුක හීනෙකි
ජීවිතේ.....
දරන්නට බැරි
පෙලන්නට හැකි
කටුක සසරයි
ජීවිතේ....
මිදෙන්නට බැරි
මුදන්නට හැකි
කටුක මගකිය
ජීවිතේ.....

සකපෝරුව

කේඩෑරි දෙපයට
හෙමි හෙමින් යට වෙමින්
අැඟිලි කරු මැදින් පැන
පොඩි වෙනා මැටි කට්ට
රොඩුත් හැර කැටත් හැර
මටසිලිටි සියුම් බව
ගෙනෙයි අරුමයක් ලෙස
නුඹ නටන වට රවුම..

හිතේ ගිනියම් දුකට
බඹර මාලක්කම් ද
මුසු කරන් නුඹ නටත්
නැටුම මැටි පෝරුවක
අැස'ඟ කඳුලක් නිසා
බඩගිනි සිව් කුස් අරා
නිවන්නට නුඹ සිතා
කැරකුනිද මැටි කකා..

එන්.ඩී.ඉෂංකා ජනානී

නෙලා පන්..

පන් නෙලා හැමදාම
රැදෙව් දහඩිය සුවඳ
විහිදුවා නෙක රෑම
සැරසුවා නිදි යහන

අැඳි නේක රටාවේ
දුක උරුම කලාවේ
පන් පැදුරු තලාවේ
ගතු කවුරු කියාවේ

දහඩියෙන් පාට කල
සමසිතින් වියපු කල
තඹයකට මායිම්ව ගිය
මැවුම්කාර දෑගිලි කොහිද

දෙනෙත් නිදි ගේනා
හිත තවම නොනිදා
මවයි පන් රූ රටා
කුසගින්න හින්දා