නිදහස කොහිද මට....

හිතට විඩාබර මගෙම සිතිවිලි
මගෙම හීන ලඟ
සලත් කඳුලැලි...
කෙසේ නම් වටහෙයිද මට
දිවියෙ බර දියඹ සේ
නගත් සයුරැලි සේම අපහැදිලි...
කටුක රසමැයි නොසිතුමුත්
බලත් එ් රස නොනගා මැසිවිලි..
කියාගන්නට බැරිව ලතවෙන
ලියත් පදවැල් සෙවණැලි...
එන්.ඩී.ඉෂංකා ජනානී

No comments: